මම රැයක් වූදා

ඔබ අඳුර නොම වී
සඳක් වුනි නම්
එළිය විඳ හිනහෙන්න තිබුණා
මම ඉරක් වූ දා
ඔබ මලක් නොම වී
පිණි බිඳක්වුණි නම්
වරක් හෝ සිප ගන්ට තිබුණා..
මම සයුර වූදා
ඔබ නතර නොමවෙන
මහ ගඟක් වුණි නම්
කොතන හෝ හමුවෙන්න තිබුණා
මා ඔබේ වූදා
ඔබ මගෙම වුනි නම්
දුක් නොවී මියයන්න තිබුණා
මියදුණත් සැනසෙන්න තිබුණා...

Comments

Popular Posts