"බැටාක්කුසිය" නම්වූ පොකට් ඩයිමෙන්ශන් එක.
බැටාම්මාන් දේවතාවුන්වහන්සෙ කියලා මිනිස්සු කිව්වට එහෙම කියන්නෙ ඇයි කියලා දන්නෙ නෑ ඒනිසා ඒක ගැන කියන්න කියලා ගොඩක් අය අහලා තිබ්බා.ඒත් ඒකට උත්තර දෙන්න සුදුසුම කාලෙ එනකං මං බලන් හිටියා.තාමත් මං බලන් ඉන්නවා මොකද තාමත් ඒක තාම උදාවෙලා නැ.උදාවුන දාට මං හේතුව කියන්නම්!ඒත් මට මං ගැන තවත් හෙලිදරව්වක් නොහොත් පාපොච්චාරණයක් කරන්න තියෙනවා.මේ ඒ පාපොච්චාරණයෙ පලවෙනි කොටස.
මම වැඩි වැල්වටාරම් නැතිව කෙලින්ම කිව්වොත් මෙහෙමයි..."මට වෙනත් මානයකට ඇතුල් වෙන්න පුලුවන්!" ඇහුවාම විශ්වාස නෑ වගේ නේද? ඔව් මටත් එහෙමයි, ඒදවස් වල!ඒත් මට ඒක පුලුවන්.ඒකට ඇතුල් වෙන්න හැම වෙලාවෙකම බැ .ඒත් ගුත්තිල පඬිතුමා, රජතුමා ඉස්සරහා ශිල්ප පෙන්වන අවස්තාවෙ භාවිතා කරපු දිව්යමය ඖෂදය මම මා තුලට ඇතුලත් කරගන්න හැම මොහොතකදිම මට මේ මානයට ඇතුලත් වීමෙ හැකියාව ලැබෙනව.(රුපියල් 125ක් වැනි සුලුමුදලකට ඒ ඖෂදය ලබාගත හැක).ඒක මානයක් කියලා කිව්වට ඒක වෙනම ලෝකයක්.ලෝකයක් කිව්වට ඊට කුඩායි නිකං මහද්වීපයක් වගෙ. හරියටම කිව්වොත් කතාවල එන නාර්නියා ලෝකය වගේ එකක්.ඒකෙ නම "බැටක්කුස්සියාව" මේක ගැන විස්තර ඉස්සරහට ඇහැකි වෙලාවට ඇහැකි විදියට කියන්නම්.මේ ඒ විස්තර මාලාවෙ පලවෙනි පරිච්ඡේදයම්
මේ ලෝකය බැලු බැල්මට අපේ ලෝකෙ වගේමයි.ඒත් ඇත්තටම අපේ ලොකෙට වඩා ඒක සැහෙන්න වෙනස්. ඒ වෙනස් කම් පෙන්නෙ හොඳට බැලුවොත්,ඇහුවොත්,ඇල්ලුවොත් හෝ වින්දොත් විතරයි.
ඒ ලෝකෙ තිබ්බා ලොකුම ලොකු ප්රශ්ණයක්.ඒතමයි ඒ අයගෙ ලෝකෙ රත්රියට ගමන් බිමන් යන අය හදිසියේම අතුරුදහන් වී ඒ අයගෙ හිස නැති මලකඳ පමණක් හමුවීම.මම මේ ලොකෙ කරක් ගහන්න එනකොට මේ ප්රශ්නය එහේ සැහෙන්න විශාල අර්බුදයක් වෙලා තිබ්බෙ.ඒත් මම අවසානයෙ ඒකට උත්තරය හොයාගත්තා.
මිනිස්සු අතුරුදහන් වෙන්න ඉසව්ව නිවැරදිව අඳුරාගෙන ඒ ආසන්නෙයෙ දින ගණනාවක් දිවාරාත්රියෙ සැඟව බලා සිටිමෙන් තමයි මම ඒක විසඳුවෙ.
.මේ අපරාධය කරන්නෙ ඇත්තටම කිතුල් ගහක්.ගහක් කිව්වට එක විකෘතිවෙච්ච ගහක්! ඒ ගහ සතෙක්බවට පරිණාමය වෙලා.එ සතා දහවලේදි ගහක් ලෙස සිටින අතර රාතියේදි අසලින් යන මිනිස්සු මරා දමන බව මං හොයාගත්තා.(දළරූපසටහනක් පහත දැක්වෙ)
ඒවගේමයි ඒ ගහ මේ දේ කරන්නෙ පෝෂණය ලබාගන්නට නොව හුදෙක්ම සිය ආත්ම තෘප්තිය සඳහාම පමණක් බවත් මාගෙ මෙහෙයවීම් ඔස්සෙ පරික්ෂණ කටයුතු කල එ මානයේ ජීව විද්යඥයන් පිරිසක් සොයාගත්තා.දිගින් දිගටම ඌ සමග අදහස් ප්රකාශ කිරීමට උත්සහ කල අතර ඌට ඒ තරම් දියුණු බුද්ධියක් නැති බවත් ඔහු දන්නෙ සිය සතුට උදෙසා මිනි මැරීම පමණක් බවත් ඔහු පරික්ෂා කල මානවවිශේෂඥ විද්වතුන් කණ්ඩායමක් තව දුරටත් පැහැදිලි කරා.
මේ ශාකය ඒ මානයට ගැලපෙන ලෙස හික්මවන්න උත්සහ කලත් ඌ එයට දැඩිව විරුද්ධවීම නිසා සහ එ මානයෙ පොලිස් කොමසාරිස් වරයෙක්ගෙ වෘෂණ හපාකෑම නිසා අපිට ඒ සතාව අභිරහස් ජීවි පරේශනාහාරයක සිර කරන්නට සිදුවුනා.ඒ සතාට සිරකිරිමෙන් පසුව ඒ අභිරහස විසඳිමෙ ගෞරවය මුලුමනින්ම මට හිමි වු අතර නමක් නොදන්නා ඒ සතාට නම් තැබීමට අවස්තාවත් මටම හිමිවුනා.මං ඒ අනුව ඒ සතාට "කටු කිතුල් ගොයියා"ලෙස නම් තැබුවා!
මේ බැටක්කුසිය ගැන පුංචි පැහැදිලිකිරිමක ආරම්භයක් විතරයි.ඉස්සරහට තව ගොඩාක් විස්තර කියන්නම්.
(2019.12.07)
Comments
Post a Comment