මල්සරා
මහා බ්‍රහ්මයගේ පුතා....එහෙමත් නැත්නම් අනංගයා,මල්සරා....දෙව්ලොව ඉන්න දඩබ්බරම දෙයියෙක් වෙච්ච මූ ඇත්තටම අපිට ගොඩක් වැදගත් බුලට් එකක්..මොකද කිව්වොත් මූ තමා ඔය කපල්ස් සෙට් කරන්නේ...ඒකිව්වේ මූ ළඟ තියෙනවා හරි අපූරු මෙව්වා එකක්...ඒ මෙව්වා එක පැණිබේරෙන උක්දණ්ඩකින් හදපු දුන්නක් ඒකේ දුනු දිය බඹර වැලකින් තමා හදලා තියෙන්නෙ...මූ ඕනෙම කපල් එකකට ඊතල 5ක් තියනවලු ඒනිසා මූට පන්සර කියලාකියන්නේ...කොහොමින් කොහොමහරි බුලට් එක එකපාරක් ලොකු ටොපියක් කනවා ශිව දෙයියොයි..පාර්වතී දේවියයි සෙට් කරන්න ගිහින් මූව ඇත්තටම ශිව තෙවැනි ඇසෙන් සෙත්තපෝච්චි කරද්දි මුගේ වයිපරේ වෙච්ච රතී ගේමට එන්ටර් වෙලා තමා මූව බේරගත්තා කියන්නේ....කොහොමෙන් කොහොම උනත් දැන් උඹලා අපි මේ දවස් වල කල්පනා කරානේ අපි තාම තනිකඩ ඇයි කියලා..දැන් මම කියන්න යන්නේ ඒකට හේතුව ...මල්සරාගේ රාජකාරිය මූ අකුරටම ඉෂ්ඨ කරන බුලට් එකක් මූ පසුගිය වසරවල් වල ලංකාවට බැහලා ලස්සනට ගේම ගහගෙන ගිහින් තියෙනව.මෙයාගේ ඊතල වලින් එකින් එක තමා කපල් වලට තියෙන්නේ ආදරය ක්‍රමයෙන් වැඩිවෙලා ආත්මගත පෙමක් වෙන්නෙ එතකොටලු කොහොමහරි මූ ලංකාවේ කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි මුගේ මෙව්වා එකෙන් එකම එක ඊතලයක් තියලා..තිබ්බ ගමන් අදාල කපල් එක සෙට් වෙලා ආදරේ කොරන්න වැටකෙයියා ගාලක් අස්සේ රිංගලා....ඉතින් රාජකාරියේ හැටියට වගකීම ඉෂ්ඨ කරන්න දෙවෙනි ඊතලයත් තියන්න එපැයි..මූ ඉතින් වැටකෙයිය ගාල අස්සට ගිහින් ඊතලේ මන්දුකරන්න යනකොටම වටේ පිටේ කොල්ලො ටිකක් මූ අසහනකාරයෙක් කියලා හිතලා ඇට්ටි හැලෙන්න නෙලලා...මුගේ ඇඳුම් ටික ගලවලා ඊතල දෙකක් අධෝමාර්ගගත කරන්න හදද්දී මූ නිරුවතින්ම වෙරළ දිගේ දුවලා...ඉතින් අර කඩප්පුලු කොල්ලො ටික අරූ දුවන එක වීඩියෝ කරලා හිරු gossip එකටත් දාලා...ස්වර්ණවාහිනේ නිවේදකයො කවි කියලා නටලා දවසේ වැරැද්දට ඕක පෙන්නලා ඉතින් මූ ලැජ්ජාවවැඩි කමට අන්න ඕස්ට්‍රේලියාවට ගෑනි එක්ක බෝට්ටුවේ ගිහින් එහේ cupid ද කවුද කියලා නම වෙනස් කරන් ඉන්නවලූ...අන්න ඒ නිසා මගේ යාලුවනේ උඹලා හිත හදාගනිල්ලා අපිට ආයේ කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ...අපි සදාතනිකඩයි...ආයෙත් කියනවා සදා තනිකඩයි...
#බැටා
#බැටා
Comments
Post a Comment