කූඹිච්චි

අම්මාගෙන් පස්සෙ ජීවිතේ කෙල්ලෙක්ට මුලින්ම ආදරයක් ඇතිවුනේ අවුරුදු 4දි...ඔව් මොන්ටිසෝරි කාලේ...කෙල්ල නම් පට්ටම ලස්සනයි...මාර ෆෝවඩ්..ඕනේ එකෙක්ට උදව් කරන සුපිරි පර්සනැල්ටි එකක් තිබ්න කෙල්ලෙක්...මටත් ඒ කාලෙ පට්ට පර්සනැල්ටියක් තිබ්බා...ඔව් ඔව් මොන්ටිසොරියට ගියපුම දවසේ සිංදුවක් කියන්න කැමති කෙනෙක්.කිව්වාම එකෙක් වත් නැගිට්ටේ නෑ මම ගිහින් දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ කිව්වා ඇහ්....කොහොම හරි කෙල්ලව හැම සතියෙ දවසකම දකිනවා කෙල්ලගෙ නම කියන්න බැරි උනානෙ...ඒකිගෙ නම
කූඹිච්චි...ඔව් ඔව් අර ටීවි එකේ එකී තමා..කොහොමහරි මම බොක්කෙන්ම ලව් කරා ඒකිට අම්මට කියලත් තිබ්බා එයාව බඳින්නම් කියලා..මම මුලින්ම කියෝපු පොඩි අකුරු පොතත් කූඹිච්ව් ඒක අම්මා අරන් දුන්නේ...කොහොම හරි බන් ඒ කාලෙ මම ටික්කො මරන්න ගත්තා හේතුව ඒකි ලඟ අර මිතුරෙ මිතුරේ කිය කිය පස්සෙ එන කාලකණ්ණි සෙවල ටික්ක නිසා ඔව් ඔව් කුරු කුරු තමා..ඕනෙම ලව් එකකට කෙලවෙන්න පොඩි දෙයක් උනත් ඇති නෙ...ඔය ලව් එකටත් කෙලවෙලාම ගියා..ඒක උන හැටි අදවගේ මතකයි...අපේ ගෙදර මිදුලේ කඩාගෙන බිඳගෙන කඩියෙක් දුවනවා මාගේ නිරික්ෂණ ශීලි බුද්ධියට අහුවුනා..මම එතකොට පැද පැද හිටපු පොඩි ට්‍රයිසිකලෙ අත ඇරලා...ටක් කාගා ඌ ගාවට ගියා ...හිතපන්කො...නිකමට ලව් කරන කෙල්ලව පලවෙනි පාර දැක්කාම එන ෆීලින්ග් එක මට ඒක ආවා බන් මම ටක් ගාලා ඌ ගාව වාඩිවෙලා ...කූඹිච්චි මගේ කූඹිච්චී....කියලා සිංදුව කිව්වා මේකි නතර උනේ නැ මම අතින් අල්ලලා අල්ලට ගත්තා....අන්න එදා අපේ ලව් එකට කෙල වුනා....මේ ගල් ෆලුඩා පඩත්තල නීලපීත සුනඛ මූසල කඩියා මගෙ ඇඟිල්ල හැපුවා...අම්මේ ඒ ෆීලින්ග් එක...ඒකි මගෙ අතට නෙවේ හදවතට රිද්දුවා....අතටත් රිදුනා ඉතින්...ඊටපස්සේ ඒ ගස් පඩස්තර මන්දබුද්ධික සැමන් ටින් කඩියාව අල්ලගෙන් උගේ පස්චාත් භාගෙ දෙකඩ කරා...බිමදාලා පෑගුවා ශොපින් උරේක දාලා ඌව කටේ දාලාහැපුවා...චප්පම කරලා...උගේ ඉතුරු බිතුරු ටික ගිනිපෙට්ටියක දාලා මිදුලේ තිබ්බ පිහිඹියා ගහ යට වැළලුවා...එදා ඉඳලා මට කූඹිච්චිව පේන්න බෑ..ඔය වෛරෙ තමා තුත්තිරි යුෂ පොවලා ලඩි ෆයිට් කරලා අයිස් පැකට් ඔට්ටු දාන තැනට ආවෙ..පස්සෙ කොහොම හරි මම මොන්ටිසෝරියෙ ටානියා කියලා කෙල්ලෙක්ට ටොයින්ග් උනා ඒකිත් මට බූට් තිබ්බා ඒක මම පස්සෙ කියන්නම් කො...හෙන අවුල් බන් එකපාරට කූඹිච්චිව මතක් උනා දැන් මේ "තරු මල් යායම පොඩිකර " සිංදුව අහන ගමන් බන්
#බැටා

Comments