කැබිලිත්තයි කතරගම දේවාලෙයි ලංකාවෙ නැතුව ටිකක් ලොකු රටක තිබිලා ඒකට ජීප් හරි මොන්ටෙරෝ ස්පොර්ට්ස් එකක් හරි මොකක් හරි 4වීල් ඇඩ් එකක් ගහන්න ආවොත් මම ගහන්නෙ,
මිනිහෙක් දඩ කැලේක මාර ලක්ෂරි වාහනයක් එලවං එනවා පෙන්වනවා චූටි ලෝ ඇන්ගල් එකකින් තියපු කැමරාවක් වාහනෙ ඇතුලට දාලා.මිනිහා එන්නෙ කැලේ ඉඳන් හෙන සතුටින් ..
එක තැනකදි අපිට වෙහිකල් එකඑකෙ සද්දෙ ලාවට අඩුවෙලා හීනි ගෙජ්ජි සද්දයක් එක්ක ආයෙම සද්දෙ එනවා....ඒවෙලෙ වාහනෙ ඇතුලේ මිනිහාගෙ එහ පැත්තෙ ශිට් එකෙ මිනිහෙක් ඉඳගත්තාම වගෙ එබෙනවා පෙන්වනවා පිටිපස්සත් එහෙම එබෙනවා.
ඊලඟට වාහනෙ එන දුවිලි කාගෙන වතුර මැද්දෙන් එහෙම එකේක විදියට එන ශොට් ටිකක් එක්ක මරු ශොට්ස් ටිකක් එක්ක බ්රැන්ඩ් වින්ඩෝ එක දානවා නැත්නම් උඩින් අකුරු දාලා බ්රැන්ඩ් එක දානවා.ටැග් ලයින් එකක් යවනවා "කම්ෆර්ටබල්ම වාහනය" විදියට පේන.
ඊට පස්සෙ පෙන්වනවා වෙහිකල් එක කතරගම දෙවාලෙ ගාවින් යනවා කියලා අර වාහනේ ජනේලෙකින් හරි වීස්ක්රින් එකට වැටෙන හෙවනැල්ලක් වගෙ හරි එතකොටම වාහනෙ එබිලා තියෙන එක නැති වෙනවා ...පිටපස්සෙ තනි මොණර පිහාට්ටක් පෙනිලා නැතිවෙනවා...වාහනේ යනවා...කැමරාව වාහනෙන් අවුට් වෙලා පිඹලා යන විදිය පෙන්වනවා
Comments
Post a Comment