කපුමහතෙක් හා මිතුරුව

මචන් මගෙ කල්කිරියාව හොඳ නෑ කියලා...කවුරුහරි පරට්ටියෙක් අපේ ගෙදරට කියලා...ඕකට ඉතින් හීනියට භීෂණයක් ගියා...අවසානයේ අපේ ආච්චිගේ තීරණය වූයේ මට මහා සන්නියකා හෝ මළ මෝහිනියගේ බැල්ම වැටී ඇති බවයි මළමෝහිනී කෙසේ වෙතත් පාරේ යන කෑල්ලක් වත් ටෝක්ස් නොවූ මට ඒය ඇසූ විට දැනුන ප්‍රීතිය කියා නිමකරන්නට නොහැකි විය...කෙසේ හෝ ආච්චීගේ ගමේ,එහෙමත් නැත්නම් මලගල ප්‍රදේශයේ පට්ට කට්ටඩියෙක් ඉන්න බවත් ඌ එළකිරි එකට දෝෂ හොඳ කරනබවත් කී නිසා ගෙදර උන්දැලා මාවත් රැගෙන ඒ අට මංගල්ලෙට යන්නට විය...කෙසේ නමුත් කළු පාට ටී එකක් ඇන්දාම ඒක ඇකැප බව කියමින් වඩිග පටුන නැටූ අපේ ආච්චී...ඒ කමිසය මාරු කර රතු පාට එකක් ඇන්ද විට දෙවොල් යකුම,මගේ ඉදිරියේ නටන්නට විය..ඒ අනුව අදාල යකා උග්‍ර ජේවීපී විරෝධියෙක් බව තේරුම් ගත් මා.. සුදු ටී එකකින් මාගේ ගත සරසවා ඩෙනිමකින් විලි වසාගත්තෙමි... කෙසේ හෝ ගමනට පිටත් වීමට මොහොතකට පෙර මා පසුපසින් රහසින් පැමිණි ආච්චී ගරිල්ලා ප්‍රහරයක් එල්ල කරන වියට්කොං ඩයල්.එකක්.වගේ අල්ල පුරවාගත් පොල් තෙල් පාරක් කන දිගේ බේරෙන්න දමා ගැසුවේය..මා එල්ල කර ප්‍රභල තර්ක බලුමයිලකට මායිම් නොකර කපුටු කූඩු තර්කය ගෙනහැර දක්වාමා නිහඩ කල අතර බල්ලාවගේ වාහනේට නැගලා ගමන යන්න පිටත් විය...යන මග දිගේ මාගේ හෑලි කට වසා සිටින ලෙසත් අනවශ්‍ය කතා නොකියන ලෙසත් පැවසීය...ඒ අනුව අදාල ප්‍රදේශයට සැපත් වූ අතර දෙහි ගෙඩි දෙකක් කැපිමෙන් අනතුරුව මා සිහිසුන්වී ඇත....පස්සේ මචන් සිහිය ආවම මම ඇහුවා මොකෝ කපූ, සීන් එක කියල සැබවින්ම මට කපුවෝ කට්ටඩියෝ ගැන මෙලෝ විශවාසයක් තිබුනේ නැත යැයි පැවසුවොත් සත්‍යකි මක්නිසාද යත්...අර කෝල් කරලා බයිට් කරන හොරකපුවාගෙ වාග්විලාශය,සහ සිත් ගත්කළු කුමාරි, සඳමාලිගේ කතාවල කපුවගේ ක්‍රියා පිලිවෙත අනුවයි ..කෙසේ හෝ මා ඇසු විස්තරයට අනුව ඔහු පිලිතුරු දීමට ආරම්භ විය...ඌ කිව්ව කතාව..මම කෙටියෙන් දක්වන්නම්....මම කාලයක් ඊජිප්තුවේ...තුන්කාමන්ගේ ගෝලයෙක් වෙලා ඉඳලලු...මම ඒ කාලේ ඉඳන්ම මේ වගේ ගොන්බූරු මරිමෝල් වැඩලු කරන්නේ ....ඒකාලේ නක්ශත්‍රකාරයෝ කිව්වලු අහවල් දිනයේදී ඔය තුන්කාමන් මැරෙනවා කියලා..ඉතින් මූ.මැරෙන්න කලින් පට්ටෙට පිරමීඩයක් ගහලා ඉවර කරාම මූට ඕනේ උනාලු...ඇඩෙන්න චිත්‍ර වගයක් ගහන්න...ඒකාලේ බන් උන් චිත්‍ර ඇඳලා තියෙන්නේ..පැපිරස් කියලා කොල වර්ගෙක ඔය කොලයක් හදන්න මාසයක් දෙකක් යනවලු...ඉතින් මුන් කිසි කිස් ගාලා ඔය කොල සෙට් එක හදලා...ගෙනල්ල තීබිලා බන් ...කොහොම හරි මුන් චිත්‍ර ටික අදින්න ආවම...කොළ ටික මිස්න්ග් ලූ ඒවෙලේම කොල බාරව හිටපු ආරක්ශයකව මරලා දාලා...ඊට පස්සේ හොයම් එනකොට මම මචන් අර කොල ටික පන්නලා ඇවිත් නයිල් නදීය ගාවා ඉදන් බෝට්ටූ හදලා පාකරනවලු...තුන්කාමන්ට මල පැනලා මට කෙලින්න ආපු ගමන් මම උට කතා කරලා මගෙ ලඟ වාඩිකරලා ..අර කොල වලින්ම.සුපිරියට මලක් ඔතලා දීලා...පස්සේ ඌ එක ගහලා...සතුට වැඩිකමට ඉතිරි කොල වලින් බෝට්ටූ හදලා පාකරලා...පස්සේ ඌ කියලා මාව ඌගේ මරණෙන් පස්සේ පාරාවෝ වශයෙම් සලකන්න කියලා...ඌ උගේ චිත්‍ර ශිල්පියොන්ට කරගන්ම දෙයක් නැතිව ඉන්නකොට මම.කිව්වලු පිරමීඩ වල බිත්තියේ චිත්‍ර අඳින්න කියලා...පස්සේ ඔන්න ඔහොමලු බිත්ති චිත්‍ර බිහිවුනේ...කොහොමහරි ඔය මරලා දාපු ආරක්ශයක අවුරුදු දහස් ගනනක් මාව හොයලා හම්බු වෙලාලු..ඔය මට කෙලින්න ආවේශ වුනේ...
පස්සේ අපේ කපූ බ්‍රෝ ඌව මාමයිට් කුප්පියකට දාල හිර කරලා...ඊට පස්සේ මචන් මම කපූ එක්ක කතා කරන්න සෙට් උනා...මම ඌගෙන් ඇහුවා ඇයි අංකල් මේ සෙනසුරාදටම වැඩ කරන්නේ අංකල්ට නිවාඩු දවස නිසාදකියලා...එතකොට අපේ ආච්චී කට කට කියලා කෑගැහුවා....මොනා උනත් කපු බ්‍රෝ හොඳ එකා ඌ කිව්වා නෑ නෑ පොඩිඑකානේ කමක් නෑ..පුතේ උඹේ ප්‍රශ්න ඔක්කොම.අහන්න මම උත්තර දෙන්නම්..මේකාලේ ළමයි ප්‍රශ්න අහන්නේ නෑ දෙවියෝ බුදුන් විශ්වාස කරන්නේනෑ .ඒ අතින් මේ දරුවා කොච්චර යහපත්ද...අහන්න කිව්වා...ඒ වෙනකොට මට ප්‍රශ්න 100ක් විතරගොඩ ගැහිලා තිබ්බා මම අහන්න පටන් ගත්තා...
අංකල්....ඇයි සෙනසුරාදටයි බදාදටයි විතරක් වැඩකරන්නේ....
එදාටද අංකල්ට වැහෙන දේවතාවට නිවාඩු තියෙන්නේ...
එතකොට අනිත් දවස් 5 උන්වහන්සේ මොනාද කරන්නේ...
උන්වහන්සේ බොනවද??
වැරදිලා හරි අංකල්ට මැරිච්ච සුද්දෙක් වැහුනොත් අංකල් කිසි කිසි ගාල කඩ්ඩෙන් වනයිද?
ජපානේ කොරියාවේ මැරිච්ච් හොල්මන් වල ඇස් හීනිද??
හොල්මන් කම්මැලිකම යන්න මොනාද කරන්නේ...?
මට හොල්මන් කෑල්ලක් හරි දේවතාවන්වහන්සේගේ කෑල්ලක් හරි ටෝක්ස් කරලා දෙන්න බැරිද...?
අංකල් ඔය කියන තරම් මහාපාකලූලානම් අංකල්ගේ පුතා ඇයි A/L revision ආයේ යන්නේ??
..එතකොට...කියලා ඊළඟ ප්‍රශ්ණේ අහන්න විතරයි ගියේ...කියන්න සංතෝසයි දොරේ තක්කඩි කට්ටඩියා පොල්මලක් අරන් ලඟට ආවා...ඌ නෙලුවා මහත්තයෝ නෙලිල්ලක් පොල් මලෙ ලෙලි යන්න ...අවුලක් නෑ පස්සේ උගේ ගැනි මොනාද මන්දා ගෑවා..ආයේ ඔය වගේ නොහොබිනා කතා කියන්න එපාලු දේව කෝපෙලු...කලබල අස්සේ මාමයිට් කුප්පිය වැටිලා කුඩු වෙලා...අවුලක් නෑ ඒ හිර වෙච්ච හොල්මන මගේ එල බොක්කක්...ඌත් දැන් මාත් එක්කමයි ඉන්නේ...
#බැටා

Comments

Popular Posts