මචන් මම පොඩි කාලෙ බලපු ෆිල්ම් එකක් තියෙනවා.මට ඒකේ නම හොයාගන්න ඕනෙ,මට ඒකෙ ස්ටොරිය ලාවට මතකයි.
ඒක මචන් පටං ගන්නෙ එකෙක් ඉන්නවා ඌ ඌගෙ වයිෆ්ට මාර ආදරෙයි.හැබැයි ඌගෙ වයිෆ්ව සීරියල් කිලර් කෙනෙක් වගෙ එකෙක්ගෙන් පට්ට අමානුශික විදියට මැරෙනවා.මූ ඌගෙ ආබාධිත පුතා එක්ක තනිවෙනවා.
ඩයල් එක අමාරුවෙන් පුතාව හදාවඩා අරං සතුටින් ඉන්නකොට එකපාරටම ඒපුතාව කවුද මන්දා පැහැරගන්නවා.පස්සෙ ඒ තාත්තා පුතාව හොයං හැත්ක්ම දහස් ගාණක් යන සීන් එකක් තියෙන්නෙ..ඕකෙදි මතක විදියට ඔය කේස් එක හරියටම දැකපු කෙනෙක්ට ඉන්නෙ පොඩ්ඩක් විතර ඔලුව අවුල් වෙල ට්රැක පැනපු ගෑණු කෙනෙක්.මෙයා එයාගෙ උදව්වෙන් තමා පුතා හොයං යන්නෙ..පුලුවන් නම් මට මේක හොයලා දෙන්න ලොකු උදව්වක්.
ප.ලි:
අහ් හරි මචන් මම ෆිල්ම් එක හොයාගත්තා ඒකෙ නම Finding Nemo කියලා 2003ආපු ෆිල්ම් එකක්
Comments
Post a Comment