Box හීන
පසුගියදා පැවැත්වුන A/L GCE 1st එක පැය 1 1/2 ඇතුලත වගේ ඉවර උනා....ඊට පස්සෙ පුතේ ලස්සනට චූටි ඇලට් එකක් දාන්න සෙට් උනා කොහොම හරි එලකිරි වගේ සීහිනයක් දැක්කා...සිහිනේ කොච්චර ලල්බරද කියනවානම්.ඩෙස් එකත් චූට්ටක් ඉස්සරහට ගිහින්...හීනෙ අතර මැද්දේන් එකපාර ශාලාධිපති නෝනා ඇවිත් මාව හොල්ලලා කරලා නැගිට්ටුවා...එත්කොට තව විනාඩි 30ක් වගේ ඊට පස්සෙ කම්මැලි නිසා ඉතිරි කරපු දෙවෙනි සමරියත් ලියලා ඉවර කරලා....කටු කොලයක් අරන් දැකපු හීනේ ලියන්න උත්සහ කරා.. එතකොට මේක ලියවුනේ ඇහ්...(උඩ ටික දැම්මේ කඩ්ඩ පේපරේ ලිව්වා කියලා දාලා නොලියපු උන්ව මානසිකව වට්ටන්න...කොහොම උනත් මට කවි ලියන්න බෑ...එලිසම එලිවැට වල් ඌරො කඩලා...හීනේ ආතල් එක වැඩිකමට ඔය ටික ඔහොම ලියවුනේ..
Box හීන
කලකට පස්සෙ ඉඩ පහසුව ලද්ද
නිසදෝ ගැහිලා වගෙ අපි උන්තැනෙහිම ඉද්ද
එලිය මැකෙන කන් වත් ඉමු නිස්සද්ද
ඒත් දෙපසින් ඇහෙයි හුස්ම වෙනස් වෙන සද්ද
නිසදෝ ගැහිලා වගෙ අපි උන්තැනෙහිම ඉද්ද
එලිය මැකෙන කන් වත් ඉමු නිස්සද්ද
ඒත් දෙපසින් ඇහෙයි හුස්ම වෙනස් වෙන සද්ද
බාධාවකට ඇත්තේ මේ පුටු ඇන්ද
එයතිබුනත් අපි වෙන්කර හරි මැද්ද
කොනේම රැඳි ඇයි ගන්නෙම හිත රිද්ද
උඹට මගෙ උණුසුම ඕනේ නැද්ද?
එයතිබුනත් අපි වෙන්කර හරි මැද්ද
කොනේම රැඳි ඇයි ගන්නෙම හිත රිද්ද
උඹට මගෙ උණුසුම ඕනේ නැද්ද?
සැනෙකින් මුවතෙපොල් යාවුන හින්ද
හිරියක් යනවා වගේ දැනුනා මගේ කොන්ද
මීදුම් වැනි සලු මැත් කර පාදා ගෙන කන්ද
සුදූ බෝලෙ වෙනලෝකෙට දැන් යනද
හිරියක් යනවා වගේ දැනුනා මගේ කොන්ද
මීදුම් වැනි සලු මැත් කර පාදා ගෙන කන්ද
සුදූ බෝලෙ වෙනලෝකෙට දැන් යනද
ඉන්ටවල් හඟවන බෙල් එක උනි නාද
වටපිට දෙසින් එයි බෙල්ට් කලිසම් වල සද්ද
දණතියා ඉඳලා හිරිවැටිලා මගෙ කොන්ද
ඊටවඩා රිදෙයි බෙල්ලෙ උඹ තිබු දත් ඇන්ද
වටපිට දෙසින් එයි බෙල්ට් කලිසම් වල සද්ද
දණතියා ඉඳලා හිරිවැටිලා මගෙ කොන්ද
ඊටවඩා රිදෙයි බෙල්ලෙ උඹ තිබු දත් ඇන්ද
දත් ටික වදියි පරීසමින් ඇහ් හොඳද!
මොනාහරි වුනොත් වගකියන්නේ කවුරුන්ද
තුති අපි දෙන්නව එක්කෙරුවට දෙවියන්ට
ලයිට් දැල්වෙන්න කලියෙන් මෙතනින් පැනගමුද???
#බැටා
මොනාහරි වුනොත් වගකියන්නේ කවුරුන්ද
තුති අපි දෙන්නව එක්කෙරුවට දෙවියන්ට
ලයිට් දැල්වෙන්න කලියෙන් මෙතනින් පැනගමුද???
#බැටා
Comments
Post a Comment