වැස්ස
වැස්ස කියන්නේ එකේක එවුන්ට එකේක ෆීලින්ග්ස් ගේන අමුතුම සබ්ජෙක්ට් එකක්......වැස්ස ගැන කියද්දී මටනම් වැස්ස කියන්නේ මගෙන්ම ආතල් ගන්න ආපු කරුමම සීන් එකක්...නමුත් මම ආඩම්බරයෙන් කියනවා මම ලඟ තියෙනවා අමුතුම දෙයක් ඒකෙන් වැස්ස පාලනය කරන්න පුලුවන්..ඒකට කියන්නේ කුඩය කියලා සැබැවින්ම වර්ශාව පාලයනය කිරීමේ අමුතුම හැකියාවක් සහිත යැයි මම පැවසුවේ මම අනිවාර්‍යෙන්ම කුඩය රැගෙන ගමනක් පිටත් වූවහොත් එදින කොපමණ අහස කලූ කරල තිබ්බත් එදින වහින්නේ නෑ ඒක ආයේ ඇල්වතුරට උල්පිහියෙන් ඇන්නා වගේ ශුවර්..වැරදිලාවත් කුඩේ අරගෙන ය්න්නේ නැතිව මම ගමනක් ගියොත් අනිවා එදාට වහිනවා කුඩුවෙන්නම...වැරදිලා වත් අම්ම කුඩේ අරන් යන්න කියලාමම කුඩේ අරන් ගියේ නැත්නම් වහින්න තියෙන සම්භවිතාව 500% වඩා වැඩි එදාට අනිවා අම්මගේන් බැනුම් ඇසීමටත්,බැන බැන ඔලුව පිහිදීමකටත් මුහුණැ දීමට සිදුවීම අනිවාර්‍ය් වේ.
වැරදිලා හරි ටීවී එකේ ආසම වැඩසටහනක් යනකොට එවෙලාවට හෙන ගගහා වහින එක බොහෝවිට සිදුවන සිදුවීමක් වන අතර හෙනයක් ගැසීමත් සමගම ඊටවඩා ශබ්දනගා ටීවී එක ඕෆ් කරන්න යැයි අම්මා හඬ තැලීමක් සිදුවීමත් සමගම ටීවී එක ඔෆ් කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි.නමුත් ඊට පසු පැයක් පමණ යනතෙක් මෙලෝ හෙනයක් නොගසන අතර ඉතින් පැයකට වගේ පස්සේ හිත හදාගෙන ටීවි එක දැමීමත් සමගම වටපිටාව දෙදරමින් මහ හඬින් අකුණක් වැදීම අනිවාර්‍යෙන් සිදුවේ..ඔන්න ඉති එතකොට අම්මා...අපිවත් මරාගෙන මැරෙන්නද හදන්නේ??ඔෆ් කරහන් ටීවී එක යැයි මිහිරි හඬින් මා අමතන එක සිදුවීම සිදුවෙයි..සැබැවටම වැස්ස වලාහක දේවතාව මගෙන් ආතල් ගන්න බලන් ඉන්න නෙස්ටමෝල්ට් පර බල්ලෙක් බව මට ඔය සිදුවීම් වලින් සක්සුදක් සේ පැහැදිලි වී ඇත.අනේ මන්දා ඕයි අදත් මේ ටොපිය කෑවා!
#බැටා

Comments
Post a Comment