සමානත්මතාවය..
සූටි කාලේ දහම් පාසලේදි....අපි අපේ ඩෙස් ටික බංකු ටික ගෙනත් අපිට වාඩි වෙන්න පන්තිය සෙට් කරගත්තාම...කෙල්ලො ටික කරේ මැඩම් ගාවට ගිහින් හුරතල් වෙච්ච එක...ඊට පස්සේ මැඩම් ඇවිත් පුතේ,ගෑණු ළමයි පව් නේ...එයාලට ඔයලාට වගේ ශක්තිය නෑනේ...ඒනිසා ඔයාලා ගිහින් එයලටත් ඩෙස්ක් දාන්න කිව්වා...අපිව පොඩ්ඩක් මුරුංගා අත්තේ තියපු නිසා අපිත් ඕං ඩෙස්ක් දාලා දුන්නා.
දහම් පාසලේ කෙල්ලෝ උන්ගේ පැන්සල් කේස් එකකින් අපිට දමලා ගහලා දිව්වාම ඒකිට නෙලන්න පැන්සල් කේස් එකක්,පුටුවක්,කොස්සක් 😂වගෙ එකක් අරන් එලවද්දි ඒකි ගිහින් ටීචර් පස්සේ හැංගුණාම කිව්වේ පුතේ ඔයාලගේ පාරක් ගෑනු ළමයිනට කන්න බෑ...ඔයාලා ඒ නිසා ඉවසන්න කියලා..
ඊට පස්සේ බස් වල ගියත් පුජ්යපක්ෂයේ කෙනෙක්,අබාධිත කෙනෙක් ආවම බස් එකේ කොන්දා කෑගහන්නේ ලඟ බහින පිරිමි කෙනෙක් සීට් එක දෙන්න කියලා...
කොටින්ම බස් එකට නගින්න යනකොටත් අපි වැරදිලා ගෑණු කෙනෙක්ට කලින් බස් එකට නැග්ගොත්....ඒක ලොකු වරදක්...මම දැනුවත්ව පත්තර වල පවා ඔය පිලිබඳ ගෑණු උදවිය ලියපු ආටිකල් දැකලා තියෙනවා...
ඕං ඔයවගේ රෙද්දවල් නිසා...සැරටම පීඩා විඳලා තියෙනවා ඒ නිසා මම කැමති ඔය අලුතෙන් එනවා කියන 'ලිංගික සමානත්මතාවය'ද මොකක්ද එකට එකෙන්ම පක්ෂයී....මොකද එතකොට කවදාහරි මගේ පොඩි එකෙක්ට යාලු කෙල්ලෙක් එක්ක මල පැන්නාම මට වගේ කොහේහරි හැංගිලා ඉඳලා වයර් කෑලි නවලා රබර්පටි වලින් තියන්න ඕනේ නැති නිසා..සම්බෝල කොටද්දි වැරදිලා වගේ බොලෙන් කෙලින්න ඕනෙ නැති නිසා...උන් වාඩි වෙන බංකුවල ඇණ බුරුල් කරලා කකුල් කඩලා ශේපට් එකෙ හයි කරලා උන් දොන්තපතන් වෙනකන් බලන් ඉන්න ඕනේ නැති නිසා කොටින්ම උන්ගේ පැන්සල් පෙට්ටිවලට කැරපොත්තෝ දාන්න ඕනෙ නැති නිසා...එනිසා ආදරෙයි සමානත්මතාවයට අහවල් එකට වගේ...
#බැටා
Comments
Post a Comment