කුජීත පොඩි කාලෙ
වලක් හරගෙන යනකොට ලෝකේ එහා පැත්තේ ඉන්න උන්ගේ ඇස් වලට පස් යයි කියලා හිතපු
පාතාලේ කියන්නේ පොලොව යට ප්ලේස් එකක්....ඒකේ ගැටුම් කියන්නේ පොලොවේ ඇතුලෙ ඉන්න චූටි කුරුමිට්ටො කලුවරේ ගීහින් හැප්පෙන එක කියලා හිතපු
අල්ලපු ගෙදර අක්කා...මට නොපෙනෙන්න අල්මාරියෙ හංගන් බිස්කට් කනවා කියලා හිතපු
අම්මලාට බබාලා හම්බෙන්නෙ ඉස්පිරිතාලෙට කොක්කු රෙද්දක ඔතලා රෙද්දේ හොටෙන් අල්ලන් බබාලාව ගෙනත් දෙන නිසා..
අව්ව දිහා බලන් හිටියාම ඇහේ අමුතු පාවෙනවා වගේ පේන විකාර හොල්මන්..මට හොල්මන් පේනවා කියලා හිතපු...
ලයිප් බොයි ඩෙටො ඇඩ් එකේ පෙන්වන විෂබීජ පෙන්වන ටෝච් එක ඇත්ත කියලා හිතපු
ටීවී එක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා හිතපු...පොල්ලක් අරන් ටීවී එකට නෙලලා උන්ව බේරගන්න ගියපු
රේඩියෝව ඇතුලේ මිනිස්සු ඉන්න...උන් වයර් එක දිගේ ඇවිල්ලා සිංදු කියනවා කියලා හිතපු
දෙළුම් ඇට දොඩං ඇට ගිලුනාම බඩේ පැලවෙලා...මුල් පස්චාත් භාගෙන් ඇවිත් නහයෙන් කටෙන්ගහේ කොල එයි කියලා හිතපු
කොල්ලෙක් කෙල්ලෙක්ට කම්මුලට උම්මා දුන්නම බබාලා හම්බෙනවා හිතපු...වෙඩින්ග් එකක මල්කුමාරයට ඉඳලා මල්කුමාරිට උම්මා දෙන්න කිව්වාම මට බබාලා ඕනේ නැ කියල අඬපු
අහසේ යන ප්ලේන් වල අත වැනුවාම...යට රතු ලයිට් පත්තු වෙන්නෙ මාව දැකලා යාලු පිට්එකට කියලා හිතපු
කෙල්ලො කියන්නෙ මාර මොලයක් තියෙන පට්ට බුද්ධිමත් සෙට් එකක් කියලා හිතපු
ගොන් මරි මෝල් නීලපීත මී මැටි හරක් ළමාකාලයක් ආයෙබොවන්ඩ මට තියෙන්නෙ...
#බැටා
#බැටා
Comments
Post a Comment