පොලිටිකල් කරෙක්ට්නස් සහ ඉපැරණි චාරිත්‍ර

 සමහර විට තව ටික දවසක් යනකොට හැම මෑ ඇටේකම පොලිටිකල් කරෙක්ට්නස් හොය හොය බුකියේ හැලි ලියන එවුන් සහ උන් වටේ ඉඳන් කොතල පදය නටන එහෙයියෝයි අවුරුදු උත්සව ගැන මෙහෙම කියයිද දන්නැ...

අසාධරනයක් වනඕනෑම මොහොතල ඊට විරුද්ධ වෙන්නත් ඒ වෙනුවෙන් කතාකරන්නත් බලාත්මක වන්න.එය කෙතරම් සම්ප්රදායික හ ඉපැරණි චාරිත්රයක් වුවත් එය වැරදිනම් එයට විරුද්ධ වන්න.
ඔබ සිතා බලන්න "කනා මුට්ටි ගහනවා" කියන තරඟය කෙතරම් වැරදි සහගත නමක්ද? මෙහිදි කනා ලෙස පුන පුනා කීමෙන් දෘෂ්යාබාධිත පිරිසට සෘජුවම අපහාසයක් වන බව ඔබට නොතෙරෙන්නෙ මන්ද? ඒනිසා එවැනි කරුණු විශේෂ් කරුණු ලෙස හුවා නොදැක්වෙන පරිදි මෙම ක්රිඩාවට නම තබන්න,උදාහරණයක් ලෙස "දෑස්වසාගෙනා මුට්ටිබිඳිම" වැනි නමක් යොදාගත හැක. එසේ කිරීමට නොහැකිනම් මේ ක්රිඩාව උත්සවවලින් ඉවත් කලයුතුයි.
අන්ධයාට කිරි කැවිම තුල ඇත්තේද එවැනි වෛරිසහගත ප්රකාශයකි.ඉහත කරුණු නිසා එහි නමද දැස් වසාගත් තැනැත්තාට කිරිකැවිම ලෙස වෙනස් කිරිම හෝ එම තරඟය ඉවත් කිරීම සිදුකලයුතුයි.
මාගේ ප්රබල විවේචනයක් ඇති අනිත් තරඟය වන්නෙ අවුරුදු කුමරා හෝ කුමරිය තෙරිමයි. මිත්රවරුනේ අප මේ සිටින්නෙ 21වන සියවසේ ඉතින් තරඟයකට වුවත් කාන්තා හා පිරිමි වීම නිසා කාණ්ඩ දෙකකට වෙන් කිරිම කෙතරම් නිවැරදිද යන්න ගැන අප සිතාබැලිය යුතුයි.මෙය ගැන ඇති විවේචනය වන්නෙ මෙවන විට ගොලියවශයෙන් ලිංගිකත්වය මත කාණ්ඩ කිරිම යල්පැනගිය කරුණක් ලෙස පිලිගෙන තිබිමයි.ඒ අනුව ලිංගිකත්වය වෙනුවට ලිංගික නැමියාව මත පදනම් වී අවුරුදු උත්සවය තුල සමරිසියන්ට,හරස් විලාසිනියන්ටද ඉඩහසර විවර කරදිමට හා ඔවුන්ගේ නැමියාව මත පෙනිසිටිමට ඉඩ ලබාදිම හෝ එසෙ නොහැකිනම් මෙම තරඟය ඉවත්කිරිම සිදුකලයුතුයි.
කඹ ඇදිම,කොට්ටපොර වැනි 21 වන සියවසට නොගැලපෙන ගොත්රික තරඟ ඉවත්කිරිම අනිවාර්යයෙන්ම සිදුකලයුතුය මක්නිසාද තවදුරටත් ශක්තිය මත ජයග්රාහකයන් තෙරිම යනු ඉතා මුග්ධ සහ ගෝත්රික මිම්මක් වීමනිසායි.ඒනිසා එවැනි මුග්ධ තරඟාවලි ඉවත් කර දැමිම සමාජියිය වශයෙන් අත්යවශය කරුණු වේ.
එමෙන්ම හොඳම හිනාව,හොඳම ඇඬිම වැනි තරඟ ගැන මට ඇත්තේ විශාල පිලිකුලකි.මිනිසෙකුගේ හැඟිම් ප්රකාශ කරන ආකාරය ඔවුන්ට ආවේණිකය,එවැනි ආවේණික දෙයක ලස්සන හෝ හොඳම දේ තේරිම යනු මට අනුව ඉතාම මෝඩ කාර්යයකි.එසේ තෙරිම මගින් තවත් ඖඑකුගේ සිනහව කැතයි,ඇඬිම කැතයියන මතය සමජ ගතකිරිම ඉතාම වැරදිකරුණකි.ඒනිසා එවැනි ඒවා ඉවත්කලයුතුයි.
තවද මා දැක ඇති කිසිම අවුරුදු උත්සවයක ග්රිස් ගහ නැගිමේදි කන්න්තාවන් සහභාගි වනවා මා දැක නැත එය කාන්තාවන්ට වන විශාල අසාධර්රණයකි.මින් මතුවට එවැනි තරඟ පැවැත්වෙනවිට ( කඹ ඇදිමෙදිද මෙය භාවිත කල හැක) කණ්ඩායමකට කන්තාවන් තිදෙනෙක් එකතු විම අනිවාර්ය කලයුතු අතර එයින් එක් කාන්තාවක් වත් සමරිසි විය යුතුය.මීට අමතරව හරස්විලාසිනියක් එකතුකිරිම අනිවාර්ය වන අතර සමරිසි පිරිමින් සිටිම මත කන්ඩායමට අමතර ලකුණක් ලබාදිය යුතුය.
විකට ඇඳුම් තරඟ නමින්,තවත් අයෙකුගේ වෘත්තිය හෝ ජිවන විලාශය අනුකරණය කරමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරමින් සිදු කරන ක්රිඩාව සභ්ය හා දියුණු සමාජයකට නොගැලපෙ නිසා එවැනි තරඟ ඉවත් කලයුතු යැයි මම අදහස් කරමි.
සෑම ජඩ ක්රියාවකටම එරෙහිව පෙල ගැසෙමු.
සමානාත්මතාවය,යුක්තිය වෙනුවෙන් බලාපොරොත්තු පොදි බඳිමු.

Comments

Popular Posts