ශනුද්‍රි ප්‍රියසාද් මාවල් විශ්වයට??

මෑත කාලයේ ශ්‍රී ලංකික සිත් සතන් වලට සමීපම වු සියලු ශ්‍රි ලාංකිකයින් සංවේදි කල ටෙලි නාට්‍යක් වේ නම් ඒ "දෙවෙනි ඉනිම " පමණි. ශ්‍රිලාංකික ප්‍රේක්ශකය පමණක් නොව සමස්ථ ලෝක වාසි ජනතාවගේ සිත් සතන් ඇඳබෑදගත් ට්වී සීරීස් එකක් වන දෙවනි ඉනිම තම සෑම කතාංගයක්ම යූටියුබ් හි ටොප් ට්‍රෙන්ඩි 10 අතරට පැමිනිමට සමත් වීම නිසාම බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ අවදානයද ශ්‍රි ලාංකාව වෙත ලැබුනේ නිතැතින්මයි.
පසු ගිය කාලේ ස්කුබිඩූ කාටූනයේ බූත පෙට්ටගමින් නිදහස් වූ භූතයන් 12ක් නැවත භූත පෙට්ටියට දැමීමට ස්කුබි ඩූ කණ්ඩායමට සහය වීමට පැමිණි මැජික් විල්සන් මාමා කියන චරිතය පාදක කරගනිමින් හොලිවුඩයේ මහවල් ආයතනය නිර්මාණය කරන ලද Dr Strange හෙවත් අරුම පුදුම ඩොකා චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබුවකි.එහි අධ්‍යක්ෂකවරයා වූ scott derrickson මහවල් ආයතනයේ පියා ලෙස නම් දරණ stan lee සහ මහවල් ආයතනයේ වර්තමාන විධයක අධ්‍යක්ශක ලෙස කටයුතු කරන kevin feige මහතා සහ ශ්‍රී ලංකාවේ ඉහත කී පරිදි ලොකයේ නිර්මාණය වූ හොඳම tv series එක වන දෙවෙනි ඉනිම රචනා කල සමන් එදිරිමුනි මහතා සහ එය අධ්‍යක්ශණය කල සාරංග මෙන්ඩිස් මහතා අතර රහස් සාකච්ඡාවක සිදුව තිබෙනවා..ඒ අනුව Dr strange චිත්‍රපටයේ පුරාතන එකා නොහොත් ancient one චරිතයහි අතීත කතාව ශ්‍රි ලංකාව ඇසුරෙන් නිර්මාණය කිරිමටත් ancient one චරිතය නිරූපණය කල Tilda swintin නම් නිලිය වෙනුවට ආදේශකයක් සොයාගැනීමටත් ඔවුන්ගේ අරමුණ වී ඇත.
එහිදි සමන් එදිරිමුනි මහතා තම සීයා ඒ කාලෙ මල්වට්ටියක් හදන්න දුන් බවත් එමගින් බුද්ධාගම අවබෝධ කරගත් බවත් පැමිණ සිටි අයට ප්‍රකාශ කර Tildaට අඩුම තරමේ සුමති සම්මාන උළෙලේ සම්මානයක් වත් නැති හෙයින් ඇය වෙනුවට ශ්‍රී ලාංකික හදවත් රාගයෙන් ආදරෙය්න් සෙනෙහසෙන් බදුබරෙන් භෞමික අඛණ්ඩතාවයෙන් උණ්ඩකපුච්චයෙන් චතුර්මානයෙන් පිරි ඉතිරවු 2002 වසරේ තිරගතවු "ඔන්න බබෝ" චිත්‍රපටයේ රිලවෙක්ගේ සමග සිටින දැරියකගේ චරිතයෙන් සිනමාවට පැමිණි සුමති සම්මාන පවා ජය්ග්‍රහණය කල ශනුද්‍රි ප්‍රියසාද් තරම් මේ චරිතයට ගැලපෙන කෙනෙක් නැති බවද පෞරාණික එකාට අවශ්‍ය අතීත කතාව දැනට විකාශය වන දෙවෙනි ඉනිම තුලින්ම ගොඩනගා දෙන්නටත් ඔහු පොරොන්දු වී ඇත. මෙය ඇසු විගස ශනුද්‍රි තම කෙස් කලඹ මන්නයක් මගින් කපා දමා මම ලෑස්ති මම ලෑස්ති මම මේක රඟපානවා යැයි කිමට තරම් උනන්දුවක් ඇති ශානුද්‍රි ප්‍රියසාද් ගෙන් වර්තමාන නිලියන් යැයි කියාගන්න පියරු බබාලට ඉගෙනගන්න ගොඩක් දේවල් ඇති බව නැවත නැවතත් පසක් කරමිනි. ඒ අනුව නුදුරු අනාගතයේදි පෞරාණික එකා හෙවත් ancient one චරිතය ශ්‍රී ලාංකික නිලි රැජිණගේ රංග ප්‍රතිභාවෙන් මහවල් විශ්වය පුරාවටම පැතිරේවි.
ඒවෙනුවෙන් නොභියව ක්‍රියාකල සාරංග මෙන්ඩිස් මැතිතුමාටත් සමන් එදිරිමුනි මහතාටත් ශනුද්‍රි ප්‍රියසාද් මැතිනියටත් අපි හදවතින්ම සුභ පතන්නෙමු!
කූඹියෝ පැන්ස්ලට රිදෙන්න ශෙයාර් කරන්න යාලුවනේ!!

Comments

Popular Posts