නොත්ර-ඩාම් දේවස්ථානයේ ගින්නේ අබිරහස
කෙසේ නමුත් මෙම ගින්න පිලිබඳ විවිධ මතිමතාන්තර ඇතිවී ඇති අතර බහුතරයක් පවසන්නේ ප්රතිසංස්කරණ දෝෂයක් නිසා මේ ගින්න ඇති වූ බවයි.නමුත් මේ ගින්න ප්රංශයේ ජනපති විසින් සිදු කරනලද්දක්දැයි සැකයක් ඇතිව තිබේ.මක්නිසාද යත් එම දේවස්ථානයේ සඟවා තිබුණා යැයි සැක කරන මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කඩුව වර්ථමාන ජනාධිපතිට ලබාගැනිම සඳහා සිදුකරන ලද ක්රියාවලියක් ලෙස මේ ගිනිතැබීම දැක්විය හැක.එම කඩුවේ විශේෂත්වය හා බැඳුණු කතාව මෙලෙස දක්වමි.
බටහිර ලෝකේ ශ්රේෂ්ථම රජු ලෙස සලකන මහා ඇලෙක්සැන්ඩර් රජු(ක්රි.පු 336- 323) වසර හතරක පමණ කෙටි කාලයකින් එකල අනාවරණය කර සිටි සමස්ථ ලෝක භාගය තුලම තම අනසක පැතිරවා ඇත.නමුත් ඔහුට 33 විය වන විටදි අකාලයේ මර්ණයට පත්වුන අතර ඔහු මියයනවිටත් ඉතාමත් ජනප්රසාදය ලබා තිබු රජෙක් ලෙසට දැක්වෙ.මෙහිදි ලැබෙන තොරතුරු අනුව ශ්රී ලංකාවේ බෙරගල සහ සමනල වැව ප්රදේශයේන් ලබාගත් යබොර මරං ශාකයේ දර වලින් රත් කර මේ කඩුව නිර්මාණය කර ඇත.එම නිසාම මරං ශාකය මේ වනවිට යකඩමරං ලෙස හඳුන්වනු ලැබේ.එලෙස කඩුව නිර්මාණයකරන විටදී පණ්ඩුකාභය රජුගේ පෞද්ගලික ආරක්ශක ආත්මයන් වූ චීත්ත වේල සහ කාලවේල යන්ගේ පරිවාර ආත්ම දෙකක් මෙ කඩුවට බන්ධනය කර ඇත.ඒ නිසා කඩුව අත දරන සෑම පාලකයෙක්ම අසීමිත ජනප්රසාදයක් ලබන බව සඳහන් වෙ.පසුව අලෙක්ස්සැන්ඩර් රජුගේමියයාමෙන් පසුව මෙම කඩුව අතුරුදහන් වී ඇත.එය ඇලෙක්සැන්ඩර් රජුට පසුව රජවූ 1වනටොලමී හෝ 2වන ටොලමි විසින් විනාශ කල බවට සඳහන් වුවත් නැවත මේ කඩුව ගැන ආරංචි ලැබෙන්නෙ ජුලියස් සීසර් ගේ කාලයෙයි.
ඒ අනුව ජුලියස් සීසර්ට ලෝකයේ රටවල්ගණනාවක් යටත් කරගත හැකි වුවත් එක්තරා කුඩාප්රදේශයක් යටත් කිරීමට නොහැකි විය.ඒ ප්රදේශයේ ජනතාව ඉතාමත් එකමුතුව සහ නායකයාට පක්ෂපාතිව සිටීම නිසා මෙන්ම එම ප්රදේශයේ සිටි නායකයා කඩුව ඔසවා පහර දෙනු යැයි පවසන විට ගම් වැසියන්ට අත්භූට බලයක් ලැබී සීසර්ගේ හමුදාවෙ දත් කැඩෙනකන් පහරදීම සිදු කරන ලදී මේ අනුව ඒ කඩුව මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කඩුව බව ඇරිස්ටෝටල් නම් ග්රීක දාර්ෂනිකයාද සනාථ කර ඇත නමුත් එම ප්රදේශයේ වැසියෝ මේ කඩුවේ රහස හෙලි නොකර ඒ වෙනුවට මැජික් අරිෂ්ඨයක් භාවිතා කර බලයලබාගත් බවට ව්යාජ ප්රචාර එවකටදි පතුරා ඇත කෙසේ නමුත් තතු දන්නො පවසන්නේ...ඔවුන්ට කඩුව He-man,හයිලෑන්ඩර් ආදි කිහිපදෙනෙක් ගේ භාවිතයෙන් පසුවලැබුනු බවයි මෙම ප්රදේශය ගෝල් දේශය ලෙස එවකටදී හඳුන්වා ඇති අතර වර්තමානයෙදි ප්රංශය ලෙස හඳුන්වනු ලබයි.
කෙසේ නමුත් පසුකාලයේදි නොත්රාඩෑම් දේවස්තානය නිර්මාණය කරන විටදි එයට යේසුස් ක්රිස්තුස් වහන්සේගේ කටු ඔටුන්න හිමිවූ අතර එය සමග මෙම කඩුවද සඟවා ඇත.ශ්රී ලංකාවේ නිදන්වදුල නම් පුරාණ පොතට අනුව මේ කඩුව සඟවා ඇත්තේ ඉපැරණි ශ්රීලාංකිකයන් තම කඩුව සඟවන්නක් මෙන් වහලය මතයි.තවද ඒ කඩුව ආරක්ෂා කරන්න එවකට හිටි Astrix එහෙමත් නැත්නම් සූරපප්පා නැමැත්තාගේ හිස ගසා ඔහුව බහිරවයෙක් බවට පත් කර ඇත.ඔහු නමින් "කාසිකොටා" නොහොත් "කාසිමොටෝ" ලෙස ප්රංශ ජාතිකයන් හඳුන්වා ඇත.නමුත් පසුව කල්ලු මලයාලම ගුරෙක් වූ වික්ටර් හියුගෝ නැමැත්තා මේ කාසිකොටාට ස්ත්රී වශියක් පෙන්වා මේප්රදේශයෙන් ඉවත් කර ඇත.
ඒ අනුව පසුගියදා මේ කඩුව ලබා ගෙන තම ජනප්රියතාවය දිගටම ආරක්ෂා කරගැනිමටත් අරමුණුකරගෙන ප්රංශ ජනාධිපති එම්මැනුවල් මැක්රෝන් මෙම දේවස්ථානයට ඇතුල් වී ඇත පසුව ඔවුන් මෙම කඩුව පැහැරගෙන ඇති අතර එහි සාක්ෂි විනාශ කිරීමට පරවියන් ලෙස නිර්මිත රෝබෝවරුන් කිහිපයක් මගින් දේවස්තානය ගිනි තබා ඇත.මෙය සඳහා පුර්වාදර්ශලබා ඇත්තේ ශ්රීලංකාවෙ කෞතුකාගාර මංකොල්ලයෙන් බවටත් තතු දන්නෝ පවසා ඇත.
(
2019.04.17)
2019.04.17)
Comments
Post a Comment