සමාවෙයන් අම්මේ දුප්පත් කමට

බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට
මැනලා වී ටිකක් දුන්නා මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

පුතා:-
බඩගිනි වෙලා උඹ ආ කල මගේ ලඟට
දෙමිටයි තිබුනේ දරුවන් හට කවන්නට
මැනලා වී ටිකක් දුන්නෙත් නැතිකමට
සමාවෙයන් අම්මේ  දුප්පත් කමට

ඉඩ මදි පැලේ අපි සැමටම වෙසෙන්නට
දරුවන් දසදෙනෙක් ඇත්තේ මට රකින්නට
ඒකයි මැනල වෙන්කලෙ මේ හාල්මිට
සමාවෙයන් අම්මේ දුප්පත්කමට

#බැටා

Comments

Popular Posts