අපේ අක්කා හුචක්කුව

අපේ ගෙදර තියෙන හත්වලාමක් එපා උනාම කොරන්නෙ කොහේ හෝ ගොනෙක්ට අන්දවා හො සින්නක්කර පවරා දීමයි,පරන වොසින්මැසින් එක,වාඩි උනාම "සංස්ක්ෘතිය රැඳි පවතින ශරීර අවයවය" පහලට යන කැඩිච්ච පුටුව ආදි සියල්ල එක එකාට දීමෙන් අනතුරුව උදාවුවෙ අපේ අක්කා හුචක්කුව කවුරු හො ඇස් කන් නොපෙනෙන් පොට්ට බීරි හෝහපුටුවෙක්ගේ කරේ ගහන අවස්ථවයි...ඔව් ඒකිව බලන්න මනමාල මයා හෙවත් මගේ වෙන්ඩ මස්සිනා එන දවසයි..
කොහොමෙන් කොහොම උනත් උදේ සිටම අපේ ගෙදර ජිංජිබිරිස් ගොඩකි...අක්කා බලන්න එන මනමාලයා සිරාවටම ගොන් මීහරකෙක්ද හෝ අක්කා විසින් මොකෙක්ට හරි එකෙක් ලව්වා ඉනාවක් දීමනිසා සෙට් කරගත්ත එකෙක්දො කියලා හිතුනේ..වෙන්ඩ මස්සිනා එක්ක අක්කාගෙ අවුරුදු දෙකක ප්‍රේම කතාවක් තිබි ඇතිහෙයිනි..අවුරුදු දෙකක් මේ ගොන් වාහෙ එක්ක ලව් කරලත් මේ හොන්තුවගේ මන්ද බුද්ධික කම් නොතේරුනෞඋ ගැන කියන්න දෙයක් නැත ඌ නම් මරිමෝල් හාවෙකි අයියා සිරාව්ටම පෞය...අවුරුදු දෙකක ලව් එකක් නිසා මේ එන්නෙ අක්කා බැලීමට නොව මා සහ ගේ බැලීමට යැයි සිතා සිටින අපේ ආච්චි මාගෙ අසරණ රැවුලට හුලුඅත්තක් පත්තු කොරලා තියනවා යැයි තර්ජනය කිරිම මගින් හො මගේ රැවුල කැප්පවීමට උත්සහ කරන අතර.....අම්මා ජනෙල් රෙදි දොර රෙදි සාගරයක් මැද තනිවම සටන් කරමින් සිටිනු පෙනුනි...මට තේරුණ විදියට තාත්තාට රෙදි එක්ක පැටලිල්ල එපාවුනනිසා ඉක්මණට හන්දියට ගිහින් එන්නම් කියල ගියපු කෙනා දැන් පැය දෙකක් තිස්සේ තාම පැමිණ නැත.....වෙන්ට යන දේ ඉවෙන් දැනුන මා ඊළඟට ඔය රෙදි එක්ක සටනේ ගොදුර මා විය හැකි නිසා එතනින් ශේප් එකේ මාරු විය .
බඩට මොනා හරි දාගන්න හිතන් ෆ්‍රිජ් එක ඇරිය විට ෆ්‍රිජ් එකේ මුකුත්ම නැත..තිබ්බ එලවලුටිකතබා ලූණු කොලයක් පවා නැත..හදලා ඉවර කරපු සන්කුවික් එකක් මෙගාබෝතලය දාල ඇති හෙයි ශොට් එකක් නීට් දාන්න හිතන් බෝතලේ ගන්න යනකොටම සුපුරුදු මරලතෝනියත් සමග අක්කා මා අසලට සැපත්විය...මලහත්තිලව්වකි...අක්කාගේ මූණට බඩේ අමාරුව හැදුන පූසෙක් වමනේ කොරලා වගේමය්.ඇහුවාම නෑලු...කඩලපිටි යොගට් එක්ක වදකහ කස්තුරි පේස්ට් එකලු ..අප්‍රසන්නය..පජාතය.
"තමුසෙට නෙවෙ බූරුවො මේවා හැදුවෙ..අර එන මිනිස්සුන්ට...තමුසෙට උගුරක් ඕනෙමනම් වැඩක් තියෙ කරන්න"ඔව් ඒ අපේ අක්කය..අම්මපා ඒකි මිනිස්සුන්ගෙන් වැඩගම්නම උපන් එකෙකි...තාත්තට අනුව සනුහරේ අභිමානයයි,අම්මට අනුව ගෙදර මිනිපහණයි.. මගේ ඉස්සරහනම් ඔය මගුල් මිනිපහණ ගිනි ගනි....ඒකි ලඟට ආවොත් චාල්ස් කුමාරය උනත් කක්කුස්සි හෝදන්න තැනට පත් කරන්ට සමත්ය්‍...ආයෙත් අර අසරන අයියා ගැන මටනම් දුකය..."ඕයි මෙ අර මම ගෙදරට එන අයට කන්න කංකුං ,කූරතම්පලා එක්ක දාලා ඩෙවල් එකක් හැදුවා..චිකනුයි පොල්කුඩුයි එක්ක පොල්පලා කොල සම්බෝලයක් හැදුවා..කාල ලුණු බලලා හොඳද කියපන් "...මේනම් එනපොට හොඳ නැත...මට මතක් උනේ ඔය පරික්ෂණාගර මීයොය..සමහරවිට මේකිගෙ මේ කුණ්ඩවාලෙ මට කවලා මාව මරලා මගේ පොත් රාක්කේ පොත් ටික දෑවද්දට අරන් යන්න හදනවා විය හැක...ගෙදර බල්ලා, නැන්දම්මලාගේ ගෙදර අරන් යන්න තියෙන බාධකේ වෙච්ච මාව නැති කරන්න හදනවද දන්නේ නැත..අපේ එකි එහෙව් ගෑණිය....බීම උගුරට වඩා ජීවිතේ වටින නිසා මම මෙතනින් පලායන එක ඇඟට ගුණ නිසා මෙතනින් ශේප් එකේ කාමරේ බලා චුතෞනෙමි...........


#බැටා

Comments

Popular Posts