*හැරී පොටර් ෆිල්ම් එක ලංකාවේ හැදුවනම්.....*

ලිලී පොටර් මැරෙන්න කලින් හැරීවත් අරන් මහ වැස්සේ ඇවිදගෙන ඇවිදගෙන ඇවිත් වැස්සේ ගහක් යට තෙමි තෙමී ඉන්නකොට හැග්රිඩ්ට හම්බවේවි ඌ හැරීව වඩාගන්නකොටම ලිලී ඇස් ඇරලා මෙයාව බලාගන්න කියලා කියාවි...පස්සේ හැරීව ඩඩ්ලී පවුල ගිහින් දේවි...පස්සේ එකපාරටහැරී අවුරුදු 8-9කට ලොකුවෙන සීන් එකක් පෙන්නාවි ඩඩ්ලි පවුල හැරීගෙන් වැඩගන්නවා ගහනවා වගේ ඒවා පෙන්නාවි...එතකොට හැරී ගේ හොඳම යාලුවා ඇල්සේසන් බල්ලෙකුයි රාජු කියලා රිලවෙකුයි වේවි...හැරි උගේ දුක මේ සත්තුන්ට කිය කිය බටනලා ගහ ගහ නටාවි....ඔහොම නටනකොට එයාට පිස්සියෙක්ව හම්බෙවී ඒ පිස්සී අත උස්සලා හැරී කියද්දි ඌ බයවෙලා දුවගෙන දුවගෙන යාවි..ඌට හම්බේවි ලූපින් කියලා අහින්සක මෝඩ මිනිහෙක් ඌ ඒ ලූපින් කියන එකා එක්ක ෆිට්වේවි..පස්සේ ලූපින්ට ටොන්ක්ස් කියලා ගැණු කෙනෙක් හම්බේවි...ඒ ගැණි ලූපින්ව හොඳ මොලේ තියෙන කෙනෙක් බවට හරවාවි..ඊට පස්සේ මල් ගස් වටේ සිංදු කිය කිය නටන එක පෙන්වාවීම්.ඒකේ අර කපල් එක අස්සේ රිලවයි බල්ලයි එක්ක හැරීවත් පොඩ්ඩක් පෙන්වයි...පස්සේ හැරීට එකපාරට ලියුමක් ඒවි...ඒ ඉස්කෝලේ යන්න දෙන්න බෑ කියලා ඩඩ්ලි පවුලේ අය රණ්ඩු කරාවි..ඔය රණ්ඩු අස්සේ හැරීව මරන්න කෑමට වසදාලා කන්න දෙයී ඕක බලගෙන අරන බල්ලයි රිලවයි ඉඳීවී...කොහොමහරි හැරී ඔක කන්න හදද්දී බල්ලයි රිලවයි එයට කන්නනොදී ඒක කාලා උන්දෙන්න මැරේවි...ඊට පස්සේ හැරී ගෙදරින් බයවෙලා දුවගෙන යාවි..ඉන්ටවල් එකෙන් පස්සෙ පෙන්වනවා ජැන්ඩියට ඇඳගත්ත පොලිස් කාරයෙක් කසිප්පූ තිප්ප්ලක මැජික් අරිෂ්ථ පෙරනඋන්ට ගහන සීන් එකක් ඒ ගහනකොට ඌ එක්ක තව ඩයල් එකක් ජෝගි දදා ඉන්න උන්ටගහවි...පස්සේ උන් දෙන්න හොරුන්ට ගහලා එනකොට පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ වගේ සිංදුවක්කියයි...ටිකකින් උන්දෙන්නගෙන් දෙබස් වලින් පැහැදිලි වේවි.මේ පොලිස් කාරය හැරී කියලා උගේ යාලුවා රොන් කියලා...ඊට පස්සේ එතන ඉන්න ලස්සන කෙල්ලෙක් පස්සේ හැරී යාවි....ඒකි එක්ක හිනා උන ගමන් ඒකිව.ටෝල්.වේවි ඔය අතරේ රොන් සිංහලෙන් සුද්දීයෝ සෙට් එකකට.ටෝක් කරාවි...ඔය අතරේ පෙන්නාවි....මහා කට්ටඩියෙක්ව ඌ නමින් වෝල්ඩමෝට් උගේ හොඳම යාලුවෙක් තමා ඩඩ්ලි ඩර්ස්ලි...ඌ කන්යා බිල්ලක් හොයා හොය ඉන්නේ කැලයක තියෙන නිධානයක්ගන්න...ඔය අතරේ අරුන් දෙන්නා සෙට් වෙනවා...කෙල්ල අම්මා අප්පා නැති කෙනෙක් ළමානිවාසෙක හැදුනේ වගේ ටොක් දේවි...ඊට පස්සෙ කොළඹ පාර පුරා සිංදු කිය කිය නටන සීන් එකක් යාවි...පස්සේ කෙල්ලව ගේ ගාවට දාලා කාර් එක ගන්න කොටම අර මුලින්ම.දැකපු පිස්සි කාර් එක ඉස්සරහට පයිනවා...එතකොට හැරි බැහැලා ගියාම අර ගෑනු කෙනා හැරිගේ මූණ අතගානවා...අතගාලා පොඩිකාලේ ඌව නලවන්න කියපු සිංදුවක්කියනවා එ සිංදුවත් එක්ක හැරීට ඌ අම්මගේ බඩේ හිටපූ ඒවා පවා මතක් වෙනවා...ඔය අතරේ හැරීගේ යාලුවා රොන් දුවන් ඇවිත් කියනවා කෙල්ලව පැහැරගෙනගිහින් කියලා...ඉතින් හැරි අම්මයි රොනුයි දාගෙන ජීප් එකේ උඩින්ම යනවා එතනට එතන ලොකූ කාන්තාරයක් වගේ පොට් එකක් කොහොම හරි ඩඩ්ලිගේ ගෝලයෝ සෙට් එකටම හැරිගහනවා ඔය අතරේ පසෙකින් කෙල්ලව ගැටගහලා ඉන්නවා පේනවා වෝල්ඩර්මෝට් තඩි පොල් මලක් අරන් මතුරනවා...ඒ අතරේ රොන් මැරයෙක්ගේ සරම ගලවගෙන මැරයට විහිලු කරනවා මැරයා අත්දෙකෙන් විලි වහගෙනදුවනවා රොන් සරම ඉඹලා කලන්තේ දානවා....ඊට පස්සේ හැරී ගහගන්නවා පෙන්නවි...ඒ අතරේ කෙල්ලට වොල්ඩමෝට් පිහියෙන් අනින්න හදනකොට ඩඩ්ලි දුවන් ඇවිත් පිහිය මැද්දට පැනලා ඌ පිහි පාර කාගෙන වොල්ඩමෝට්ගේ බෙල්ල මිරිකාවි..වොල්ඩමෝට් මැරිලා වැටෙනකොට ඩඩ්ලී හැමෝම දිහා බලලා අමාරුවෙන්හිනාවේවි.එතකොට හැරී ,ලිලී රොන් අර කෙල්ල එහෙම නැත්නම් හර්මයිනි
ඌ වටේට බිම වාඩිවේවි ඌ අමාරුවෙන් හැරීගෙන් හැරීගේ අම්මාගෙන් සමාව අරගනී මැරෙන්න කලින් හර්මයිනිට අත දික්කරලා මේ උඹේ නංගී...කියලා හැරිට පෙන්නාවි...ඊට පස්සෙ ඌ මැරිලා වැටේවි...එතකොට ලිලි හර්මයිනි දිහා බලවී එතකොට ලිලීගේ බෙල්ලෙ තියෙන මාලයක් දැකලා හර්මයිනිට පොඩි කාලේ කියපු සිංදුව මතක් වේවි..එතකොටම තුන්දෙනා බදාගනිවී..අර පොඩි කාලේ සිංදුවත් එක්ක හැරී පොටර් නිමි කියලා වැටෙයි...
.
.
.
උස්සනවනම් රෙද්දත් ඉස්සෙන්න උස්සන්න එපා යාලෝ ක්රෙඩිට් එකත් දීපන්!✌️✌️
#බැටා.

Comments

Popular Posts