අත්වැරැද්ද
කොටිපති ව්‍යාපරිකයෙක් වූ ඔහුගේ තුරුණු බිරිඳ සිය කුළුදුල් දරූ ප්‍රසූතියෙන් මාස කිහිපයක්ට පසු මෙලොව හැර ගියේ බිළිඳාත් ඔහුත් අන්ත අසරණ කරමිනි.මව නොමැති දරුවා බලා ගැනීමට සුදුසු කාන්තාවක් සොයා ඔහු පුවත්පත් දැන්වීමක් පලකලේය.
පසුදින ඔහුගේ නිවස ඉදිරිපස ගැහැණුන් රැසක් පෙළගැසී සිටිනු දුටු ඔහු මේ ගැන සිය ලේකම් ගෙන් විමසන ලදි.
"මොකෝ යකෝ මේ විච්චූරණ කාරියෝ ටිකක් මගුලක යන්න වගේ ඇඳගෙන ඇවිත් තියෙන්නෙ?"
"සමාවෙන්න ඔනේ සර්! පුංචි අතපසුවීමක් වෙලා සර්ගේ දැන්වීමේ අකුරක් එහා මෙහා ගිහින් "
දැන්වීම පළවී තිබුනේ "කෝටිපති වෙළදව්යාපරික මහතෙකුට බිළිදකු ලබා ගැනීම සඳහා දක්ශ,කඩිසර විනීත,ප්‍රසන්න පෙනුමැති කාන්තාවක් අවශ්‍යවී තිබේ.වහාම පැමිණ හමුවන්න.."
#බැටා
Comments
Post a Comment