ප්‍රශ්ණ අසමින් ඉගෙන ගන්න

නොදන්න දේවල් නිතරම ප්‍රශ්ණ කරන්න,නොදන්න දෙවල් අහලා දැනගන්න කියලා....පොඩි කාලේ ඉඳන්ම හැමෝම කිව්වා ඒත් මම නම් කියන්නේ ඔය නොදන්න ඒවා හොයන්න යන්න එපා හම්මෝ....ඕවා හොයන් දුක් විඳිනවට වටා නොදැන සිටීම පට්ට ආතල් මොකද කිවොත් මම අත්දැකීම් රැසකින් ඒක අවබෝධ කරන් ඉන්නේ මොකද කිව්වොත්........
ගෙවල් පැත්තේ අඳුරන අක්කා කෙනෙක් හැමදාම ඉදල මිදුලේ ගහකට හේත්තූ කරලා තියලා එයාගේ හස්බණ්ඩා වැඩට ගියාම හැමදාම අර ඉදල බිමට වට්ටනවා මට ඉතින් කුතුහලය ඉහවහා ගිය නිසා ඇයිඅක්කේ ඒ කියලා ඇහුවාම ඒකි මට ඉදලෙන්ම ගහලා තෝ ඕක වෙන කාට හරි කිව්වොත් ඉදලේ ඉරටු තියෙන පැත්ත පස්චාත්භාගේ ගහනවා කිව්වා...ඉතින් මම කට වහන් එතනින් ආවා...මොනා උනත් ඉරටුනේ
තව දවසක් අපේ නෑඳෑ අයියාකෙනෙකු අක්කා කෙනෙකුයි(චූටී ශුදු අක්කී බබා නෑදෑ උනේ අර පාන්කුඩු ගස්ගෝනා බැන්දට පස්සේ) කසාද බැඳලා අලුත්ගෙදරකට ගියා ..උන්ගේ ගෙට ගෙවදීමට ගිහින් කාමර පෙන්වන්න යනකොට කාමරේ ඇඳ ලඟම රේඩියෝවක් මම ඇහුවා මේ ඇයි අයියේ කියලා අයියා ශේප් එකේ ලඟට කතා කරලා තෝ පොඩි එකා,පොඩි එකා පොඩි එකා විදියට ඉඳපන් මගුල් හොයන්නේ නැතිව...කිව්වා.ඉතින් ශේප් එකේ එතනින්මාරුවෙනකොට අයියගේ අම්මා අපේ ගෙදර අයට කියනවා කෙල්ල නම් හරී සීදේවී ආගමට දහමට ලැදී,රෑට නිදාගන්න කලින් කාමරේ පිරිතුත් දානවා කියලා...ඒත් මට තේරෙන්නේ නෑ ඇයි අයියාඅරවගේ තර්ජනේ කරෙ කියලා
තවදවසක් අඳුරන යාලු කෙල්ලෙක්ගේ බෑගෙ එකේ පෑනක් හොයද්දී ඒකේ තිබිලා සුදූ පාට පෙට්ටියේ රෝසමලක් තියෙන බෙහෙත් පෙට්ටියකුයි බෙහෙත් පෙති දෙකක් තියෙන එකක එක පෙත්තකුයි තියෙනවා දැකලා මේ මොකටද බන් මේ කියලා ඇහුවාම ඒකි අතේ තිබ්බ වතුර බෝතලෙන් හිස් මුදුනට කෙලලා මෝඩ වැඩ කරන්න එපා ගොන් බූරුවෝ කිව්වා..එදන් නොදන්න ඒවා දැනගන්න ගිහින් කෙලෝ ගත්තා.
තවත් දවසක එක්තරා ආයතනයක අපි එක්ක ෆිට් එකේ කියෝ කියෝ හිටපු කෙල්ලෙක් එක්පාරට යාලුවෙක් එක්ක එලියට ගියා ඊට පස්සේ ඒකි ආයෙ පන්තියට ආවා ඈතින් මම දැක්කා පිටිපස්සේ පැත්තෙන් ඒකි රෙද්දකින් වහන් මිස් කෙනෙක් එක්ක යනවා(එකිගේ සෙරෙප්පු දෙකෙන් අඳුරගත්තේ)...මම අර යාලුවගෙන් ඇහුවා තොගේ යාලුවා කෝ කියලා ඒකී කිව්වා එයාගේ බඩ රිදෙනවා කියලා වෙලපහින් ගෙදර ගියාකියලා....ඉතින් මම කිව්වා මගෙත්බඩ රිදෙනවා වගේ මමත් රෙද්දකින්වහන් ඇවිද්දොත් මට හොඳ වෙයිද කියලා..මේකී ඒක ටීචර් කෙනෙක්ට කියලා ඒ ටීචර් මාව අව්වේ දණ ගස්සලා තිබ්බා....
එක දවසක් වෙඩින්ග් එක්ක මනමාලි මනමාලිගේ නංගී උන්ගේ යාලුවොයි සප්‍රයිස් ඩාන්ස් ද මොකක්ද එකක් නටලා.අන්තිමට කපල් එක යන්න හදද්දී නංගිව බදාගෙන මනමාලි අඩද්දී මම ඉතින් ඇහුවා ඔච්චර දුකනම් රෙද්ද උස්සන් ඉස්සෙල්ලා නැටුවේ ඇයි කියලා..හම්මේ උන්දෙන්න අතේ තිබ්බ මල්බොකියෙන් කෙලියේ එතැන හිටපු නාකි මැන්ටලයක් පැනලා ශේප්කරේ
ඉතින් යකුනේ උඹලා තාම ඔය ප්‍රශ්ණ අසමින් ඉගෙන ගන්න කියලද කියන්නෙ.... අනේ නිකන් පල යන්න
#බැටා

Comments

Popular Posts