ඇම්බියන්ට් කැම්පේන්
මටනම් හිතෙන විදියට "ලංකාවේ මිනිස්සුන්ගේ ඕන ලබ්බකට දෙපිල බෙදිලා මරාගන්න එක" තමයි මෙහෙ ඇඩ් හදන,මාර්කටින්ග් වැඩ එහෙම කරන අයට තමන්ගේ කැම්පේන් එක ඉහලින්ම ගොඩ දාගන්න හරි බෙල්ලමුලෙන් කැපිලා කෙලවගන්න හරි ලැබෙන හොඳම චාන්ස් එක...
ඔන්නඕක ප්රයෝජනයට අරං ඕනෙනම් හෙන ලල් වැඩටිකක් මෙහෙ කරතැකි...ඕනෙනම් නිකමට හිතන්න අපිට පුලුවන් ටිකක් ප්රසිද්ධ රෙස්ටුරන්ට් එකක් (උදාහරණයකට මචන් එක ගමුකො) ඇතුලේ හෝ ඇතුල්වෙන තැන හදනවා තඩිවීදුරු පෙට්ටි තුනක් හෝ දෙකක් ඕකට ලස්සන ඇලුමිනියම් හරි මොනාම හරි ආවරණයක් දාලා...ඕකෙ පෙට්ටි 3ට වෙන වෙනම හදනවා හිල් 3ක්...මේ හිල් වල ප්රමාණය තිරණය වෙන්නෙ අපේ බ්රැන්ඩ් එක අනුව තමා.
නිකමට හිතන්ඩ මේක බියර් බ්රැන්ඩ් එකක් කරන එකක් නම් අර හිල් එහෙම්පිටින්ම බියර් බෝතල් මූඩියක සයිස්,මේක දුම්වැටි මෙව්වා එකකන් කරන එකක්නම් හිල ෆිල්ටරේ ගානට මෙව්වා කරනවා...
පස්සෙ ඒකෙ උඩින් ගහනව "මේලොව ඇත්තටම ඇත්ත කියන්නේ මත්වූනු සොඳුරු අයෙක්මැයි, ඉතින් පවසන්න ඔබේ මතය..." කියලා.පෙට්ටි ඇතුලෙන් ගහනවා ඒ දවස් වල දෙපිල හෝ තුන්පිල බෙදිලා මරාගන්න එවැයි මාතෘකා...උදාහරණයකට "ස ෆේ-ල්/හි-ටං හිටියානම් හොඳා/අපි හම්බකරොත් අපි බොනවා" වගේ තුනක් එකපාරකට දානවා...
යටින් දානවා මේකේ ගණනයට වලංගු වෙන්නෙ අදාල බ්රැන්ඩ් එකෙ කොට හරි මූඩි හරි විතරයි කියලා..පස්සෙ සතියකට හරි දවසකට හරි සැරයක් මෙවා ගණන් කර කර ඒ පෙට්ටි වල ගාන ලියනවා...නැත්නම් එල්ලනවා...ඊට අමතරව මූඩි වලින් ගානට මිම්මට වැඩි අඩු ප්රමාණෙපේනවා... ඕං ඉතින් එතකොට තමන්ගේ පැත්ත වැඩිකරන්න ඔනේනිසා අහිංසක බෙබාලා වැඩි වැඩියෙන් බිබී අරකට මූඩි ඔබයි...කොට ඔබයි...
ඕක මිනිස්සු අතරට යවන්න ඔය සෙනඟ වැඩි වෙලාවක පොඩි සෙට් එකක් යවලා උන් එක එකා ඔට්ටු අල්ලනවා..උන්ගේ මතේ වෙනුවෙන් වැඩකරනවා වගේ පේන්න මූඩි අරකට ඔබන කෑගහන සෙෂන් එකක් ගියානම් ඕකට කස්ටිය ඇදිලා එන්නෙ මහත්තයෝ..
ඕං ඔය විදියට බාර් එකක බ්රෑන්ඩ් එකක සේල්ස් පොඩි ඇම්බියන්ට් කැම්පේන් එකකින් වැඩිකරතැකි.
Comments
Post a Comment