උගත් පාඩම්

කෙල්ලෙක්ව ක්ලාස් එකෙන් ගන්න  අම්මා එනවනම් අනිවා එකි මොකක් හරි ජල්ලියක් අල්ලලා ගෙදරට සැරටම නෝන්ඩි වෙලා..
වැරදිලා හරී තාත්තා එක්කන් එන්න යනවානම් එක්කෝ ඒකිගේ කොල්ලා ගැන ගෙදරට ආරංචි වෙලා එහෙම නැත්නම් කොල්ලෙක් පස්සෙන් එනවා කියලා නෝන්ඩි වෙලා...බොහෝ විට එවැනි මොහොතක කොල්ලව ඩැඩාට මුලිච්චි වීමට වඩා බරපතල වැඩ සහිතව අවුරුදු 20කට හිරේ යාම අගනේය...
(ගුටි කාලා බණ අහලා උගත් පාඩම් ඇහ්)

සෑමවිටම අනෙකා සමග සිනාවී ප්‍රියමනාපව සිටින්න කිව්වත් පොදු වැසිකිලියේදී ඔබ හා සිනා වෙන්නා සමග පෙරළා සිනාසීමට නොයන්න
(කන පලලා,බිම දාලා,උගත් පාඩම් මෙවා)

බුකියේ ඔබට ලස්සනම.ලස්සන කෙල්ලෙක් req කරනවා නම්.....ඔබේ කාඩ් දැමීමේ හැකියාව විශ්මිත විය යුතුයි...ඒත් දැනුවත් වෙන්න ඒ සෑම එකවුන්ට් එකක් පිටිපස්සේම නහුතෙට හිඳිලා බලුවෙලා අතේ පිච්චියක් නැතිව reload එකක් දාගන්න බලන් ඉන්න කොල්ලෙක් ඉන්න බව

බසයක ඔබ හිටගෙන  අසල සිටගෙන යනවිට අසල නැගී සිටින කාන්තාව ඔබ දෙස බලා සිටිනවාද?,හිනාවෙනවාද මුකුලු කරනවාද ? එසේනම් බොහෝවිට අසල සීට් එකක් හිස් වූ විගස ඇයට සීට් එකේ ඉඳගන්නට ලබාදී ඔබට තවදුරටත් සිටගෙන යාමටසිදුවේ

කාලෙකින් ඔබ හා කතා නොකල ආශ්‍රය නොකල එකෙක් ඔබේ ගෙදර එනවාද..උඹේ වතගොත විමසනවාද?? ඔබව වර්ණනා කරනවාද??එසේනම් ඔබේ ඩෙනිමක්,සපත්තුදෙකක් ,ශර්ට් එකක් ,කැමරාවක් අස්ථානගත වීමට හෝ මුදල් අතුරුදහන් වීමක් සිදුවිය හැක.

ඔබේ හොඳම යාලුවෙක් කවදාවන් නැතුව කෝල් 5-6ක් එක දිගට එවනවාද?? එහෙනම්කොහේ  හරි නල්ල මලේ මාරලයක් ඔබේ ඇඟටපතිත වීමට ආසන්නයි

අපි ගැන.දැනගත්තොත් රජයෙන් ඉතින් අපිට උගත් පාඩම් කොමිසම අපිට බාරදෙනවා...එච්චරට උගත් පාඩම්

#බැටා

Comments

Popular Posts