චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි...අපේ සම්භාව්‍ය චිත්‍රපට ඩිරෙක්ටර් කෙනෙක් හැදුවනම්...


ෆිල්ම් එක පටන්ගන්නේ මහා මූසල අඳුරු පරිසරයක තනියම තියෙන ලොකු පැක්ටරියක් රූපයකින්...බැක්ග්‍රවුන්ඩ් එකෙන් වැහිලිහිණියෝ කෑගහන සද්දයක් එක්ක හුලං හමන නාදයක් ඇහෙනවා...
විනාඩි 5ක් විතර මේ ශොට් එකේම ඉඳලා එකපාරට පෙන්වනවා මේ ගොඩනැගිල්ලේ දුංකවුලුවකින් දුම යනවා...ඒ ශොට් එක විනාඩි තව විනාඩි 5ක් විතර පෙනවනා..එත්කොටත් පරිසරය අර වගේම අඳුරුයි මූසලයි..බැක්ග්‍රවුන්ඩ් එකෙන් මැෂින්කිහිපයක් වැඩ කරන සද්දයක් එක්ක ඈතින් රැහැයියො කෑගහනවා ඇහෙනවා....
ඊළඟට පෙන්වන්නේ අර කර්මාන්තශාලාවේ ගරා වැටුන බිත්ති අතරේ මල බැඳිච්ච මැශින් ගොඩක් මැද්දේ විලි වොන්කා ඇවිදිනවා...අපිට ඒක පෙන්වන්නෙ විලි වොන්කාගේ ඔලුව පිටිපස්සෙන් කැමරාව අරන් යන ගමන්..අපිට ඌගෙ ඔලුවේ කෑල්ලක් එක්ක කර්මාන්තශාලාවෙ කොටස් පේනවා...
එහෙම ඇවිත් එයා කර්මාන්තශාලවේ දොර බාගෙට ඇරලා සම්පූර්ණයෙන් නෙවේ බාගෙට හොඳෙ...ඇරලා දොර පඩියෙන් වාඩි වෙනවා..එතකොටත් අර වගේ මූසල අඳුරු වැහිබර කාලගුණයක් තියෙන්නෙ....ඔතන කැමරාව නතර වෙලා ඉන්නකොට අර කර්මාන්තශාලාවෙන් උම්පා ලුම්පා කෙනෙක්.එනව..එයා විලි දිහා බලන් ඉන්නවා..ඊට පස්සෙ දණගහලා වඳිනවා..එතකොටත් වොන්කා ඈත බලන් ඉන්නවා...ඊට පස්සෙ අර උම්පා ලුම්පා එතනින් ඇවිදන් ය්නවා..ඌ කිලෝමිටරය් දෙකක් ගිහින් ඩොටක් වෙනකනුත් පෙන්වනවා....එතකොට ඉන්ටවල් එක දෙනවා
ආයෙම අර ශොට් එකෙන් පටන් ගන්නව...එතකොට අකුණු ගහනව වහින්නෙ නෑ...ආයෙම අර විලි වොන්කාගෙ වම් කන ගාව ඉඳන් කැමරාශොට් එකක් දෙනවා..පැයබාගෙක වගේ ..එත්කොට අඩි සද්දයක් ඇහෙනව...ඊටපස්සෙ කැමරාඅහොට් එක අඳුරු පසුබිමකට යනවා..ඒකෙන් ලාවට පෙනවා ඉස්සරහා ඉනෙන් පහල කකුලු දෙකක්..ඉස්සරහට ඇවිදන් එනව..කැමරාව ඒ පස්සෙන්ම එනව, ටිකකින් අපිට කකුල් මැද්දෙන් වාඩිවෙලා ඉන්න විලි වොන්කාව පේනවා...විලි වොන්කා ඔලුව් පැත්තට හරවල යට ඉඳන් උඩට බලන්වා පෙනව...එතකොට කැමරා ශොට් එක මාරු වෙනව..අපිට වොන්කා දකිනවා වගේ පේනව උම්පා ලුම්පෙක්..ඌගෙ කකුල් දෙකෙ ඉඳන් ඔලුව උඩට වෙනකන් කැමරාවෙන් පෙන්වනව...
කැමරා ශොට් එක ආයෙම කැඩෙනවා දෙන්නවම පෙන ගානකට එනව....එතකොට බැක්ග්‍රවුන්ඩ් එකෙන්....ගොරවන සද්දේ ඇහෙනවා..
උම්පා ලුම්පා වොන්කාගෙන් අහනවා
"මොකද?" කියලා
එතකොට වොන්කා උත්තර දෙනවා
"නිකං" කියලා...
ඊටපස්සේ උම්පා ලුම්පා "මම යනවා"කියලා එලියට ඇවිදන් එනවා...
එතකොට වොන්කා "හ්ම්ම්ම් " කියනවා...උම්පා ලුම්පා ඇවිදගෙන එලියට යන්කොට එකපාරට වැස්සක් වැටෙනවා ඌ වැස්ස මැද්දේ ඇවිදන් යනවා...එතකොටත් අර වොන්කා වාඩිවෙලා ඉන්නවා...එකපාරම උම්පා දුවන් එනවා..දුවගෙන ඇවිත් වොන්කට කියනව...
"ආං අපි බංකලොත් වෙලා "කියලා...ටිකක් වෙලා වාඩිවෙලා ඉන්න වොන්කා "පර බල්ලෝ"කියාගෙන නැගිටිනවා...එහෙම්ම කර්මාන්තශාලාව ඇතුලට යනවා උම්පා බලන් ඉන්නව...එකපාරට වොන්කා දොර වහනවා..ඔක්කොම.කලු පාට වෙනවා....කලුපාට බැක්ග්‍රවුන්ඩ් එකෙ එකපාර වෙඩි සද්දයක්.ඇහෙනව.....
"නිමි"
(චාලි කෝ අහන්න එපා...එහෙම තමා එයාලගේ ෆිල්ම් නම කතාවට අදාලම නෑ)
#බැටා

Comments

Popular Posts