කෝච්චි සොමිය

එහා පැත්තේ එකාගේ ඉස්සුන අතට යටින් එන සුමිහිරි සුවඳ මට සැරින් සැරේ විඳින්නය සලස්වන්නදෝ ඌ උගෙ අත සැරින් සැරේ මගේ මූණ අසලින් එහෙටයි මෙහෙටයි රැගෙන යමින් කැපිච්ච පණුවෙකුගේ ලයින් එකක් අල්ලන්න විය..ඒ මොහොතක් මොහොතක් පාසා..."රන් දහඩිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැංදු රැංදු "ගීතය ලියපු එකා ගැන මහ පුදුම අනුකම්පාවක් සහ කේන්තියක් මිශ්‍ර වුන පජාත හැඟීමක් මගේ හිතේ ඇති වුනී..මොකද ඉසුරු සුවඳ කෙසේ වෙතත් පොල්ලෙලි වලක ගඳට සමාන ගඳක් ඌගේ දඩිය වලින් වහනය වෙන්න විය ..සමහර විට ඒ ඉසුරු සුවඳ ලෙස හඳුන්වන්නේ එය විය හැක.
කෙසේ හෝ ඩක් ඩක ශබ්දය සෙමෙන් සෙමෙන් නතර වී කෝච්චිය මරදාන ස්ටේශන් එකෙන් නතර විය.මහා අමුතු හැඟීමක් හදවතට දැනෙන්න විය.නිකන් මට මොනා හරි දෙයක් මගේ කරගන්න ඕනේ වගේ හැඟීමකින් මුලු ඇඟම පොපියන්න විය..මොහොතක් කල්පනා කරන විට ඒ හැඟීමට කියන නම බඩගින්න කියල අවබෝධවූ අතර මගේ කල්පනා සයුරට බොරලු අහුරක් විසිකරනවා මෙන් පොළොවට අඩි කිහිපයක් ඉහලින් ගමන් කල ගැටිස්සියෝ කිහිප දෙනෙක් මා තල්ලු කරමින් කෝච්චියෙන් බසින්නට විය..ඇම්බැක්කේ දේවාලයටත් වඩා ලස්සන කැටයමක් දක්නට ලැබූ නිසා අනිවාර්‍යෙන්ම 2020 bio හෝ maths ක්ලාස් යන නංගිලා කිහිප දෙනෙක් වෙන්නැති යැයි සිතුණි...
කෙසේ නමුත් තෙහෙට්ටුවෙන් හෙම්බත් වී සිටිය මගේ ගත සිත පුබුදුවමින් සුමිහිරි සුවඳක් දැනී ගියා...මට ඒවෙලේම දැනුනා මේ තමා මම පැතූ සුවඳ මේක තමා මට ඕනේ සුවඳ කියලා....මම හිටපු පෙට්ටියෙ ඉදිරි දොරෙන් ඒ සුවදේ අයිතිකාරයාගොඩ්වුනා..100-200ක් අතර උනත් එයයි මායි තනි උනා වගේ දැනුනා...මම එයා දිහාම බලන් හිටියා...අපි අතර 10m.වගේ පරතරයක් තිබ්බත් එයාගෙ සුවඳෙන් මාව ප්‍රබෝධමත් උනා....මම අඩියක් ඉස්සරහට තිබ්බා එයා මොනමොනවදෝ කියනවා...ඒත් මට ඒවා ඇහෙන්නේ නෑ..අනේ මන්දා මං බිහිරිවෙලා... එයා ටික ටික ඇවිදන් ආවා වෙන අය එහා දිහා බලද්දී මට පුදුම කේන්තියක් ආවා..කොහොමින් කොහොම හරි එයා මගේ ළඟට ආවා..එයයි මායි අතර සෙන්ටිමීටර 7-8ක පරතරයක් විතරයි...එයා මොනාද හයියෙන් කිව්වා...මට ඇහුනේ නෑ ....මම එයගේ 'අරවා' දිහාම පිස්සෙක් වගේ බලගෙන හිටියා..එයා ආයේ මොනාද කිව්වා...එක ටිකක් හයියෙන් කිව්වා වෙන්න ඕනේ ඔක්කොම මිනිස්සු මම දිහා බලන් ඉන්නවා..එක්පාරටම මගේ කන් ඇහෙන්න ගත්තා මාව දැහැනෙන් මිදුනා...එතකොටම එයත් හඬ අවධි කරා..එයා මට....එයා මට කතා කරා..එයා.....මට කිව්වා.."මහත්තයෝ වඩේ ගන්නේ නැත්නම් පැත්තකට වෙයන්කෝ...කාලකණ්ණී කමට පාර හරස් කරන් දවසම මූස්ල කරනවා..දවස ගානෙම මැරිලා මැරිල වඩේ විකුණලා අන්තිම ටික විකුණගන්න ආවම ..යන්න දෙන්නෑ පාර හරස් කරන් ආච්චිට හාල් ගරනවද?" කියලා..ම්ම්ම් මට දැනුණ සතුට ප්‍රීතිය..කියා නිම කරන්න බෑ...හරිම සංතෝසයි...මගේ වාසනාවකට කෝච්චිය කොටුව ස්ටේසමට ලඟා උනා මම නවත්තන්න කලින් බැහැලා මාරු උනා හරී සරලයි ..
#බැටා

Comments

Popular Posts