අනේ මටත් ලවක්?
ඔං මහත්තයෝ මමත් ඔය ලව් සීන්කෝන් එක ගැන මෙලෝ දැනුමක් නැතුව පොඩි එවුන් සෙට් එකක් පිරිවරාගෙන මහාපාකෝලූලා වගේ ගම පුරා සැරිසරමින් අඹගස් ජම්බු ගස් පාලු කරමින් පොඩි උන් ඉන්නගෙවල් වල ත්‍රීපෝශ කමින් සතුටින් වාසය කරා..ඔහොම ඉන්න කොට මට ඔය ආදරය කියන මාතෘකාව සවනට වැකුණා..සෝ බොක්කෙන්ම ඔය ගැන හොයන්න ගත්තා ගූගල් වල පීරුවා..රතුබෝල ඇම්ඩන්ලගේ පේජ්වල ටෝක්ස් බැලුවා..අනිව එකේ ආටිකල්ස් කියෙව්වා..අන්තිමට සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් කියව්වා...(ඒකාලේ තමා ඒ ගැම්මට දේදුණු පාට කූඹියෝ ලිව්වේ) ඒ අස්සේ සිත්ගත් කළුකුමාරී-සඳමාලි අක්කගේ කතාත් කියෙව්වා...ඔහොම හොයනකොට නන්දා මාලනී මැඩම් කිව්ව විදියට ප්‍රේමය රාගයෙන් තොර අචින්ත පූජනීය මෙව්වා එකක් කියලා තේරූම් ගත්තා..ඒ නිසා මං හිතන් හිටියේ ධාතු නිදන් කරනවා වගේ ආදරය කරන එවුන් හිරකරලා තියනවා නැත්නම් මරලා දානවා කියලා හරියට දස්කොන් ප්‍රමිලා වගේ උන්මාදචිත්‍රා දීඝගාමිනි වගේ..පස්සේ ආසිකි,සනම් තේරි කසම්,ඒක් විලන්,ටයිටැනික් වගේ ෆිල්ම් බලලා තේරුම්ගත්තා බොක්කෙන් ලව්කරනවා නම් අනිවා උන් දෙන්නාගෙන් එකෙක් මැරෙන්න ඕනේ නිසා දැන්ම මැරෙන්න තුන්හිතක වත් ආශාවක් නැති නිසා බොක්කෙන් ලව් කිරිම අතහැරලා දැම්මා...පස්සේ මට තේරුම් ගියා ඒවා පිටරට සීන් එකක් ලංකාවේ බොක්කෙන් ලව් කරන්න ගියාම වෙන්නෙ කෙල්ලගේ තාත්තා හෝ අයියා එහෙම නැත්නම් ඒකි ගැන ආදර සීන් එකක් හද කොනක පටලවන් ඉන්න කලටිපොල් කාවයියෙක් ගැන්සි පිටින් බස්සා නෙලායාම පමණක් බවය. නමුත් මගේ කකුල් දෙක මට ශුවර් නිසා මම ආයේ බොක්කෙන්ම ලව් කරන්න හිතාගත්තා ඕං එතකොට අපේ රතුබෝල ඇම්ඩන් කෙනෙක් දාල තිබ්බා..සිරාවට ලව් කරන්නා සුරාවට ලොල් වේ කියලා...මම මේ ලෝකේ දන්නේ එක දෙයයි සුරාව ඇඟට හොඳ හෝ නරක කෙසේ වෙතත් සුරාව සහිත හෝ සුරාසුවඳ සහිතව අපේ මව්තුමී මා දකිනවා කියන්නේ ආයේ කිංකොංට ඩයිනසෝර් හොම්බක් ලැබුනා සේ අනිවා ඩෙෆා මා දෙකට ඉරා නැවත මසා උස්සා පොලොවේ ගසා නැවත නැගිට්ටවා...වාඩි කර "ඔය විකාර දකින්නද මං උඹව හැදුවේ කියමින් අම්මාගේ දරුණුම ආයුධය වන කඳුලු වලින් පහරදීම ආරම්භ කරනබව දනිමි..කොච්චර ගැහුවත් මැරුවත් අම්මාගේ කඳුලු කියන්නේ කොහොමත් කොල්ලෙක්ට දරාගන්න අමාරුම වේදනාවක් බව මා ඇතුලු සියලුම කොල්ලන් හිස සලා දෑත් ඔසවා සනාථ කරන බවද මම දනිමි..ඔය නිසා තමා මේ බැටා පුතා තනිකඩ ඇහ්...ඉතින් ගර්ල්ස්....මාව දපනේ දාගන්න මම ක්ලාස් ඇරෙනකන් රොටරි එක ගාව ඉන්න එපා..ගෙවල් පැත්තේ ඇවිදින කොට ස්ස් ගාන්න එපා..කොටින්ම ලව් සීන් එකේ මම දැන් නෑ ඇහ්..අපි යාලුවො වගේ ඉමු...ඉස් @ දෙකවසරේ පොඩි එවුන් සෙට් එකත් එක්ක 5 අයිස් පැකට් ඔට්ටුවට තබා රොබින් මැරියන් කරමින්...
#බැටා
#බැටා
Comments
Post a Comment