film review #001
රජකතා,ජාතක කතා,වංසකතා ආදී ඒකාකාරි කතාංග ඇතුලත් චිත්‍රපටවලින් හෙම්බත් වෙලා තිබුණ සිංහල සිනමාවට එකතු වුන වෙනස්ම විදියේ චිත්‍රපටයක් ලෙස මෑතකදි තිරගත වීම ආරම්භ උන "හුස්ම" චිත්‍රපටිය හැඳින්විය හැක.2015 වසරේ තිරගත වුන "The Crpse of Anne Fritz "නම් වූ ස්පාඤ්ඤ චිත්‍රපටයේ remake එකක් ලෙස එනම් ප්‍රතිනිර්මාණයක් ලෙස මේ චිත්‍රපටය හැඳින්විය හැක.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ප්‍රවීණ සිනමා අධ්යක්ෂකවරෙයෙක් වූ සුදේශ් වසන්ත පීරිස් විසිනි."ජීවිතේ ලස්සනයි,රංජා,පිස්සු පූසෝ"වැනි චිත්‍රපටම නිර්මාණය කරමින් මසාලා චිත්‍රපට ආකෘතියක් තුලම රැඳි සිටි ඔහුගේ සිනමා දිවියේ ඉතා විශාල හැරවුම් ලක්ෂයක් ලෙස "හුස්ම" චිත්‍රපටය හැඳින්විය හැකිය.මක්නිසාද යත් එකම දර්ශන තලයක් පමණක් ඇතුලත් වූ ඉතා සීමිත චරිත ගණනකට සීමා වූ මේ චිත්‍රපටය ඔහු මෙතෙක් අධ්‍යක්ෂණය කරන ලද සියලුම චිත්‍රපටවලට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගැනීම හේතුවෙනි.මට අනුව නම් ඔහු ගත් මේ ප්රයත්නය අති සාර්ථකය. මේ චිත්‍රපටය නිශ්පාදනය සිදු කරන්නෙ නිහාල් විජේසිංහයි (නිල්කමල් ෆිල්ම්ස්).මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදු කරන්නේ, "නිදි යහන කැළඹෙයි,නැති බැරි ටාසන්,64මායම්" වැනි සුදේස් වසන්ත පීරිස්ගේ බොහොමයක් චිත්‍රපටහී කැමරා අධ්‍යක්ෂණය සිදුකරන ලද ගාමිණි මොරගොල්ලාගම විසින්ය.
චිත්‍රපටයේ cast එක දිහාවට හැරුනොත් මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන චරිත සංඛ්‍යාව ඉතාමත් සීමිත බව දැකගත හැකිය.නූතනයෙ දකින්න ලැබෙන අතිදක්ශ රංගන ශිල්පින්ගෙන් සමන්විත වන මේචිත්රපටය තුල ඔවුන් සිය උපරිම දායකත්වය ච්ත්‍රපටයට ලබා දී ඇති බවනම් විශේෂයෙන්ම සඳහන් කලයුතුය."හුස්ම" චිත්‍රපටයේ , 'නාමල්' ලෙස පුබුදු චතුරංගත්,'කුමාර'ලෙස දසුන් පතිරණත් 'රුවන්' ලෙස ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ලෙස රංගන දායකත්වය ලබාදෙයි.අති දක්ෂ නිරූපණශිල්පිනියක්ව කටයුතු කල 2018 වර්ශයේ තිරගතවූ "සරුංගල්" චිත්‍රපටයෙන් සිනමාවට එකතුවුන නවක නිලි චමත්කා ලක්මිණි විසින් 'තාරුකා විජේසිංහ' ලෙස සිය රංගදායකත්වය "හුස්ම" වෙත ලබාදෙයි. තවද අන්ජන ප්‍රේමරත්න විසින් සහය නලුවෙක් ලෙස චිත්‍රපටය තුල දක්නට ලැබෙයි.
චිත්‍රපටය දිහාවට අවදානය යොමු කලොත්,පෙර සඳහන් කල කුමාර (දසුන් පතිරණ) යනු මෝචරියක හෙවත් මෘත ශරීරාගාරයක සේවය කරන අහිංසක සේවකයෙකි.දිනක් අභිරහස් ලෙස මියගිය ඉතා දක්ෂ,රූමත් තරුණ නිලියක් වූ තාරුකා විජේසිංහගේ මෘත දේහය මෙම මෝචරියට රැගෙන එයි.එම අවස්තාවෙදි කුමාර මෙම නිලියගේ දේහයේ ඡායාරූප සිය මිතුරන් දෙදෙනෙකු වූ නාමල් (පුබුදු චතුරංග) හා රුවන් (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි) සමග බෙදාගන්නා අතර ඒම ඡායාරූප දැකීමෙන් පසු ඔවුන් දෙදෙනා කුමාර සමග කාටත් හොරා මෙම සුරුපි නිලියගේ දේහය නැරඹීමට මෝචරියට පැමිණෙනව.එහිදි මේ ඉතා රූමත් සිරුර දකින රුවන්ට මේ මෘත ශරීරය සමග ලිංගිකව එකතු වීමට අවශ්‍ය වෙනව.නමුත් ඒ සඳහා නාමල් දැඩිව විරුද්ධවුවත් ඒ විරෝධය පසෙකලා රුවන් මේ මෘතශරිරය දූෂණය කරනවා.මෙය බලා සිටින කුමාරටත් පසුව මෘත දේහය හා එක්වීමට අවශ්‍ය වන අතර එසේ එකතු වන මෝහොතේදි හදිසියේම මේ දේහයට පණ එනවා.ඒ මොහොතේදි ඇයව හැකි ඉක්මනින් ඇයව වෛද්‍යවරයෙක් ලඟට රැගෙන යායුතු බවට නාමල් යෝජනා කලත් මේ සඳහා කුමාර සහ රුවන් දැඩි ලෙස විරුද්ධ වෙනව.ඔන්න ඔතනින් තමයි චිත්‍රපටය හරියටම පටං ගන්නෙ.ඉතිං නාමල්ට ඇයව බේරගන්න පුලුවන්ද?රුවන් සහ කුමාරට මෙයට ඉඩ දෙයිද?තාරුකා මේකට කොහොම මුහුණ දෙයිද? තාරුකාට ඇත්තටම පණ ඇවිත්ද? නැත්නම් මේ කාගෙ හටි මනෝ විකාරයක්ද? කියලා දැනගන්න නම් ඔයාලට "හුස්ම" film එක බලන්නම වෙනවා.
නීතිය හා සදාචාරාත්මක සීමා තුල කොටුවී පවතින ආශාවන් තෘප්තිමත් කරගැනීමට යාමේදි ඉහත කී සීමාවන් බිඳ දැමුවිට ඇති විය හැකි ප්‍රතිපල පිලිබඳ චිත්‍රපටය තුල හරි අපුරුවට විදහා දක්වන මේ චිත්‍රපටය තුල ආරම්භයේ සිටම අවසානය දක්වා පැහැදිලි දුෂ්ඨයෙක් හෝ වීරයෙක් දක්නට නොලැබීම දැකිය හැකි විශේෂම කරුණක් ලෙස හැඳින්වියහැක.විශේෂයෙන්ම කතාව ආරම්භයේ සිට අවසානය තෙක්ම නැග්මවල් හා බැස්මවල් වලින් සපිරි කිසිම මොහොතක ඒකාකාරි නොවෙන චාරිකාවක් රැගෙන යාමට චිත්‍රපටය සමත් වී තිබෙනවා.ඒ වගේම කතාවෙ ප්‍රධාන චරිත සියල්ලටම සමානව ඉඩ ප්‍රස්තාව ලැබෙන සේ චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ගේ රංගනය වඩාත් සිත් ගන්නාසුලු වූ බව සඳහන් කල යුතුමය.දසුන් පතිරණ හා පුබුදු චතුරංගත් සිය චරිතය තුල ජීවත් වූ බව පෙනෙන ආකාරයේ රංගනයක් ඉදිරිපත් කරන අතරම චමත්කා ලක්මිනී, මෙවැනි චරිතයක් බාරගැනීම පිලිබඳවම වෙනම ගෞරවයක් හිමිවිය යුතුය.එමෙන්ම ඇය සිය චරිතය ඉතා අගනා ලෙස ඉදිරිපත් කරන බව සඳහන් කල යුතුමය.චිත්‍රපටයේ සංගීතය,වේශනිරුපණය හා ආලෝකකරණයද ගැලපෙනම හා අවැසිම ආකාරයට යොදාගෙන ඇති අතර චිත්‍රපටයේ අවසාන භාගයේ දක්නට ලැබෙන උරේශා රවිහාරි ගායනා කරන බන්දුල නානායක්කාරවසම් විසින් රචනා කරන ලද "අවරින් නැගෙන" ගිතය මෑත කාලයේ සිංහල සිනමාවෙ දක්නට ලැබුනු තවත් එක මාරයි කියලා කියන්න පුලුවන් විදියේ තේමා ගීතයක් ලෙස හැඳින්විය හැකිය.කතාවෙ සමහර සිද්දි පිලිබඳ පුංචිපුංචි ගැටලු මතු වුනත් සමස්ථයක් ලෙස ගත් විට මේ චිත්‍රපටය ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් ලෙස දැක්විය හැකිය.
ඒකාකාරි සිංහල සිනමාව නිස හෙම්බත් වෙච්ච කෙනෙක් නම්,මේ චිත්‍රපටය ඔයාට හොඳ සිනමා අත්දැකීමක් ගෙනෙන බවනම් සහතිකයි. එහෙනම් තවත් චිත්‍රපටයක් එක්ක ආයෙත් හම්බෙමු.
-අවිශ්ක ඉඳුවර-
Comments
Post a Comment