ලොවට හොරෙන් එක් වෙමු අපි

නිල් අහසේ ශනිට හොරෙන්
රෑ අහසේ සිසිට හොරෙන්
රහස් හොයන ලොවට හොරෙන්
එක් වෙමු අපි හොර රහසින්
රතු දිලිසෙන කොපුල් පහස
ඔබේ සුසුමේ රැදි උණුසුම
දොරේ ගලා එන සෙනෙහස
මටම දෙන්න හොර රහසින්
ආදරයෙන් හිස සිඹින්න
මගේ පපුවේ ගුලි ගැහෙන්න
නාදලු රතු තොල් සිඹින්න
ලොවට හොරෙන් මගෙම වෙන්න
තවත් ඕනේ ලඟහිඳින්න
ඒත් ගොඩක් රෑවෙලානේ
අම්මා අප්පා ඔබ සොයන්න
කලින් හනික දුවලා යන්න!

Comments

Popular Posts