Creepy pasta 001

ඇය අපි හැමෝම දාලා මේ ලෝකෙන් ගිහින් අදට දවස් දෙකයි...ගිහින් නෙවේ බලෙන්ම යවලා....අවසානයේදි ඒ මාගේ ප්‍රිය බිරිඳගේ මිනිමරුවන් දෙදෙනා මගේ ඉඳිරියෙම..බලාපොරොත්තු ගොන්නක් එක්ක ආශාවල් දහසක් එක්ක අනාගතය ගැන හීන දැක්ක ඇගේ මිනීමරුවන් දෙදෙනා මගේ ඉස්සරහා...ඔව් මේක තමා හොඳම වෙලාව, මේක තමා හොඳම වෙලාව මගේ බිරිඳ මරණයේ පලිය ගන්න....මුන් නම් මහ පුදුම තිරිසන්නු දෙදෙනෙක්....පිහිය තුඩ ඔවුන් දෙසට හරවනකොටත්  දෑත් ඔසවමින් හිනාවෙන්න තරම්..මුන් තිරිසන්නු...මුන් මේකෙනුත් විනෝද වෙන තිරිසන්නු....මේක තමා හොඳම  වෙලාව මේ  අපරාධකාරයෝ දෙන්නවම පර ලෝකෙට යවන්න....දෙවියන් වහන්සේ මුන් දෙන්නට  සාධාරණය ඉෂඨ කරාවී...
මාගේ පිහිතුඩින් උන් දෙන්නාගෙ සිරුර කෑබලි වලට කැපී  ඉරී යද්දිත් මුන් වචනයක් නොකි එක මගේ කෝපය දෙගුණ තෙගුණ කරා ..ඔවුන් එක්වරක් ඔව්....එක් වරක් මගෙන් සමාව අයද සිටියානම් මගේ තීරණය සමහරවිට වෙනස් වෙන්න තිබ්බා...ඒත් උන්ට වයස තාම දවස් දෙකයි...තාම වයස දවස් දෙකයි...උන් කොහොම මගෙන් සමාව ගන්නද!

#බැටා

Comments

Popular Posts