තනිතරුවේ (පඩත්තල විචාර 003)
ඔන්න ආයෙම ආවා පඩත්තල ගී විවරණඑක්ක...අද ගීතයත් මම ආසම සිංදුවක්...මේකත් ගායනා කරන්නේ වික්ටර් රත්නායක මහත්තයා.(සිංදුව තෝරගත්තේ අපි නොදන්න ලයිව් එකේ කෑල්ලකින් ඇහ්)..මේ සිංදුව ආයෙම ආයෙම අහනකොට මට තේරුනා මේකේ රචකයා තුන්කල් දක්නා නුවනැත්තෙක් කියලා...මොකද මේ ගීයේ ඇතුලේ කියවෙන දේවල් වර්තමානයේ සිද්දවෙච්ච සිදුවීම් කිහිපයක් බොහො සමානයි ඇත්තවශයෙන්ම ඒ සිදුවීම් ම තමයි කියවෙන්නෙ...
අපි පද පේලි දිහාවට හැරෙමු...
"තනිතරුවේ.........තනි තරුවේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//"
මෙතන කියවෙන්නෙ ඇත්තටම පොලිස් සාජන් වරයෙක්ගේ අහිංසක හීනයක්.. ඔව්...උප පරික්ෂකවරයෙක් වෙන්න දකින හීනයක්..ඔහු දකිනවා හීනෙන්වගේ තනි තරුවක් ඔහුගේ උරහිසේ රැඳෙනවා..ඔහු ඒ දකින තරුවට කියනවා..ඔහොම ඉන්න මමත් මෙහෙම ඉන්නම් කියලා...ඒ හිතේ අර තරුව ගැන පුංචි හරි අදහසක් තියාගෙන...ඒත් මේ දෙවෙනි පාරටත් මේ වදන් ටික ප්‍රතිරාවය වෙනවා...ඒකෙන් හැඟවෙන්නෙ ඔහුගේ තරුවට තියෙන ආසාව...එහෙමත් නැත්නම් උප පරික්ෂක හීනයට ඇති ආසාව...ඒවගේම ඒ අස්සෙන් කාටදෝ ඔහොම ඉන්න මමත් මෙහෙම ඉන්නම් කියලා තමාටම උමතුවෙන් මුමුණනවා වගේදෝ කියලත් දැනෙනවා...
ඒ සැකේ තහවුරු වෙන්නෙ ඊළඟ පද පේලි වලින්
"නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...//"
මේ මොකක්ද මේ කියන්නේ....මේ කියන්නේ යාලුවනේ...කොහේ හරි බීච් එකක හෝ පාක් එකක කපල් එකක් ඉන්න විදිය..ඔව් ඒ අය ඇස් දිහා බලන් ඉන්නවා මුවට මුව ලං කරන් මුව මි උරා බොනවා..වගේ දේවල් කරනවනේ ඉතින් මේ කිව්ව කපල් එකත් මේවා ඔක්කොම කරනකන් හැංඟිලා, කවුද බලන් ඉන්නවා...කවුද ඒ ?? ඔව් ඔව් අර සාජන් තමා... ඒයාගේ හීනේ අර ලව් කරන කපල් එක අල්ලලා කොහොම හරි සංස්කෘතික පොලිසියේ සහ අපේ සංස්කෘතිය රැකිම වෙනුවෙන් දිවි පරදුවට හෙලා කටයුතුකරන කීබෝඩ් විරුවන්ගේ අවධානය තමා වෙත යොමුකරගෙන මේ ලංකා ධරණිතලයේ තියෙන විශාලම ගැටලුව වෙන එලිමහනේ පෙම්කිරීම කියන දරුණු වරදේ නිරත කපල් එකක් අල්ලලා කොහොම හරි අර පෙරකී විරුවන්ගේ අශිර්වාදයත් එක්ක උප පරික්ෂක කෙනෙක් වෙන්න...ඒත් ...එකපාරට මේ සාජන්ගේ බලාපොරොත්තු කඩවෙනවා...ඒකඩවීම මේ පද පේලියෙන් පෙන්වනවා...මෙච්ංහර වෙලා මෙච්චර දුරක් හැංගිලා කොහොම හරි මේ තරුව හිමිකරගන්න ආවා ඒත්...මොකක්දෝ නිසා ඒක ව්‍යර්ත වෙනවා..ඒක ලස්සනට කියනවා
"මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරුවේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..."
මෙහෙම වෙන්නෙ ඇයි කියලා ඊළඟ පද පේලියෙන් පහදලා දෙනවා
ඒ වාඩිවෙලා ඉන්න කපල් එක ලඟට යන්න හදනකොටම ඒ කපල් එක හිටපු වැටකෙයියා කැලෙන් නැගිටලා යන්නයනවා..නිකන්ම නෙවෙ මේ
අහිංසකයාගේ හීන ඔක්කොම පොඩින්කරලා ....
"මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
මගෙන් ඉවත බැඳිලා සැනසී...
තනිතරුවේ.........තනි තරුවේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.."
වැටකෙයියා අරණේ ලතවි ලතවි ඉන්නෙ නැතුව උඹලා දෙන්නා ඔතනින් ඉගිල්ලා සැනසිල්ලේ ගියත් මගේ හදවතම බිඳ වැටුනා...අනේ මගේ තරු සිහිනේ......ඉතින් තරුව උඹ ඔහොම ඉඳපන් අපිට අපි හිමි නෑ කියන එක මේ වචන වලින් කියවෙනවා...ඇත්තටම...හරිම සංවේදියි නේද යාලුවනේ
ඊළඟට තමා මේ ගීතය තීරනාත්මක අවසානයකට එන්නෙ.... ඒ ...
"තනිතරුවේ................. ///"
පද පේලියෙන්....තනි තරුවේ කෑල්ල 4 පාරක් කියනවා..මේකෙන් පේන්නෙ අර උප පරික්ශක හීනේ බිඳ වැටිම නිසා අර සාජන්ගේ මනස විකෘති වීම.උමටු වීම,පිස්සු බල්ලෙක් ගානට වැටීම...ඒ නිසා ඔහු සමහර විට පිස්සෙක් වගේ නිකන් ඉන්න කපල් එකක් උනත් හිරේ දන තැනට පත් වෙන්න පුලුවන්..සංස්කෘතික පොලීසිය පිස්සු වැටිලා ඉන්නේ කියන දේ ශ්‍රාවකයාට හිතන්න ඉඩ තියලා. ..මේ රචකයා හා ගායකයා නතරවෙනවා... මේ අර්ථය දැනවීම සඳහා විශාල කාර්‍ය භාරයක් ගායකයා හෙවත් වික්ටර් රත්නායක මහත්තයාගේ හඬෙන් කෙරෙනවා ඒක සිහිපත කලයුතුමයි....
එහෙනම් තවත් පඩත්තල ගී විවරණයකින් හමුවෙමු...
උස්සනවනම් ඉතින් මගෙ රෙද්දත් ඉස්සෙන්න උස්සන්නේ නැතිව ක්‍රෙඩිට් තියලා උස්සපන් ඇහ්
#බැටා

"තනිතරුවේ.................

Comments
Post a Comment