හිතින් යන අය (පඩත්තල විචාර 001)
ඔන්න පුතේ කාලෙකට පස්සේ 20-30 පාරක් ඇහුවත් එපා වුනේ නැති සිංදුවක් අහු උනා....සංඛ දිනෙත් සහ වික්ටර් රත්නායක මහත්තුරු දෙන්නාගේ කටහඬ ඔලුව ඇතුලේ රැව්පිලිරැව් දෙනකොට ඒ වචන හිත කීරි ගැස්සුවා...ඒක පලවෙනි පාර ඇහුව මොහොතේ දැනුන ෆීලින්ග් එක ආයේ ආයේ ඇහුවත් ඒ විදියටම දැනෙන තරම් ඒක සාර්ථකයි.....දැන්දන්නවානේ සිංදුව මොකක්ද කියලා...හිතින් යන අය අතින් අල්ලන් නවත්වන්නට බෑ...මෙතනින් එහාට කියවන්න කලින් සිංදුව ඇහුවේ නැත්නම් අහලා එන්න ප්‍රෙන්ඩ්ස්!
ඔහොම අහනකොට මට දැනුනා මේ සිංදුව ඇතුලේ නොකියන ලොකූ කතාවක් තියෙනවා කියලා...හුම්ම් ඉතින් ටික වෙලාවක් යනකොට මගේ විවේක බුද්ධියට(තේරුම දන්නේනෑ කූඹියෝ එකෙන් අල්ලගත්ත ටෝක් එකක් ඇහ්) වැටහුනා ඒක තමා....
පුංචි කාලේ ඇඳේ චූකරගන්න එක සාමාන්‍යදෙයක් නේ ඕක ටික කාලයක් දැනුම් තේරුම් ඇති වෙනකොටත් සමහර වෙලාවටත් ඕක වෙනවා...සමහර වෙලාවට හිත ඇතුලෙන් පේන හීනයක් ටොයින්ග් වෙලා එකපාරට ඇඳේම චූ යනවා...ඒවෙලාවට අතින් අල්ලලා නෙවේ මොකක් කරලවත් නවත්වන්නට බෑ...
දැන් බලපන්..
"මවාදී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්තෙන්..
මලාණික වූ පුංචි තරුවක් පොලෝ තලයට කඩන් වැටුනා.."
රෑ අහසේ තරු පදාසයක් වගේ අර ගියපුවාගේ පැල්ලම බෙඩ්ශීට් එකේ,මෙට්ටේ තියෙනකොට බිංදුවක් දෙකක් බිංදුවක් දෙකක් මෙට්ටෙන් බිමට වැටෙන එකතමා ඕය පදපේලියෙන් අදහස් කරන්නේ...ඊට පස්සේ
"සරා සඳකට දරා ගන්නට බෑ..."
කියන පද පේලියෙන්...ඇඳේ චූ ගිහින් මානසිකව වැටිලා ඉන්න අපේ පුද්ගලමනෝභාවය නිරූපනය වෙනවා...අම්මට මූණ දෙන්න බෑ,තාත්තට මූණ දෙන්න බෑ,සහෝදර සහෝදරියෝ කින්ඩි දෙන ඒවා මතක් වෙනකොට මල් වගේ පුංචි හිත්වලට දරාගන්න බෑ...
ඊට පස්සේ ...
"නිවීයන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම
හිතේ ගැබුරුම තැන තියාගෙන ආදරේ ඉකි බිඳුම ඇසුණා.."
මෙතනින් කියවෙන්නෙ අර වගේ ගෙදර එවුන් දැන ගත්තාම ඒ අය ගෙදරට එන නෑදෑ හැත්ත බුරුත්ත ඉස්සරහ අම්මාලා අර මතකය නැවත ආවර්ජනය කරන එක...එවෙලාවට කර කියාගන්න දෙයක් නෑ...ගෙදර එවුන්ට තියෙන ආදරය නිසා හිත පතුලෙන්ම දුක තදකරන් කාමරේට වෙලා කොට්ටෙ බදන් මෙට්ටේ හපන් ඉකි බිඳින එක මිසක් කරන්න දෙයක් නෑ...
ගෙදර එවුන් ඉස්සරහා හිනා වෙන්න බැරිව අසරණවෙලා ඉන්න එක "මළාණික ඇස් හිනා වෙන්නෙ නෑ"කියන එකෙන් පැහැදිලි වෙනෝ...
ඉතින් මුලින්ම් සහ අවසානයේදී...
" වසන් වන සඳ වලාකුලකට හඬා වැටුනට
තාරකාවන් ආයේ එන්නෙ නෑ"
කියන එකෙන් අහිංසක අපේ බලාපොරොත්තුව ගැන කියවෙනවා...එදා අර වගේ උනාට ආයේ නම් යන්නේ නෑ කියලා තමන්ගේම හිත රවට්ටගන්නවා ඒත් මුලසහා අග යන දෙතැනම මේ කැල්ල මෙන්ශන් කරන එකෙන් මේක ලූප් එකක් වගේ හැමදාම වෙන දෙයක්...කොයි වෙලේ හීනෙනෙ චූ යයිද කියලා කියන්න බෑ කියන එක පහදලා දෙනවා...ඉතින් ඒවෙලාවට...හිතින් යන අය අතින් අල්ලල නවත්වන්නට බෑ.......
හුදෙක් ආතල් එකට සිදුකරන ලද්දක් බව සලකන්න....සමහර දේවල් වලට ගොඩක් කැමති වෙනකොට ඒක තමන්ට සමීප කරගන්න විවිධ ක්‍ර්ම හොයනවනේ මම මේක සමීප කරගත්තේ මෙහෙම ඇහ්!!!
#බැටා

Comments
Post a Comment