විකාර තියරි

 මේක ටිකක් විකාර කතාවක්,කතාවක් කිව්වට මට නිකමට හිතුන පොඩි විකාර තියරියක්.

අපි පොඩි කාලෙ ඉඳන්ම ඇහුවෙ විදේශිකයෝ පෙරදිගට ආවෙ ඔටෝමන් තුර්කිවරු කොන්ස්තන්තිනෝපලය අල්ලගත්තාට පස්සෙ ඊට ආදේශක වෙලඳ මාර්ග හොයාගන්ඩ,කුළුබඩු හොයන්ඩ සහ මහා විශාල ක්රිස්තියානි අධිරාජ්යක් හොයන්ඩ කියලානේ.ඒත් මට නම් හිතෙන්නෙ ඕකේ ඔයිටවඩා බරපතල සීන් එකක්තියෙනවා.
කොන්ස්තන්තිනෝපලයේ තමයි මං දන්න තරමින් ඒවෙනකොට ලොකේතිබ්බ ලොකුම පුස්තකාලෙ තිබ්බෙ,ඒක ඔටෝමන්වරු අල්ලගන්නවා කියන්නෙ අදාල පුස්තකාලෙ තිබ්බ දැනුම ඔක්කොම උන් සතුවෙනවා.ඔය සුපර්නැචුරල් සීන් ගැන හොයන අයට හම්බෙලා ඇති තුර්කිය ආශ්රිත රටවල් වල සැහෙන්න බරපතල හා දරුණු විදියේ black magic තියෙනවා.ඉතින් ඕවත් එක්ක අර කියන දැනුම සම්භාරය උන් සතුවෙනවා කියන්නෙ උන්ව පරද්දන්න ලෙසි නැ කියලා දන්න නිසා ඔය හැම එකාම පෙරදිගටහොම්බ දැම්මෙ...ඒ හොම්බ දැම්මෙ වෙන මොකටවත් නෙවෙ පෙරදිග තියෙන ඔය superantural දෙවල් ගැන හොයන්න.
හරියටම කිව්වොත් ඒ අය එන්නෙ ක්රි.පු 270දි අශෝක අධිරාජ්යයා පිහිටවපු "නවරත්න" කියන රහසිගත සමාජයේ දැනුම හොයාගෙනයි.මම කියෝලා අහලා තියෙන විදියට මේ නවරත්න කියන කණ්ඩායම නිර්මාණය කරන්නෙ සියලුම ස්වභාවික විද්යාවන්, මනෝවිද්යාව ප්රමුඛ සියලුම සමාජ විද්යාවන් සහ පාරභෞමික විද්යාවන් පිලිබඳ විද්යාත්මක දත්ත එකතු කර එමගින් රටහි පාලනයහැසිරවීම හා නව සමාජ ප්රවණතා ඇතිකිරිම සඳහයි. තවටිකක් කියුවොත් මේකෙ මේ නවරත්න හෙවත් මේකට අදාල මිනිස්සු නම දෙනා මුලික වශයෙන් විශයන් නමයක් ඔස්සෙ ප්රවීණයෝ වෙනවා.ඒ
1.සමාජ විද්යාව (Sociology)
මෙදිදි මිනිසාගේ සමාජ හැසිරීම සහ සමාජයේ පරිණාමය පිලිබඳව පරික්ෂණකර ඇති අතර එමගින් සමාජය දියුනුකිරිම මෙන්ම විනාශ කිරිම කළ හැකි ක්රම පවා සොයාගෙන තිබෙනවා
2.ප්රචාරය (Propaganda)
මෙහිදි ප්රචාරණය කරන උපක්රම,මනෝවිද්යාත්මකව සිදුකරන පෙලඹවිම්ආදිය පිලිබඳව මෙන්ම යුද්ධයකදි මනොවිද්යාත්මකව පහරදිම සිදුකිරිම දක්වාමෙහිදි සොයාතිබෙනවා.
3. කායික විද්යාව (Physiology)
කායිකවිද්යාවේ සැම දෙයක්ම,රෝග නිර්ණය හා සුවපත් කිරිම මෙන්ම නිල ශාස්ත්රය උපකාරිකරගෙන ස්පර්ෂයෙන් පමණක් මිනිසෙක් ඝාතනය කිරිම් ආදිය පවා සොයාගෙන තිබෙනවා
4. ලෝහ විද්යාව (Metallurgy)
සැහැල්ලු නමුත් ශක්තිමත් ලෝක නිර්මාණයන්කිරිමේ සිට ඔනැම ලෝහයක් රත්රන් කිරිමේ සුත්රය දක්වා මෙහිදි හොයාගෙනතිබෙනවා
5.ක්ෂුද්රජීව විද්යාව (Microbiology)
රෝග ව්යාප්ත කිරිම,රෝග සුවකිරිම මෙන්ම ක්ශුද්රජිවින් ඇසුරෙන් ඝණ ද්රවයන්දියකිරිම වැනිදෙ මෙහිදි සොයාගෙනතිබෙනවා
6.සන්නිවේදනය (Communication)
මිනිස් සන්නිවේදනය දියුණුකිරිම,ටෙලිපති වැනි මානසිකසන්නිවේදනයන් ගැන මෙන්ම අන්තර්මාන හා සන්නිවේදනයන් කිරිමේ දැනුම පවා ඔවුන් සතු බවකියනවා
7.ගුරුත්වාකර්ෂණය (Gravity)
ගුර්ත්වාකර්ෂණය ඉක්මවා යාහැකි ආකාරගැන පරික්ෂණ කර ඇතිඅතර රාවණයුගයේ සඳහන් "විමාන"ආදිය නිර්මාණකරණ දැනුමඔවුන් සතුවී ඇත.
8. විශ්ව විද්යාව (Cosmology)
කාල තරණය පිලිබඳව දැනුම ඔවුන් සතුව තිබී ඇත.
9. ආලෝකය (Light)
ආලෝකයේ වේගය වැඩි කිරීම හෝ අඩු කිරීම සහ එමගින් පහරදිම (විකිරණ) ගැන මෙහිදින්සොයාගෙන තිබෙනවා.
කියන විශයන් 9යෙනුයි.
මේකෙ තියෙන ආතල්ම කැල්ල එන්නෙ ඊලඟට ධර්මාශොක රජ්ජුරුවෝ සංගායනාවක් කරලා පස්සෙ රටවල් නමයක භික්ෂු සාසනය ආරම්භ කරනවා එහෙමත් නැත්නම් දූතයෝ එවනවා.මේ ආවෙ ඒ නවරත්නයන්ද ? ඒ අයගේ දැනුමද ? ඒ අයගේ දූතයොද? කියලා කියන්න නම් දැනුමක්.මට නැ ඒත් මිහිඳු මහරහතන් වහන්සෙ ලංකාවට වැඩියාම වැඩ වාසය කරන්න මැටිගෙවල් හදලා ගිනිගහලා වේලනවා වගේ දෙවල් කරපු මිනිස්සු ඊට වසර සියයක් යන්නත් පෙර කරපු නිර්මාණ දැක්කාම යම් යම් දෙවල්ගැන මතපිහිටගන්න පුලුවන්.
ඔයනිසාම තමයි වෙලඳ සමාගම් එහෙමත් නැත්නම් වෙලඳ පවුල් ශ්රි ලංකාවත් යටත් කරගන්නෙ.ඔවුන් ඒ දැනුම ලංකාවෙ ඇතිබව විශ්වාසකරලා මෙහෙතියෙන් පුරාවස්තු,පුස්කොලපොත් එහෙම අරංගියා වෙන්න පුලුවන් (සිගිරියෙ කැණිම්)
කොහොම නමුත් මං විශ්වාසකරනවිදියට මේ විදේශිකයෝ ඔය කියන දැනුම හොයාගන්නවා.යුරොපය ආශ්රිතව සිදුවෙච්ච වේගවත් දියුණුව මේකට හේතුවශයෙන් දක්වතැකි. ඒකත් එක්ක ඒ දැනුම හොයාගන්න සෙල්ලම පසුපස හිටපු වෙලඳ පවුල් එකට එකතුවෙලා ඉලුමිනාටි සංවිධානය පිහිටුවාගන්නවා වෙන්නත් පුලුවන්.ඒවගේමයි මම අහලා තියෙන විදියට මේ නවරත්න සංවිධානය අවුරුදු දහස් ගාණක් තිස්සෙ රහසේම තාමත් පවතිනවා.සාමජිකයෙක් මියගියහොත් හො වයෝවෘද්ධ වූ විටදි එවැනිම බුද්ධිමතෙක් එතනට පත්වෙමින් මෙය තාමත් පවතිනවා.(අබ්දුල් කලාම්,ක්රිෂ්ණමුර්ති වැනි අය මෙහි සාමාජිකයන් යැයි මත පලකල හැක)
මේනිසාම ඉන්දියාව නැවත මේ දැනුම සමග නැගිසිටිවි යැයි ඇති භිය නිසා ඒරටේ මිනිසුන්ව යටපත් කිරිමට සහ ඔවුන් නූගත්,නොදියුණු ලෙසම ජිවත් කිරිම සඳහා රට දෙකඩ කරවිම,ජාතිභේද ගැටලූ නිර්මාණයකිරිම මෙන්ම ගාන්ධි වැනි ඇතැම් ජනමත නායකයන් යෙදවූවා වියහැක.
කොහොම උනත් අවසානයේ මේ නවරත්නයන් ඈසුරෙන් ඉලුමිනාටි වැනි සංවිධාන සමස්ත ලෝකයම සිය අත්ලටගෙන ඇති බව මගේ මතයයි.

Comments

Popular Posts