ශිවන්‍යා

ඇඳටවී මගෙ පුරුදු මනෝලෝකයේ සංචාරය කරමින් සිටි ඒ මනරම් මොහොතේ සියලු ආතල් කුඩු කරමින් අතිජාත පාපමිත්රයෙකුගේ දුරකතන ඇමතුමක් ලැබුනි. ප්රියම්භිකාව බැලිමට යාමෙදී ඔහුගේ තනි රැකීමේ ඇරයුම පිලිගෙන ඔහුගේ ප්රියම්භිකාව රොටරී පුජාභූමියෙන් රැගෙන ටුක්ටුක් එකකට ගොඩවැදී..මටත් "ඒ මචන් වරෙන් යමංකෝ මාත් එක්ක ,නැගපං "යැයි අරාධනා කලේය.ඒ ආරාධනාව මට මහත් විමතියක් ඇති කලේ හේතු කාරණා දෙකක් පදනම් කරගෙන ය..රුපියල් 10ක් වියදම් කර බසයක ගමන් නොකර හෝල්ට් එකක් පයින් යන ගෝතයා,ටුක්ටුක් එකක නැගිම්ත් කිසිදිනක මෙලෙස සභ්ය වචනයෙන් ආමන්ත්රණය නොකරන මොහු මෙලෙස මා ඇමතූ වේ මන්ද යන්න අනිත් හේතුවයි.එවිගසම උගේ එහාපැත්තේ වාඩිවී එලදෙනක් සේ සිනාසෙමින් සිටි ඔහුගෙ වෙන්ඩ වයිපරෙ(කියලාහිතන් ඉන්න)දුටුවිට පිලිතුර පැහැදිලි විය.කෙසේ හෝ බැද්දෙගාන තෙත් භූමිය වෙතට පැමිණ මටද රු100 ටිකට් එකක් අරගෙන 'මචන් උඹ first time නේ මෙහේ ආවේ වටයක් ගහලා බලලා වරෙන් ඇහ්'යැයි කිවේය්.ඌට wetland ගැන පැවසූ මට ඌ එසේ කිවේ මන්ද යන්න තේරුණ නිසාත් උන්ගේ කට දිහා ගොජටුවෙක්,පොල් කාවයියෙක් වගේ බලනින්න ඕනේ නැති නිසා මාද වටයක් ඇවිදින්නට ගියෙමි.
එහෙමෙහෙ ඇවිදිමින් සිටින විටදි එහි ගැවසෙන පෙමයුවල් මාදෙස හෙලු බැල්මෙන් මට හැඟුනේ මා ඔවුන්ට ප්රදර්ශන භාණ්ඩයක් වී ඇති බවයි.කෙසේ හෝ හිස් බංකුවක් මත වාඩි වී බිම තිබූ ගල් කිහිපයක් අරන් එහේමේහ විසිකරමින් සිටින විටදි එතැනින් ඇවිද ගිය කෙල්ලෙක් මාදෙස බලා අනුකම්පසහගත බැල්මක් හෙලා පව් නේ එයා යැයි ඇගේ පෙම්වතාට කියනවා මට ඇසුණි.මුකුත් නොඇසුණාක් මෙන් මා විසි කල එක ගලක් අසල තිබු පඳුරක් මතට පතිත වෙනවත් සමගම සුදුදුමාරයක් පිට විය ඒ සමගම විශාල මුගටියෙක් ඒ අසලින් දිව ගිය අතර සුදුදුමාරය අඩුවන විට එයින් මතුවූවේ ලස්සන යුවතියකි.
ම්ම්ම් thanx අනේ.. අර මුගටියගෙන් මගෙ ජීවිතේ බේරගත්තට....ඔයා මගේ ජීවිතේ බේරගත්තා දැන් මගේ ජීවිතේ අයිති ඔයාට ..යැයි ඇය පවසන විට මට හැඟුනේ අහ් හරි මේකිට රීලොඩ් ඒකක් ඕන වෙලා තමා...කියලා එවිටම ඇය නැ මට රීලෝඩ් ඕනේ නෑ යැයි කිව් අතර පොලු පාරක් වැදුන අයෙක් මෙන් මා ඇයදෙස බලා සිටිනවා දැක ආහ් වැඩිය හිතන්න එපා මට හිත් කියවන්න පුලුවන් ...හරි දැන් වත් මගේ කතාව අහන්නකෝ...යැයි පවසා අසල තිබු බංකුවේ ඇය වාඩිවිය.ඇය පැවසූ පරිදි ඇය නාලොව රජුගේ දුවලු.ඇයට තවත් ප්රාදේශිය නාග රජෙක්ගේ පුතෙක් ගෙන් විවාහ යෝජනාවක් පැමිණ ඇති අතර ඇයගේ පියත් මේ යෝජනාව පිළිගෙන ඇති බව ඇය තවදුරටත් පැවසු අතර දිග හුස්මක් සමග ඇය ඇගේ කතාව අවසන් කළාය.නංගි බොමුද සීතල වතුර වීදුරුවක් යැයි ඇසීමට සිත්වුවත් ඒ සමගම එපා අයියේ යැයි පැවසීම නිසා නැවත මගේ මතකයට ඇයට සිත් කියවීමේ හැකියාව ඇති බව මතක් විය.ඒ සමගම මතක් වූවේ සක්කුවෙ තිබ්බ හූණු බිත්තර පැකට්ටුවයි.එයින් කිහිපයක් ගෙන ඇයට ලබාදෙනවාත් සමග ඇය මේ මොනාද මේ යැයි ඇසිය.හූණු බිත්තරනේ😜 යැයි පවසනවාත් සමගම මගේ අතින් උදුරාගත් පැකට්ටුව ඇයගේ අල්ල මතට ගෙන හුස්මක් පිම්බේය.හුස්මට සෙලවුන සෙලවීමට අමතර මොන කෙහෙල් ඇවරියක් වත් සිදු නොවුණ නිසා මාද ඒ දෙස හොඳින් බලා සිටියෙමි.ඒ දෙස ඇයද මද වෙලාවල් බලාසිට දැක්කද ඔයා එයාලව මරාදාලා නැත්නම් ජීවයේ හාදුවෙන් ඒවා පොඩි පැටව් වෙනවා..ඔයා දන්නවාද ඒ අයටත් අම්මලා තාත්තලා ඉන්නවා කියලා..ඒයලාට කොච්චර හීන තිඋඑන්නෙ ඇත්ද?සමහර අය දැනටමත් හොර ඔප්පු හදලා ඇතී ඒ බබාලාව ඉස්කෝලේ යවන්න.එයාලටත් පවුල් තියෙනවා පව් ඒ අය..යැයි මාහට බැනවදින විට එකවරම මට කාලය හෙමින් ගමන් කරන බව දැනුනි,ඇයගේ කෙහෙරැල් සෙමින් සෙමින් පැද්දෙන බව හැඟුනි .ඇයගේ කතාව ශබ්දය නොඇසී මූනේ ඉරියව් පමණක් වෙනස් වන්නක් දැනුනි.කෙසේ හෝ ඇයදෙස පොල් කාවයියෙක් මෙන් බලා සිට ඇති බව වැටහුනේ ඇය මාදෙස බලා දැමු ඒ සිනහව නිසයි.නෑනංගි මම හිතලා නෙවේ ඒ අයව මැරුවෙ..යැයි කියනවිට ම්ම්ම් බැටා අයියේ මට ඔයාගෙ සිතුවිලි දැනුනා..ඔයා සිතපුවා ඔක්කොම දැනුන..යැයි පැවසිය.මට හීක් ගැවුණි.මේ නංගි ඔයාගේ නම මොකක්ද??ම්ම්ම්ම් මම ශිවන්යානේ අයියේ..යැයි පැවසිය ඒ සමගම මා අසළින් වාඩි වූ ඇය මාදෙසට මුහුණ කිට්ටු කලාය.කෙමෙන් කෙමෙන් අප දෙදෙනාගේ දෙතොල් අනන්තයට ආසන්න වෙන ටැංජන වක්රයක් මෙන් ආසන්න වුනි.තවත් 10mm පමණ පරතරයක් අපි අතර විය.එවිගසම ඇසුනේ කන බිහිරි කරවන විසිල් හඬකි ...මේක ලව් පාක් එකක් නෙවේ පොඩි ළමයි එනව විනීතව හැසිරෙන්න බැරිනම් යනවා ඕයි එලියට යැයි කාලකණ්ණි සික්කෙක් බෙරිහන් දුනි.ඒ සමගම ශිවානයා නංගි රන්පැහැති නයෙක් බවට හැරි අසල ගුලකට රිංගාගත් අතර මට දැනුනේ මා ඉදිරියේ මුලු ලොවම කඩා වැටුනි බවයි.කෙසේ හෝ අවසානයේ මා තනිකඩය.සිකියුරිටි කාරයත් මාදෙස මොකක්ද ගිලපු මොකක්ද එකෙක් මෙන් බලාසිටිනවා දුටිමි.
ප.ලි
කොහොමෙන් කොහොම හරි තාම මට කෙල්ලෙක් නැත්තෙර් ඕක නිසා ඇහ්. පස්සෙ කාලෙක ආරංචියක් ආවා මොකෙක්ද එක්ක ශිව දේවාලයක මැණිකක ආරක්ශා කරන සිකියුරිටි ජොබ් එක ඒකි කරනවා කියලා...කමක් නෑ ඉතින් ඒකිට හොඳ වැඩේ...... 
#බැටා

Comments

Popular Posts