හිතාදර ෆ්‍රෙඩිට,

හිතාදර ෆ්‍රෙඩිට
කොහොමද මචන්...උඹ සනීපෙන් නේද?? උඹේ අලුත් ෆිල්ම් එකත් බොක්ස් ඔෆිස් තිබ්බලු නේද??සංතෝසයි අහ්...හැමදාම අපිවගේ කාලකණ්ණි වෙන්නෙ නැතුව ඔය වගේ දෙයක් කරපු එක ගැන ආඩම්බරයි බන්..උඹට බොහොම පිං උඹේ වෑන් එක දීලා ගියාට ඒක නිසා තමා අපි දෙන්නා මෙච්චර කාලයක් අව්වෙන් වැස්සෙන් බේරිලා වැටිලා උන්නෙ...ඒකට පින් බන්...
අපේ කෙල්ලො දෙන්නා කතා කරේ නැද්ද තාම උඹ එක්ක??ඩැෆ් නම් අන්න දැන් ලොකු සැලෝන් එකක් දාලා...බියුටි කචල් ප්‍රඩක්ට් පිටරට යවනවලු..ඒකිට කොහොමත් පුලුවන් සබ්ජෙක්‍ට් එකනෙ..බිස්නසුත් කරනවලු හොඳට ....මට වෙල්මා තමා මේටික හරි කිව්වෙ...ඒකිත් දැන් ph.d එකත් ඉවර කරලා ආයෙ රට ඉඳන් ඇවිල්ලා...ඒකිත් බිසි ලු මේටිකේ..මේ මචන් උබලාට ඇයි ස්කූබ්ව බලන්න ආවෙ නැත්තේ බන්...පව් ඌ අහිංසකයා...ඌ අන්තිම හුස්ම හෙලනකනුත් ඇහුවෙ.."ඔයා මාව දාලා යන්නෙ නෑ නේද ශැග්....අරගොල්ලො කොයිවෙලෙ හරි එයි ඒනිසා කොහෙවත් යන්න එපා" කියල බන්...ඔව් උඹල තුන් දෙනාටම මම කෝල් 30කට වඩා ගත්ත මෙසේජ් 100කට වඩා දැම්ම උඹලා ඒවට රිප්ලයි කරේ නෑ නෙ...මොනා කරන්නද බන් ස්කූබ් ගෙනාපු ආයුශ ඉවරයි..ඌ දුකක් නොයිඳම නැති උනා..ඒත් ඌගෙ බෙහෙත් වලටයි කෑම වලටයි සල්ලි නැතුව පෝන් එකයි උඹෙ වෑන් එකයි විකිණුවා ඒකට මට සමාවෙයන්..මොනා කරන්නද අන්තිම කාලෙ මට ස්කූබ්ව සතුටින් තියන්න ඔනෙ උනා.
මචන්..මේක උඹට මම කියන්න ගොඩක් කල් තිස්සෙ ට්‍රයි කරා...කියාගන්න හයියක් තිබ්බේ නෑ එකයි මම ලියුමක් ළියන්නෙ..මචන්..උඹ මගේ යාලුවා උනාට උඹ මට කලේ බලුවැඩෙ...බන්..උඹ දැනගෙන හිටියානෙ මම වෙල්මාට කැමති කියලා..ඒත් ඒක දැන දැන්ත් උඹ වෙල්මට හෝප්ස් දුන්නා මම දැනන් හිටියා උඹට උන්දෙන්නම වැඩක් නෑ කියලා..උන් නිකන්සෙල්ලම් බඩු වගෙ කියලා බොට..ඒත් ඒකෙන් උනේ වෙල්මා උඹට පිස්සු වැටිච්ච එක.උඹ දන්නවද උඹ උන්දෙන්නවම අරන් බෙදිලා නිදන කාමරවල හොයන්න යනකොට මම මැරි මැරි ඉපදුනා බන්.මට තේරුනා බන් ඉර එලියට කනාමැදිරි එලි පෙන්නෙ නෑ කියලා..ඒකිට ලං වෙන්න දඟලන හැම වෙලවෙම ඒකි උඹැට ලංඋනා බ්න්.මොනා කරන්නද ස්කූබියා අහිංසකයා..ඌ නිසා මම ඉවසන් හිටියා..මොනා උනත් තාම.වෙල්මට මම ලව් බන්...ඒත් දැන් ඒකි ලොකු තැන කෙනෙක් බන්..ඒකි හාවර්ඩ් එකේ ලෙක්චර් කෙනෙක්...මම ??? හැමදේම නැටිවෙච්ච කාත් කවුරුත් නැති අනාතයෙක්...නිකන්ම.නිකන් පරාජිතයෙක්...ඉතින් මම මේකෙන්ක් අයින් වෙනවා බන්...ඉතින් උඹට පිං බන් වෑන් එක දීලා ස්කූබියටයි මටයි ජීවත් වෙන්න තැනක් දුන්නට..ඉතින් එහෙනම් මම නවතින්නම් මේ ලියුම් ඇ උඹට ලැබෙන කොට මම ජීවතුන් අතර නැති වේවි..ස්කූබිත් නැතුව මම තනියෙන් බන්...ස්කූබිටත් එහෙමලු එයා මට කතා කරනවා එහෙනම් මම යන්නම්...මොකද දැන් කෝච්චිය එන වෙලාව..
උඹේ නොවෙනස්
මිතුරු
ශැගි
#බැටා

Comments

Popular Posts