ලංකාවේ ගොසිප් සයිට් වල හෙඩ්ලයින් සහ ගිහින් බැලුවාම තියෙන ඒවා...


කෝටිපති ව්‍යාපාරික පුතාගේ සුඛෝපභෝගි නිවසේ බැල්කනියේ තිබුණු දෙයින්, තාත්තාට තරු පෙනේ....
බලද්දි තිබ්බේ දුරේක්ශයක්
එංගලන්තයෙන් ලංකාවට ආපු වෙරෝනිකා ලීක් කරගනි...අයින් කරන්න කලින් බලන්න
බලද්දි මුහුද මැදදි නැවක තෙල් ලීක් වෙලා..
දෙනෝ දහක් ඉදිරියේ පාසල් සිසුවෝ කිහිප දෙනෙක් වයසක ආච්චිට කරපු දේ බලන්න...වයසේ හැටියටද මුන්ගේ වැඩ..
බලද්දී කොල්ලො සෙට් එකක් වයසක ආච්චි කෙනෙක්ව පාර පන්නලා
උසස් පෙල tution පන්තියක සිසුවියක් ,ළමයි ඔක්කොම ඉස්සරහා කරපු දේ....මුන්ට ලැජ්ජ නැද්ද මන්දා..
බලද්දී කෙල්ලෙක් ක්ලාස් එකේ සිංදු කියලා..
ප්‍රසිද්ධ නිලි උමා රූපවාහිනි නාලිකාවක සජීවී වැඩසටහනක රෙදි ගලවගනී..
ගිහින් බලද්දී නිලිය live program එකක ගෙදර ජනෙල් රෙද්දක් ගලවන සීන් එකක්
නරුම බාප්පා සිඟිති දියණියට කරපු අසමජ්ජාති වැඩේ..
ගිහින් බලනකොට ඩෑල් එකක් පොඩි කෙල්ලෙක්ව දොර පිටිපස්සක ඉඳන් කෑගහන් ඇඟට පැනලා බය කරලා..
නුවරඑළියේ පුංචි මල් කැකුලට කරපු අහස පොළොව නුහුලන අපරාධය බලන්න...සංවේදි අය බලන්න එපා..
ගිහින් බලද්දී රෝස මල් පොහොට්ටුවක් දළඹුවෙක් කාලා...
#බැටා

Comments

Popular Posts