හිත හිරිවැටුනාදෝ (හිතට දැනුන ගීත)
සමහර වෙලාවට ආදරය කියන දේ දැනෙන්නේ එකපාරට ඒවෙලාවට ඒ කෙනා උසද කලුද සුදුද තමන්ට වඩා වැඩිමල්ද?අන්සතුද? බැඳලද කියන දේ ඒවෙලාවේ දැනෙන්නෙ නෑ...ඉතින් එහෙම.ඇතිවන ආදරේ දෙන්නටම පොදු උනොත්?? ඇත්තටම සුන්දරයි ඒත් ඒ සුන්දරත්වය ලෝකයට අසම්මතයක් වෙන්න පුලුවන් ඒ වගේ වෙලාවට ඒ දෙන්නට එකතු වෙන්න බැරි වේවි..ඒත් එයාලා ඈත ඉඳන් එකිනෙකා දිහා බලන් ඉඳිවී ඇසට ඇස ගැටෙ මොහොතක් පාසා ආදරෙන් මුසපත් වේවි...ඒත් ඒ අයට ලෝකෙන්ම වැටකඩුලු බැඳිලා නම් ඒ අයගේ ආදරේ අනෙකා දැනෙන්න සලස්වන්නට මෙන් දෙන්නම දෙතැනක ඉඳන් සුසුම් ලාවි...ඒ හුස්මත් එක්ක දෙන්නගෙම ආදරේ රැඳි තියෙවී..මොකදආදර එවන්න වෙන ක්‍රමයක් නැති නිසා...හුස්ම විතරයි නිහඬව ඒත් ගැබුරුව එයාලගේත් එක්ක ඉන්නේ...ඒ විදියට පෙර කිව්වා වගේ දෙන්නම ආදරේ බෙදාගන්නවා...
ඉතින් මේ එක්නොවෙන ආදරේන් වෙලිලා ඉන්නකොට ඒ වේදනාව තදකරන් ඉඳන් ඉඳලා කාටත් නොදැනෙන්න රෑපුරා අඬාවි,සුසුම් හෙලාවි,සාගරයක් වගේ එරහිව ඉන්න සමාජයට හොරෙන් ආදරය ගැන හීන ගොඩාක් මවාවි..ඒ මවන සිහින ලෝක ඇතුලේ හැඟීම් එක්ක ජීවත් වේවි,මොකද එයාලට එකතු වෙන්න වෙන විදියක් නැති නිසා...
ඒත් එකතු වෙන්න බැරි මේ ආදරය ඇතුලේ අපි දවසක මියයාවි..අපේ ආත්ම ඈතින් ඈතට මේ ආකසයට ඇදිලා යාවි...එහෙම පාවෙලා ගියත් ජීවිතේ නැති උනත් අපේ ආදරේ අර මවපු නිමක් තෙරක් නොමැති හීනයඑක්ක.ජීවත් වේවි..මොක්ද අපි ආදරේ නිසා...අපිට අපිව හිමි නොවුනත් අහිමි කරගන්නට බැරි නිසා!
හිත හිරිවැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
හුස්මක තියලා
වේදනා හිතේ තියා
රෑ පුරා හඬා
සාගරේ එහා ඉඳන්
ආදරේ කලා
නිම් හිම් නොවු ආදරේ සිතුවම් කලා
හැඟුම් පහසින් රහසක් කීවා
ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජීව්තේ ගියත්
නිම් හිම් නොවු ආදරේ සිතුවම් කලා
හැඟුම් පහසින් රහසක් කීවා
#බැටා

Comments
Post a Comment