ඇමරිකා ඉරාන යුද්ධ කේස් එක ඇවිලුනොත් ලංකාවේ ගොසිප් සයිට් වල හෙඩ්ලයින්....
"යුද්ධෙ අස්සෙ නරුම ඇමරිකන්කාරයෙක් කරපු අසමජ්ජාති වැඩේ...අයින් කරන්න කලින් බලන්න"
ගිහින් බැලුවාම ඇමරිකන් ආමි එකේ එකෙක් තඩි ගහක් යට චූ කරන වීඩියෝ එකක්
"යුද්ධෙට ගියපු සැමියා එවපු දෙයින් බිරිඳට තරු පෙනෙයි….සංවේදි අය බලන්න එපා"
ගිහින් බැලුවාම යුද්ධෙට ගියපු එකෙක් ගෑණිට තඩි දුරේක්ෂයක් එවලා
"අම්මෝ….ට්රම්ප්ගේ එකේ ලොකු!!මේකෙන් කෑවොත් නම් ආයෙ නැගිටගන්නත් බැරි වෙයි"
ගිහින් බැලුවාම ඇමරිකාවෙ අලුත් න්යෂ්ටික බෝම්බයක් ගැන
"ඉරානෙට ආපු ඇමරිකන් කාරයෝ දෙනෝදාහක් ඉස්සරහා වයසක ආච්චිට කරපු දේ බලන්න….මේවගේ උනුත් ඉන්නවනෙ යකෝ!"
ගිහින් බැලුවාම ආච්චි කෙනෙක් පාර පයිනකන් ට්රක් එක නතර කරං ඉඳලා
"යුද්ධෙට ගියපු තාත්තා තමන්ගෙම දුවට කරපු විලි ලැජ්ජ නැති වැඩේ බලන්ඩකො….ඇත්තටම මුන් තාත්තලාද?"
ගිහින් බැලුවාම යුද්ධෙට ගිහින් ආපු තාත්තා දුවව Suprise කරන්න කියලා හැංගිලා ඉඳන් ඇගට පයිනවා…
"ඇමරිකාවෙන් ලංකාවට ආපු වික්ටෝරියා ලීක් කරගනි...ඔක්කොම අයින් කරන්න කලින් බලන්න"
ගිහින් බැලුවාම වික්ටෝරියා කියලා නැවක තෙල් ලීක් වෙලා..ඒවා අයින් කරන වීඩියෝ එකක්
"යුද්ධෙට ගියපු ඉරාන්කාරයෙක් නගරේ හැමෝටම පෙන්න කරපු දේ බලන්නකො...අනේ ඇත්තට මුන්ට ලැජ්ජවක් නැති හැටියක්"
ගිහින් බැලුවාම ඉරානෙ එකෙක් ට්රම්ප්ගෙ පින්තූරයක් ගිනි තියනවා.
"ඇමරිකාවෙ අලුත්ම ගුවන් යානය හැදුවෙ රාවණාගෙ පොතකට අනුවද?"
ගිහින් බැලුවාම එකෙක් පරණ පොතක ඇඳපු බලි වගේ එකක් පෙන්න පෙන්න හැල්ලක් කියන එකක්
"යුද්ධෙ එපා කියලා ට්රම්ප් ඉස්සරහට ගිහින් ලංකාවෙ කෙල්ලෙක් කරපු වැඩෙ බලන්නකො….ඇමරිකාවට රිදෙයි ඇහ්"
ගිහින් බැලුවාම ඇමරිකන් එම්බසිය ඉස්සරහා සත්ය්ග්රහ කරනකෙල්ලො සෙට් එකක වීඩියෝ එකක්"
"ලෝක යුද්ධෙ ගැන මුලින්ම කිව්වෙ සඳුන් පෙරේරාද?.....අපරාදෙ අපිටඑයාට ඇහුම්කන් දෙන්න තිබුණා…"
ගිහින් බැලුවාම ඌගෙ වෙඩි වරුසා ඇද හැලුනත් සිංදුවෙ විඩියෝ එකක්
Comments
Post a Comment