ප්‍රථම ප්‍රේමය
හෙලයේ මහා ගත් කරු සුජීව ප්‍රසන්න ආරච්චී මහත්තයට අනුව ප්‍රේමය පූජනීය මෙව්වා එකක්..ඔහුට අනුව ආදරය ඇතිවන්නේ ක්ෂණිකවයි...ඒ ඇතිවන ආදරය කල්පාන්තර ප්‍රේමයකට කන්වර්ට් වෙන්නේ සිදුවෙන සුලු සුලු සිප ගැනිම් බදා ගැනිම් ,කන මිරිකිම් ,කුඩ පාරවල් කෑම්, සපා කෑම්, නියපොතු වලින් බෙල්ල සුරාගැනිම් වගේ සූළු සුළු දේවල් වලින්..ඉතින් ඕවා හිතේ තියාගෙන සුපුරුදු පරිදී කරුණාවන්ත බවේ උල්පතවූ බුද්ධියේ නැණපහණ වූ අසරණයන්ට සරණවු අහිංසකකමේ ප්‍රතීමූර්තියවූ කඩවසම් බවට උදාහරණයවූ මම උදෑසන ගණන් ක්ලාස් යන්න 138ට ගොඩ උනා මගේ සම්මා සතිය ගැන බස් එකේ සැමටම දැනගන්න නැග්ග හෝල්ට් එකටම එනම් විජේරාමෙටම නැවත ටිකට් එකක් ඉල්ලා කොන්දා මහතාගෙන් කිච වී සිටින මොහොතක දෙල්කඳ හංදියෙන් සුරඟනක් වගේ ලස්සන ඔපිස් අක්කියෙක් සෝස පාට සාරියක් පටලවන් බස් එකට ගොඩ වුනා .හදපතුලෙන්ම "ඔයා මගෙනම් ජීවිතේ මල්"කියලා ගායනාකරද්දී බස් එකේ මට පොල්කාවයියෙක්වගේ පෙනුන කොන්දා මහතා දේවදූතයෙක් බවට හැරෙමින් පිටිපස්සෙ හිටපු එවුන් ඉස්සරහට එවන්න විය.වෙනදාට මාරයා ආවේශ වෙන වැඩක් උනත් ඒක අද මට දැනුනේ මට කරපු ලොකුම උපකාරය වගේ...අර අක්කි බබා කෙසේ හෝ මගේ ලඟටම සැපත් උනා..ඒයාටත් නොදැනෙන්න මම හිමීට ලොකූ හුස්මක්.ගත්තා ඒයගේ සුවඳ වින්දා...සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයට අනුව ක්ෂණිකව ආදරයක් ඇති උනා දැන් ඉතින් පුංචී දේකින් මගේ ආදරේ ගොඩා දාගන්න හිතන් හිමීට මම එයාගේ අතගාවින් මගෙ අත තිබ්බා එය අත වෙන තැනකින් තිබ්බා ඒක දැකපු ගොබ්බ මූණක් තිබ්බ නෙස්ටමෝල් පරබල්ලෙක් මං දිහා කින්ඩි බැල්මක් දැම්මා ඉතින් නෝන්ඩි වෙන්න බැරි නිසා අත එහෙම්ම තියාගෙන ඉන්න ගමන් කකුල හිමීට අර අක්කී බබා ලඟට ලංකරා මගේ කකුලේ මහපැටඟිල්ලෙන් එයාගේ සූටී ඇඟිල්ල පැගුව එකාපරම කකුල එයා එහාට ගත්තා...ආයේත් මම කකුල ලංකරන කොට
එකපාරට හෙන ගැහුවා වගේ කකුල පෑගුවා...මට රිදුනා ඒත් ගණන් ගත්තේ නෑ සත්‍යආදරේහමුවේ ඒක මට දුකක් නෙවේ ඒක මට සැපක් වගේ දැනුණා..ආයේ හීමීට කකුල පගන්න පටන් ගන්නකොටම වාඩිවෙලා ඉන්න නෙස්ටමෝල්ට් පර බල්ලා මහ හඬින් "තමුසේ කොල්ලෝකාරයෙක්ද ඕයි නැග්ග වෙලේ ඉඳන් කකුල පාගන්නේ??"යැයි මිහිරි හඩින් මොරගෑවා.ඒ ආකරයෙන් මාගේ 256795වෙනි ප්‍රථම ප්‍රේමය උපන්ගෙයිම බිඳ වැටුනා...බස් එකේ එවුන්ගේ සිනාව දරාගන්න බැරිකමට රොටරි යන්න හිටපු මම සැසිප් එක ළඟින් බැහැගත්තා...අවුලක් නෑ....අවුලක් නෑ.... සරණ දුවන දිවිල්ලට වැඩලා හරියන්නෑනේ..
#බැටා

Comments
Post a Comment