පූසෙක් වෙන්න

මට ආසයිමට ආසයි පූසෙක් වෙන්න
පෝය දවසක,
දුම්මැස්සෙන් කරවල කූරියෙක්
ඩැහැගන්න...
ඒකත් අරන්,
පෝයට "ගහන්" නැති නිසා
ආච්චි ලඟ ඉඳන් කිණ්ඩියට
ඤාව් කියන්න....
මට ඕනේ
උඹේ ගෙවල් හොයන් පිම්මේ
දුවන් එන්න
උඹේ අම්මා ඉස්සරහම
උඹේ ඔඩොක්කුවේ නිදාගන්න,
උඹ මගේ ඔලුව අතගාද්දී
"නැන්දම්මට" ආඩම්බරයෙන්
ඤාව් කියන්න....
මට ආසයි....
නැන්දම්මා ලඟට එනකන් ඉඳලා
බෙල්ල හූරලා දුවන්න....
දුවලා ගිහින් බස් එකක අඩයකට
ඉන්න
ඇස් දෙක දොට්ට පැන්න
මංදිහා බලන්
උඹ දුක් වෙන හැටි,
බල බල
හිනාවෙන්න...
#බැටා


Comments

Popular Posts