පිසික්ස් ක්ලාස්

පිසික්ස් ක්ලාස් එකේ ඇහ්....පුප ඉරාගෙන දත කාගෙන වෙන උන් ඉගෙන ගන්නවා...අපී සෙට් එකේ එකෙක්ගේ බෙල්ල හපන් හිටපු කුඹ්යෙක් අල්ලන් ඌව පොතක් උඩ තියලා...ඌට අඩි රූලක් උස්සන්න පුලුවන්ද කියල දැන ගන්න ට්‍රයි කරනවා... ඒක අසාර්තක කරමින් මේ කොළ කැඳ හිවල් කුඹි ඔලමොට්ටලයා අඩි රූල සමග වැටීමත් සමහ සර් ගාණක් කියනවා ඇහුනා....ඇහුණ විදියට ලියා ගනින් තියරියේ ඉන්න අපී ඇහුන විදියට ගාණ ලියා ගත්තා ඇහ්.....
සෑර් :- ඔබට සංවේදී දුනු තරාදියක් ලබාදී ඇත.එය භාවිතයෙන් ඉටිකැබැල්ලේ සාපෙක්ෂ ඝනත්වය සොයන්නේ කෙසේද??
මගේ එහා පැත්තේ ඉන්න ගස් ගෝනා ලියලා තියෙන්නේ :- ඔබට සංවේදී ඉටි කැබැල්ලක් දීඇතිවිට දුනු තරාදියේ සාපෙක්ශ ඝනත්වය සොයන්න
මෙහා පැත්තේ ඉන්න නීල පීත තලගොයා ලියලා තියෙන්නේ :- සංවේදී ඉටි කැබැල්ල සොයන්න
එහා පැත්තේ එකාටත් එහා පැත්තේ ඉන්නා හැල කිඹුල් පතයා :- සංවේදී ඉටි පන්දමක ...........................සොයන්න
මම ලියලා තියෙන්නේ :- සංවේදි ඔබ කෑල්ලක ඉටිවල සාපෙක්ෂ ඝනත්වය සොයන්න
හරි යන්නේ නෑ දත්ත ප්‍රමාණවත්මදී..එම නිස කුඹියාගේ ශරීර ශක්තිය සහ ප්‍රමාණය වර්ධනය කිරීමට කානියෝ මාස් ද හොඳ? මෙගා මාස්ද හොඳ ?යන විද්වත් කතිකාවතට අප යොමු වුන අතර කූඹ් සපා කෑමට භාජනය උන අපතයා කූඹ්යා මතින් පෑනක් රෝල් කරමින් ගල් රෝලකට පණ ඇවිත් හැංගියන් හැංගියන් යැයි මුමුණනු පෙනුනි
ඊස් ඇට් ඇක්මීයේ පිසික් ඉගෙන ගනිමින්
#බැටා

Comments

Popular Posts