ඔබේ නිල් නුවන් (පඩත්තල විචාර 002)

මේක ටිකක් පැරණී ගීතයක්,මිල්ටන් මල්ලවාඅරච්චි මහත්තයාගේ අපූරු ගිතයක්. ගීතයේ නම "ඔබේ නිල් නුවන් තලාවේ"ඇත්තටම මේකත් මගෙ පෞද්ගලිකව ආසගීතයක් ඒ නිසාම 10-12 සැරයක් අහන්න ඇති අහන තමා මට මේකේ තියෙන යටි තේරුම ක්ලික් උනේ....
ඇත්තටම අපේ ජීවිතේ අපි අහන බහුතරයක් ගීත පදනම් වෙන්නෙ විවාහයත් එක්කනේ..කෙල්ලටයි කොල්ලටයි විවාහ වෙන්න බැරි උනොත් ඒක විරහව,විවාහ උනොත් ඒක සතුට විවාහ වෙන දවස ගැනත තියෙන සිංදු තියෙනවා....මේ සිංදුව අහපු ගමන් දැනෙන්නෙ මේක තවත් එක විරහා ගීතයක් කියලා ....ඒත් විවාහයෙන් පස්සෙ පවුල් ජීවිතේගැන,ඒකේ සත්‍ය තත්වය ගැන ලියවෙච්ච ගීත අල්පයි නේ..නැතිතරම් නේ....මට දැනුන විදියට මේකේ.තියෙන්නෙ ඒම තේරුමක්...
"ඔබේ නිල් නුවන් තලාවේ
සැලෙ කඳුලු මිදිලා"
නිල් නුවත් කියන්නේ ලස්සන නිල් පාට ඇස් වලට මේ ඇස් අසබඩ කඳුලු මිදිලා ඇත්තටම කාගේද මේ ඇස්...?මේ ගීතය ගායනා කරන්නෙ පිරිමියෙක් එතකොට අපි ඒ ගායකයාගේ මනෝභාවය තුල ඉඳන් සිංදුවට එබිකම් කරාම දැනෙනනවා මේ කියන්නේ තමා ඉදිරියේ ඉන්න යුවතියකට බව...
"සැලේ කඳුලු මිදිලා"
මගේ යාලුවනේ කඳුලු මිදුනාම මොනවද හැදෙන්නේ??? ඔව් 'කබ' එතකොට පළමු පද දෙකෙන්ම අපිට එන්න පුලුවන් අපූරු නිගමනයකට කොල්ලාගේ ඉස්සරහා උදේ පාන්දර කෙල්ලෙක් ඇස්වල කබ පුරෝගෙන ඒවා හෙල්ලි හෙල්ලි කොල්ලා දිහා බලන් ඉන්නව...හ්ම්ම්ම් හරිම රොමෑන්ටික් නේද???කබ පෙරන් ඉන්න නිසා අපිට උපකල්පනය කරන්න පුලුවන් විවහපත් යුවලකගේ උදෑසන අතදැකීමක් තමා මේ කියන්නේ කියලා...ඔන්න එතකොට ගායකයා කියනාවා
"මට ඒ මැදින් පෙනෙනේ
අපේ මතක මැවිලා" ඇත්තටම මෙතනැ කියවෙන විදියට කෙල්ලගේ කබ දැක්කාම කොල්ලට මොකක්දෝ මතක් වෙනවා...බොහෝවිට ඒ දෙදෙනාගේ ආදර අන්දරය වෙන්න පුලුවන්...ඒත් කබ අස්සෙන් මතක් වෙන මතක මොනා නැතත් හෙන රසවත් වෙන්නැති කියලා හිතෙනවා...
"ඔබේ දෑත මාගේ දෑතේ
සතපා ගෙවූ අතීතේ..//
දෙදෙනා නොවේද දන්නේ"
අපි කලින් කිව්ව විදියට කොල්ලට පරණ කතා ඔක්කොම කබ අස්සෙන් මතක් වෙනවා ඉස්සර ඔය එහෙමෙහෙ යනකොට අත් දෙක උඩ අත් තියන්හිටපු හැටි දන්නේ අපි දෙන්නා විතරයි....මේ කෑල්ල දෙපාරක්ම භාවිතා කරලා තියෙන්නේ මේ විවාහය ප්‍රේම සම්බන්ධතාවයක් උඩ වෙච්ච විවාහයක් කියලා පෙන්වන්න....ඉතින් මේ දෙදෙනා මිස මේවා වෙන කෙනෙක්නොදන්නා බවත් ඔහු කියා තිබෙනවා ඉන් පසු
"සිත දැන් තමයි සිතෙන්නේ" මෙතනින් තමා අර දැකපු පැරණි මතක නැවත වර්තමානයට සම්බන්ධ කරන්නේ...මේකැල්ලෙන් කියවෙන්නේ යකෝ දැන් තමා මට හිතෙන්නේ ඒකාලේ කරගත්තෙ හෙන ගින් බූරු වැඩක් නේ කියලා වගේ තේරුමක් ඊට පස්සේ ආයෙම "නිල් නුවන් තලාවේ"කෑල්ල දාලා මේ සම්බන්දේ තහවුරු කරනවා....
"මුලදීම උනේ මුලාවයි
වැරදීම මගේ අතේමයි"
මෙම කැල්ලෙන් මේ අසරණ තරුණයාගේ මානසික අතෘප්තිකර හැඟීම පෙන්වනවා....යකෝ මම ලව් කරපු කෙල්ල නෙවේ නේ ඕයි මේ...මේ මොන විකාරයක්දෙ? මේකිගේ හැටි බලපන්කෝ.වගේ සියලු හැඟීම් එක්ක තමා මෙ කරගත්තේ වරදක් යැයි සිතෙන(බැඳපු හැම මිනිහටම දැනෙන )වරදකාරි සිතිවිල්ලන් පිඩා විඳින් අතර එම කෑල්ල දෙවරක් භාවිතයෙන් මෙය අවධාරණය කර ඇත...
ඉන්පසු
"නොසැලි බලා එදාමෙන්
ඉඳිමි ඔබේ නාමෙන්"
අන්ත අසරණ වුන තරුණයා අවුලක් නෑ මක් කරන්නද බැඳපු ගෑණිනේ දැන්ඉතින් මම නොසැලි බලා ඉන්නවා විනා මක්කරන්නද යන සිතිව්ල්ලෙන් තම සිත අස්වසාගන්නා ආකාඅරය එමගින් දැක්වෙ....
නමුත් නැවත "ඔබේ නිල් නුවන්.."කැල්ල භාවිතා කර මේක ඉවරයක් නෑ ..බේරිල්ලාක් නෑ.වගේ ප්රශ්නාර්තයක ඇතිකරගායකයා නිහශ වෙනවා...මෙහි ඇතිආදර්ශය වන්නේ පිට ඔපයට රැවටී කෙල්ලො බඳින්න එඔආ..හුම්ම්ම් උදේ පාන්දර උන්ව දැක්කාම මළ මෝහිණි වගේ.....
උස්සනවනම් ඉතින් නම ගමත් කියලා උස්සපන් අසරණ මගේ රෙද්දත් ඉස්සෙන්න උස්සන්නේ නැතිව....ආයේ ලඟදීම තවත් පඩත්තල ගී විවරණයකින් හමුවෙමු....
#බැටා
Comments
Post a Comment