Titanic,inception සහ shutter Island.
Titanic එකේ Jack කියන්නෙ ඇත්තටම inception එකේ Cobb ටමයි කිව්වොත් ඔයාල විශ්වාස කරනවාද??
මෙහෙමයි Jack කියන්නෙ Rose ගේ ඔලුවේ තියෙන රහසක් හොයන්න ආපු කෙනෙක්.ඒ රහස තමයි ෆිල්ම් එක පුරාවට අපිට Heart of the Ocean කියන මැණිකෙන් සිම්බල් කරලා පෙන්වන්නෙ.ඇත්තටම ඔය ටයිටැනික් නැව ගිලෙනකොට Rose ඒ නැවේ ඉඳලා නැ ඒත් එයා ඒකේස් එක ගැන සැහෙන්න interest කෙනෙක්.ඒනිසයි Titanic විදියට හීනෙ ඩිසයින් කරන්නෙ.Jack කරන්නෙ Rose ගේ ඔලුවට රිංගලා ඒ රහස දැනගන්න එක විතරයි
Inception ෆිල්ම් එකේ උන් හීනෙන් නැගිට්ටවන්න වතුරට වට්ටන එකපාවිච්චි කරනවා වගේ ඔය හීනෙ අතර මගදි හීනෙන් ඇහැරෙන්න ඕනෙ විදියත් ඔයවගේම design කරලා ඇති.ඒකටuse කරන්නෙ titanic නැව ගිලිලා යන වෙලාවට ගානට cobbව වතුරට දාන එක වෙන්න පුලුවන් ඒනිසයි jack, rose ව වතුරෙන් උඩ තියලා එයා හිමීට ගිලිල යන්නෙ.ඇත්ත ලෝකෙ සම්පුර්ණයෙන්ම වතුරෙන් cobb යටවෙද්දි ජැක් හීනෙදි ගිලෙනවා.
නැත්නම් සමහර විට Titanic Film එකේ පෙන්වනවා වගේ ross කියන්නෙ අර Heart of the ocean මැණික අරං යන කෙල්ල.ඒත් මැණික අතුරුදහන් වෙනවානෙ.ඕක හොයන්නනේ ඇත්තටම ඔය වයසක rose වත් අරං කට්ටිය මුහුදු යන්නේ.ඒ අය ඇත්තටම කරන්නෙ වයසක Rose ගෙඔලුවට ගිහින් ඇත්තටම දියමන්තිය කොහෙද තිබ්බේ කියලා හොයන එක.ඒකට මේ අය use කරන්නෙ Inception එකේ Cobbව.
ඇත්තටම Rose කියන්නෙ Titanic නැවේ එයාගේ Boyfriend එක්ක පට්ට සතුටින් ගියපු කෙනෙක් වෙන්න ඇති.ඒත් අර මැණික හොයන්න ඕනෙ නිසා Cobb හීනෙදි මේක වෙනස් කරලා එයා පට්ට දුකෙන් ඉන්න කෙනෙක් කියල දැනෙන්න දීලා හීමිට දියමන්තිය තියෙන තැන හොයාගන්නව වෙන්න පුලුවන්.පස්සෙ roseගේ ඔලුවෙන් දියමන්තිය අදහස අයින් කරන්න ඕනෙ නිසා ඒ හීනෙට උඩින් තවත් හීන layer එකක් දාලා ඒ හීනෙදි Rose දියමන්තිය මුහුදට විසිකරනවා කියල එයාටම පෙන්නුවා වෙන්න පුලුවන්.ඒත් ඇත්තටම ඒවෙලාවෙ කරන්නෙ දියමන්තිය rose ගෙන් අරගන්න එකඅරගෙන roseගෙ ඔලුවෙන් දියමන්තිය මකන එක.ඒ හීනෙන් මේ හීනෙට මාරුවෙන එක කරන්නෙ titanic එකේ ජැක් ගිලිලා මැරෙන එකෙන්.
ඔය සිද්දි දෙක කොහොම උනත් titanic හීනේ ඇත්තම Cobbට සැහෙන්න බලපානවා.මොකද කියනවානම් Cobbඇත්තටම හීනෙන් දැකපු තරුණ Rose ආදරය කරන්න ගන්නවා .ඒ ආදරය කොච්චර දරුණු වෙනවද කියනවානම් එයාගෙ හීනේයි එයාගෙ Relaity එකයි අතර පවා තියෙන දේවල් මාරුවෙනවා.වෙනස අඳුරගන්න බැරිවෙනවා.
ඔය නිසා Titanic එකේ වයසක rose ට බබාලා දෙන්නෙක් ඉන්නවාකියන එක cobb ට ඔලුවට යන්නෙ එයාට බබාලා දෙන්නෙක් ඉන්නවා කියලා.ඒකයි inception එකේ Cobb ට බිරිඳ ගැනවිකාර වෙච්ච මතකයක් හා දරුවෝ ගැන හොඳ මතකයක් තියෙන්න හේතුවෙන්නෙ.
Inception එකේ අර ජපන්ඩයල් එකගේ බලකොටුවටමුහුදේ ඉඳන් ගොඩගහපු එකෙක් වගේ යන්නෙත් titanic එකෙන් ආපු ආභාෂේ නිසාමයි.
අනික inception එකේ අන්තිමට මිනිහා Arctic මිලිටරි බේස් එකක් දකින්නෙත් අර titanic හීනෙදි අයිස් කන්දක හැප්පිලා ආපු shock එක නිසාමයි.
අන්තිමට කොහොම හරි මේ jackකැරැක්ටර් එක නිසා Cobbට පිස්සු හැදෙනවා.පිස්සු හැදුනාට පස්සෙ යන කතාව තමයි පස්සෙ shutter island කියලා ආවේ.ඒක ගැන පස්සෙ කියන්නම්.
Comments
Post a Comment