ඌට කරන්නේත් ඒ ටිකමයි
ඔන්න පුතේ දවසක් මිනිහෙක් බාර් එකකට වෙලා පොල් අරක්කු බෝතලයක්, සෝඩා බෝතලයක් සහ චිකන් ඩෙවල් ප්ලේට් එකක් එහෙම ඕඩර් කරලා කොනෙ මේසෙක හරිබරි ගැහිලා වාඩි උනාලු ඇහ්.
ටික වෙලාවකින් ඕඩර් කරපු බඩු ටිකත් අරගෙන වේටර් එතනට ඇවිල්ලා මේසෙඋඩින් ගානට මිම්මට බඩු තියලා එතනින්ගියාලු. ටික වෙලාවක් යනකොට වේටර්ට පේනවලු මේ මිනිහා ශොට් එකක් දානවා.කොප්පෙන් පොඩ්ඩක් ඌගෙ කෝට් එකේ සාක්කුවට වක්කරනවා.මස් කැල්ලක් කනවා පොඩි කැල්ලක් කොට් එක අස්සට දානවා.මේක බලන් ඉන්න බැරිම තැන වේටරයා මේ මිනිහා ලඟට ගියාලු.
"මොන ලබ්බක්ද ඕයි තමුසෙ ඔය කෝට් එකට අරක්කු හල හල කරන්නෙ???"
කුනුවෙන්න බීලා හිටපු මිනිහා එකපාරට...
"තමුසෙ මේ මගේ දේවල් වලට හොම්බ දාන්න ආවොත් තොගෙ හොක්ක.කැඩෙන්න ගහන්නෙ දැනගනින්!" කියලා සැරෙන් කිව්වලු ඇහ්.
චාටර් වෙච්ච බව තෙරිච්ච වේටරයා ශේප් එකේ එතනින් මාරු වෙන්න යනකොට එකපාරට "ස්ස් ස්ස්" ගාලා සද්දයක් ආවලු.
ඉතිං වේටරයා ඒ මොකක්ද ඒ සද්දේ කියලා බලන්න ආපහු හැරිලා බලනකොටම අර මිනිහාගෙ කෝට් එකෙන් හොම්බ දික්කරපු පොඩි ලේනෙක්
"තමුසේගේ ගෙදර පූසෝ එහෙම ඉන්නවානම් ඌටත් ගිහින් කියහං මං ඌට කරන්නේත් ඒ ටිකමයි "කියලා කිව්වලු
(2019.10.05)
Comments
Post a Comment