මිස්ටර් රයිගමගේ #005

 විලිරුදා ලක්ෂණ පහල වී ඇති බිරිඳද කැටුව රෝහලට පැමිණි මිස්ටර් රයිගමගේ සුපුරුදු පරිදි පමණට වඩා සූර් වී සිටියේය.

ඒ මොහොතේම බිරිඳව පරික්ෂා කල වෛද්යවරයා....
"මෙයාට ටිකක් අමාරුයිවගෙ......මේයාව දැන් තියටර් එකට ගන්නව...මෙයාට සීසර් කරන්නවෙයි"
කෝපයෙන් නැගි සිටි මිස්ටර් රයිගමගේ කෝපයෙන් කෑගසන්නට විය.
"යකෝ...මගේ ගෑණි රඟපාන්න දක්ෂයි තමා... ඒකි ඒකාලෙ ඉඳන් මට දැම්මේ...රංගනේ තමයි...ස්කූටරේ අරං එහෙමෙහෙ ගිහින් අහුවුනාමත් මොනාහරි බයිලා ගගහා රංගනේ දැම්ම තමයි,කොල්ලො එකා දෙන්නා ගෙට දාන් නැන්දලාගෙ ලොකු අම්මලාගෙ පුත්තු කිය කිය රංගනේ දැම්මා තමයි...එහෙමයි කියලා මේ වෙලේ පුලුවන්ද ඕයි මේකිව තියටර් නග්ගන්න...ළමයා ලැබුණට පස්සෙ සීසර් නෙවෙ ක්ලියෝපැට්රා ගෙ සිංදු කියන කොටියට උනත් මේකි රඟපාන්න මේකිව ඕනෙ තියටර් එකට ගනින් මිනිහො!"

Comments

Popular Posts