දේව මණ්ඩල රැස්වීම

ඔන්න මචන් අමුර්තය කෑන් දෙකක් සහ විජේරාමෙ කඩල කරත්තෙන් ගත්ත 50 කඩල එකක් එක්ක කාලෙකට පස්සෙ මහා බ්‍රහ්මයයි ඊෂ්වර දෙයියොයි සෙට් උනාලු ඇහ්...
මහා බ්‍රහ්මයාණනි, ඔබ මේ විශ්වයේ මැව්ව දේවල් වලින් පර්ෆෙක්ට් විදියටම මැව්වෙ මොනාද??
ශ්‍රී ලංකාවනේ බන්...මහා බ්‍රහ්මයා තත්පරයක් වත් නොසිතා උත්තර දුන්නා..
ශ්‍රි ලංකාව??
ඔව් ඇයි...බලපන් උන්ගේ රටේ උන්ට ඉන්දියන් සාගරේ මුතු ඇටේ සුද්දොන්ට ආදම්ගේ පාරාදීසේ..යකෝ එහේ වෙලිච්ච කෝට්ටක් විසි කරත් පැල වෙනවා අන්න මචන් පස..ඇහ්...මැණික් තියෙනවා..ඕනෙනම් මිනිරන් තියෙනවා..යපස් තියෙනවා..හොයාගත්තේ නැති තෙලුත් ඕකෙ තියෙනවා..ඒ වගේ බලපන් ලස්සන දියඇලි ,කැළෑ,පොකුණු වැව්..ගංගා ...අනික බන් මේ ලෝකේ තියෙන හැම පාරිසරික තත්වයක්ම මේ පුංචි රට ඇතුලෙන් නියෝජනය වෙනවා..."
එහෙම නම් සර් අසාධරණයි නේ මේතරම් හොඳ හැම දේම මේකෙ උන්ට දුන්න එක අසාධරණයි නේ?
"යකෝ....රට පට්ට උනාට බලපන් මම.ඒ රටට මවපු උන්...අන්න ඇම්ඩලා...උන් එකාට එකා නෑ කොටින්ම අම්මට අප්පට, දරුවා නෑ ...එක එකා කුළල් කාගන්නවා...උන්ට ඕනේ දෙපැත්ත බෙදිලා පොරකන්න.....කම්මැලි හැත්ත....කටින් නම් ලෝකෙත් පෙරලයි කොටින්ම බලපන් අර මේ ලඟදි උන්ගේ සල්ලි විදියට පාවිච්චි කරන රුපියල බැහැල බැහල ගිහින් අන්තිමට ඩොලර් එකට රුපියල් 167ක් දුන්නත් ගන්න බෑ...ඒත් උන් මේ පැණි අමුඩ බද්දකුයි..පිරිමින්ට ඔසප් වෙන්නෙ නැති එකයි ඒගැන පිරිමි කවි ලියන්න හොඳනෑයි...අරකයි මේකයි කියලා දෙපැත්තට වෙලා මරාගන්නව..කොටින්ම.උන්ට ප්‍රතිපත්තියක් නෑ..එකෙන්ම කොන්දක් නෑ...උන් උන් කාගන්න අතරෙ උන් මේ ලස්සන රටත් විනාස කොරනවා...ඇහ් පොල්බෑ මුණු ලබු ගිරවෝ තාම තෝ කියන්නෙ මෙ මැවීම සාධාරණ නෑ කියලද??
#බැටා

Comments

Popular Posts