මට මාරම ආසාවක් තිබ්බා ලංකාවේ ඇතුලෙ MCN එකක් පටං ගන්න. මං ඒකෙ පලවෙනිඅඩිය තියන්න හිතං හිටියේ Interview චැනල් එකකින්.චැනල් එකට ගෙන්වන්න හිතං හිටියේ සතියකට සැරයක් ලංකාවෙ චාටර්ම වෙන බුවෙක්ව ඌව ඉන්ටර්විව් කරලා ඌගෙ කැඩුණ බිඳුන PR ටික හරිය හොදලා කරලා වනලා ගැලපෙන විදියට හදලා දීලාඌගෙ ඉමේජ් ඩිව්ල්ලොපින් වලට පේජ්,ගෘප්,ටික්ටොක් වලින් පොඩි සෙල්ලමක් වනලා දිලා උගෙන් සල්ලි ගන්න.එකෙන් මගේ හොරර් yt channel එක කරන්න.

කොහොම උනත් මම අර චැනල් එක පටං අරගෙන ඔෆිෂියලි චැනල් එක පටං ගන්න එහෙමත් නැත්නම් සෙල්බ්රිටියෙක් ගෙනල්ලා චැනල් එක පටං ගන්න හිතං හිටියෙ චැනල් එකට සබ්ස් අඩුම 25000ක් වැදුනට පස්සෙ.
මට ඒකට ප්ලැන් එකක් තිබ්බා ඒක ටිකක් ලොකු ප්රොජෙක්ට් එකක්.කිව්වට හරියටම දෙකක්.
එකක් තමයි ටික්ටොක් එකක් වයිරවල් යවන එක...අපි හිතමු ටිකක් තරුණ කෙල්ලෙක් පේරාදෙණියේ හරි විහාරමහදෙවියෙ හරි ඔහේ පිස්සුවෙන් වගෙ කෑගහන එකක්? නටන එක ගස් බදාගන්න එකක් එවා බදන් අඬන එකක් ?එහෙමත් නැත්නම් ටිකක් වැඩිමහල් ගෑණු කෙනෙක් තැනින් තැන වැවුනු කොණ්ඩෙ එක්ක වගෙ කතා කරන එකක් සමහර විට කොහේහරි නටන එකක් (පාටියක?) දෙවෙනි එක තමයි හොඳ ආතල් වලට ප්රසිද්ධ ලොකු ගෘප් එකක වයස සාන්ත සාන්ත වගේ නමක් තියෙන 35-40ක පිරිමි එකවුන්ට් එකකින් හොඳට වයිබ්රේට් වෙන පොන් එක මොකක්ද ?වගේ පොස්ට් එකක් දාන එක දාලාඕකට "ඇයි උඹෙ ගෑණිටෞඹව මදිද?,ආතල් ගන්නද?" වගේ ඕක අහපු ගමන් ඔයැයිගේ ඔලුවටත් ආපු විදියේ කඩප්පුලි කතා ටිකක් කමෙන්ට් වලට වැටෙන්න දෙන එක.නැත්නම් වට්ටන එක.එකක් පිටින් දැම්මාන ඇතිඔක්කොම රැල්ලට ආතල් දෙන්න යනවා.
ඊටපස්සෙ ඔන්න එනවා අපේ වැඩේට දැන් අර විඩියො,Ss ටික එහෙම අරං පේජ් වලින් දාලා නැති වෙන්න ගහන්න ඕනෙ පට්ට චාටර් කරන්න ඕනෙ.ටික්ටොක් විරෝධි ගෘප් එකෙ,ss බලකායෙ වගේ එවැයි ඕව දදා හොඳ hype එකක් හදන්න ඕනෙ.(ෆේක් එකවුන්ට් 5ක් ඇති මේටිකට)
හදලා පීක් එකට ආපු ගමන් අපි මඩ ගහන්න නොදාපු පේජ් වලින් රිලිස් කරනවා අර දුව්න්න කෙල්ලගෙ සෙල්ෆි විඩියෝ එකක්.
"මම ඉපදුන දවසෙ ඉඳන් ඇස් අන්ධ කෙනෙක් එත් මොකක්දො වාසනාවකට මට ඇස් සුවකරගන්න ලැබුනා.ඉතින් ඒ ඔයාලා දැක්කෙ මම ජිවිතේ පලවෙනි වතාවට ඒ වගෙ තැනක් දැකපු වෙලෙවේයි.මගෙන් එදාට එතැනට අකටයුත්තක් උනානම් සමා වෙන්න මම දැනන් උන්නෙ නැ ඒක ඔයාලට කරදරයල් කියලා සහ ඒ ආපු සතුට මට පාලනය කරන්න බැරිඋනා මට සමා වෙන්න." කියලාකියන එකක් හරි
අර කොණ්ඩෙ තැනින් තැන වැවුන ගෑනු කෙනා කතා කරලා කොණ්ඩෙ කැතයිකියලා ඔයලා බැන්න එක හරි මට සමාවෙන්න ඒත් මේ හරියට වවන්න අරගෙන තාම මාස 8යි මෙච්චරකල් පිලිකා රෝගයෙන් පිඩ විඳපු මං ඒකෙන් හොඳටම හොඳ වෙලා දැන් අවුරුද්දයි.ඉතින් මම ආයෙම ගියපු කොණ්ඩෙ වවනවා.සමාවෙන්න ඔයාලගෙ හිත් රිද්දුවටකියලා කියොනවා.
ඊටපස්සෙ ආයෙ අර fb පොස්ට් එක හොඳට hype වෙලා තියෙද්දි ඒකට පොස්ට් දාපු ප්රොෆයිල් එකෙන්ම කමෙන්ට් එකක් දානවා.සමවෙන්න මම මෙතැන වැරදි දෙයක් ඇහුවානම් මම ඇත්තටම වඩමාරච්චි ඉදිරිපෙලයුද්ධයෙ සටන් වැදුන සෙබලෙක්.එහෙදි මගෙ ලඟට වැටුන අත්බෝම්බයක් නිසා මගේ කන් දෙකම ඇහෙන්නෙ නැති උනා.ඒත් මම ජිවිතය බේරගෙන මගේ එවකට පෙම්වතිය විවාහ කරන් සතුටින් හිටියා ඒත් අවාසනාවන්ත විදියට ඇයහදිසියේම රිය අන්තුරකින්,පාස්කු ප්රහාරයෙන්මිය ගියා.ඉතින් දැන්මගේ දුවටට අවුරුදුන්පහක් මට ඇයව උදෑසන ස්කොලෙ යවන්න එයාව නැගිට්ටවන්න වෙලපහින් ඇහැරෙන්න ඕනෙ ඒකයි මම එලාර්ම් තියන්න හොඳපොන් එකක් ඇහුවෙ කියලා දානවා.
දාලා ඒවාපේජ් වලින් ගෘප් වලින් හොඳට බූස්ට් ගහලා හොඳට මිනිස්සු අතරට යවනවා ඒ අතරින් පතර සංවෙදි විදියට මේ සින් එක කවිකොල ටයිප් හැලි හදලා ඒවා ලේඩිස් ඔන්ලි,ජීනියස්,ආදර සිහිනෙ,අඩයාලම වගෙ එවැයි දානවා දාලා බැනපු උන්ට ෆුල් අවුල් වෙන්න තැනට වැඩේ කරනව..හිතුනොත් ඕවාට කලින් බැනලා කමෙන්ට් කරපූන්ගෙ ss අරං එවත් දාල උන්ට තව අවෞල් යවනවා.
එහෙම කරලා ගැම්මට අලුත් ඉන්ටර්විව් චැනල් එක හදලා පේජ් එකත් හදලා 100$ වගේ බුස්ට් දෙකක් කෙලලා දානවා පොස්ට් එකක් අර ටික්ටොක් ගැණියි,වයිබ්රේටරෙයි කාටත් කලින් අපි එක්ක කතා කරනවා සබ් කරන්න කියලා .පස්සෙ හිමිට අරුන් දෙන්නාව ඉන්ටර්විව් කරලා විඩියො දෙකක් දානවා..එහෙම නැත්නම් ඇත්තම කියලා චැනල් එක සබ් කරන්න කියනවා..ඒගමන් ගැම්මට පේජ් දෙක තුනකින් ගෘප් දෙකතුනක මේ සින් එක ගැන කියෝලා බුකිපතාකයෙක් ලව්වා හැල්ලකුත් ලියාගන්නවා අරං ඊලඟට සෙලිබ්රිටිලාව ඉන්ටර්විව් කරන වැඩෙ කරන්න තමයි උන්නෙ..
අපරාදෙ.

Comments

Popular Posts