නන්දා මාලනී මැඩම් කියනවාවගේ.... තරුද නිදන මහ රෑ නින්ද යන්නෙ නැති වෙලාවක මතක පොතක් කඳුලින් කටු ගෑවිලා මහ රෑ කවි කියවුනොත් ...........

-අපේ මල්ලි-
අම්මේ....ඕඩිව එලියට දාලා දොර වහලා...ඇතුලට ගන්නකෝ.... ඌ එලියේ ඉඳන් උඩුබුරනවාද කොහෙද!!!.
-අපේ අම්මා-
අර අසමෝදගම් ටිකක් බීලා නිදාගන්නවා...නැත්නම්.ක්රීම් රාජ ගුලියක් බොනව...බඩ් රිදෙනවනම්
-අපේ ආච්චී-
ඕකනේ ඕකනෙ...ඇහැව්වද ඕලෙවල් කාලෙ බාර වෙලා දැන් පන්සලකට යන්නෙ නෑ...බාර ඔප්පු කරන්න...ඔය එන්නෙ ඔය තියෙන්නෙ ප්රතිඵල...කොහෙද...අගේට පන්සල් ගියපු එකාට මල යකෙක් ගැහුවා වගෙ පන්සලඑපා උනානෙ...ඒකයි ඔය නරකහීන පෙන්නෙ..ඉතිපිසෝ කියලා නිදාගන්නවා ළමයො.....හෙටම යං බාර වෙච්ච සිවුර පූජා කොරන්ඩ
-අල්ලපු ගෙදර රත්නේ මාමා-
හත්තිලව්වේ......ආයේ ජපන්නු ලංකාවට බෝමබ ගහනවද කොහෙද! නැත්නම් ආයෙ කොටියො කුරුම්බැට්ටි වලින් කොළඹට ගහනවද කොහෙද.....
-පිටිපස්සෙ ගෙදර ඇන්ටි-
චීපුහ් වල් පූසෝ...රෑ තිස්සෙ හැමිනෙන්න පටං ගන්නවා....වද දෙන්න අපිට!(ඉඳුල වතුර එකක් තාප්පෙට උඩින් විසි කරමින්)
-මෙහා ගෙදර එකා-
කවුද ඕයි මේ මහ රෑ ලී ඉරන්නෙ....!
-මෙහා ගෙදර එකාගෙ ගෑණි-
අනෙහ්හ්හ් බල්ලෙක් බස් එකටවත් හැප්පිලාද කොහෙද අමාරුවෙන් කෑගහන්න සද්දයක් එන්නෙ!!!
-අල්ලපු ගෙදර සිරියා නැන්දා-
(චූ කරපු ඉලපත්තක් අරං)පලයං බැල්ලි පලයං තොපිට දෙන්න මිනිස්සු මෙහෙ නෑ පලයං දෑහැට නොපෙනී පලයං බෝදිලිං පරට්ටියේ පලයං!!!
(2019.05.18)

Comments

Popular Posts