මට වැටහෙන්නේ නෑ

මට වැටහෙන්නේ නෑ කෙල්ලෙක් ටෝක් කරන්න ගියාම ටෝක් කරන්න යන කෙල්ලගෙ මෙලෝ රහක්නැති හම්පඩ යාලුවා හෙන කෑල්ලවගෙ පඩ සෝ දාන්නේ ඇයි කියලා
මට වැටහෙන්නෙ නෑ මොනාහරි බඩට දාගන්න කියලා කඩේකට ගියාම ඒකේ වේටර් කොලුවා කඩේටඅධිපතී දේවතාවා වගේ හැසිරෙන්නේ ඇයි කියලා
මට වැටහෙන්නෙ නෑ අපේ කලිසමක් ශර්ට් එකක් ඉල්ලන් ගියපු අපේ යාලුවෙක්ගෙන් ආයේ ඒක ඉල්ලන්න දෙකට තුනට නැවී නැවී රස්තියාදු වෙවී ඌ පස්සෙන් යන්න වෙන්නේ ඇයි කියලා
මට වැටහෙන්නෙ නෑ සමහර ඉවෙන්ට් වල පොටෝග්‍රැපි කරන්න එන හොම්බ දිග කැමරාඅයියාලා ඉවෙන්ට් එකේ මහාපාකලූලා වගේ හැසිරෙන්නේ ඇයි කියලා
මට වැටහෙන්නේ නෑ ඇඳුමක්ගන්න ගියාම ඩමියට පට්ට ලස්සන ඇඳුම් අපි ඇන්දාම හද්ද කැත වෙන්නෙ ඇයි කියලා
මට වැටහෙන්න් නෑ ටීවී එකේ කියන විදියට විනාඩි දෙකෙන් මැගි නූඩ්ල්ස් හදගන්න බැරි ඇයි කියලා
මට වැටහෙන්නේ නෑ 1:6ට අනුපාතයට කෙල්ලෝ ඉඳලත් අපිට තාම කෙල්ලෝ සෙට්වෙන්නේ නැත්තෙ ඇයි කියලා
මට වැටහෙන්නේ නෑ කාටහරි හරි ගියාම ඒක බලගෙන ඉන්න බැරි හැත්ත ලකුණුදාගන්න තැන්තැන්වල බොරු කිය කිය හැමිනෙන්නේ ඇයි කියලා.
මට වැටහෙන්නේ නෑ ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැන ප්‍රශ්ණේ තියෙන කෙනා එක්ක කතා කරලා ඇත්ත නැත්ත නොහොයා තැන තැන මුත්‍රාකරලා ප්‍රශ්නේ වැඩි කරලා හැමතැනම ගඳගස්සන්නේ ඇයි කියලා
මට වැටහෙන්නේ නෑ සුදුනෙලුමට පිනි වැටුනට බරවැඩි වෙන්නේ නැත්තේ ඇයි කියලා
මට වැටහෙන්නේ නෑ කජ්ජ ගහන්න ඔන්න මෙන්න ඉන්න සීයලා ආච්චිලා අපිට මල්ලී මල්ලී කියලා කතා කරන්නේ ඇයි කියලා
මට වැටහෙන්නේ නෑ අපි කොච්චර හොඳ වැඩක් කරත් මෙලෝ එකෙක් අපිව ගනන් ගන්නේ නැති වෙලා මොනාහරි එක චාටර් වැඩක් කරාම අකනිටා බ්‍රහ්මලෝකේ කුස්සි හෝදන එකත් ඒක දැනගන්නේ ඇයි කියලා
මට වැටහෙන්නෙ නෑ කරපු හැම හොඳ දේකටම වඩා වෙච්ච පුංචි අත්වැරදීමක් නිසා පස්චාත් භාගෙට පයින්ගහලා , අපිව අතහැරලා අසරණ කරන්නෙ ඇයි කියලා
මට වැටහෙන්නේ නෑ උඹලා ඇයි මේ විකාර කියෝ කියෝ කාලකණ්ණී වගේ හැසිරෙන්නේ ඇයිකියලා

Comments

Popular Posts