සුරංගනා කතා කරලිය

 සුරංගනා කතාවලින් මං ආසම කතාවක් තමයි සින්ඩරෙල්ලාගෙ කතාව.මේ කතාවේ මුල් භාගේ මාරම රියලිස්ටික්.උපතින්ම පොහොසත් ගැහැණු දරුවෙක්ගේ අම්මා පොඩිකාලෙම මියයනවා, එයාගෙ තාත්තා දරුවා නිසාම තවත් කසාදයක් කරගන්නවා.අවාසනාවකට ඒ විවාහ කරගන්න කෙනා වැන්දබුවක් එයාටත් ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්නවා හැබැයි එයාලා සින්ඩි තරම් ලස්සන නැ.

ඔය අතර සින්ඩිගේ තාත්තාත් මියයනවා,මම විශ්වාස කරන්නෙ නම් දෙවෙනි කසාද කාන්තාව මුදල් හා දේපල වෙනුවෙන් ඔහුව මරණවා කියලයි. ඒකෙන් පස්සෙ සියලු දේපල නිත්යානුකුල බිරිඳට අයිති වෙනවා.ඒකාන්තාවට හා දියණියන් දෙදෙනාට සුන්දර සින්ඩි දකිනකොට කාන්තාවන්ට ආවේණික ඉරිසියාව මතුවෙනවා..ඔවුන් සින්ඩිව තලාපෙලා දමන්න පෙලඹෙනවා.
ඔහොම දුක සෙ ඉද්දි රජමාලිගෙන් පණිවිඩයක් එනවා කුමාරයා ස්වයං වරයක් කරනවා ඒකට රටේ අවිවාහක තරුණියො ඔක්කොටම එන්ඩ කියලා.
මේ කැල්ල හෙනම රියලිස්ටික්.අපි එදිනෙදා අහන කතාවක් වගේනෙ.
ඒත් ඕකේ දෙවෙනි භාගය හෙනම අතාත්විකයි.සුරංගනාකතාවක් වගේ😹. ඒකිවෙ සින්ඩිටත් පාටියට යන්න ඕනෙ වෙනවා හැබැයි අක්කනගෝ දෙන්නා දන්නවා සින්ඩි කැල්ලවගේඉන්නවා ඒකිබැස්සොත් උන්ට ඇපත් නැතිවෙනවා ඒනිසා උන් සින්ඩිට යන්න දෙන්නෙ නැ.ඒනිසා සින්ඩිව බිම්මහලට දාලා මෙයාලා යනවා.
පස්සෙ භාරකාර මව ඇවිත් මීයො අස්පයො කරලා,වට්ටක්කයක් කරත්තයක් කරලා මෙයාව රජමාලිගේට යවනවා.ගිහින් වෙන ටික ඔයාලා දන්නවානෙ.
මේකබැලු බැල්මටම වෙන්න බැහැ කියලා ඕනෙ එකෙක්ට තෙරෙනවානෙ.මේකෙදි ඇත්තටම මොකක් වෙන්න ඇත්ද කියලා නිකමටහිතලා තියෙනවාද?
මට හිතෙන විදියට සින්ඩිව අක්කලා නංගිලා එකතුවෙලා බිම්මහලට දානවා නෙවෙ බිම්මහලට තල්ලු කරනවා.ඒකෙදි සින්ඩිව පඩිපෙල දිගෙ ඇදි ඇදි ගිහින් වැටිලා ඔලුව හයියෙන් වදිනවා.එයාගෙ ලේ ගලන්න ගන්නව වදින පාර නිසා එයාට නැගිටගන්න බැරි වෙනවා.මැරෙනව හැර මුකුත් කරන්න බැරිව ඉන්න සින්ඩි බිම්මහලේ අසරණවෙලා ක්රමයෙන් දුර්වල වෙනවා.මෙහෙම වෙනකොට එයා දකිනවා බිම්මහලේ පුංචි කවුලුවකින් ඇතුලට එන කනාමැදිරියෙක්.ඒදිහා ඇස් යොමුකරනකොට එයා දකිනවා බිම්මහලේ එහෙමෙහෙ දුවන මීයො,බිම තියෙන වට්ටක්කා.
ඉබේම එයාගෙ ඔලුව ඇතුලේ hallaucination එකක් එහෙම නැත්නම් මරණසන්න අත්දැකිමක් විඳින්න පටන් ගන්නවා..දකින දෙවල් ඇසුරෙන් එයා ලොකු කතාවක් හදාගන්නවා.ඒ කතාව තමයිඅපි දන්න සින්ඩරෙල්ලාගෙ කතාව.
ඒකෙදි හැමදේම නැතිවෙලත් සපත්තු දෙක ඉතිරිවෙන්නෙ ඒදෙකත් එක්ක එයාගෙ ලොකු බැඳිනක් තියෙන නිසා.සමහර විටඒ සපත්තු දෙක එයගේ අම්මාගෙ වෙන්න ඇති.කුඩම්මා හැමදේම උදුරගද්දි එයා අම්මාගෙ කියලා ඉතිරිකරගත්ත එකම දේ පලිඟුවගේ සපත්තු යුගල වෙන්න ඇති.ඒ නිසයි හැමදේම නැති උනත් සපත්තු යුගල විතරක් ඉතිරිවෙන්නෙ.එයා විශ්වාස කරනවා එයාට පිහිට වෙන්නෙ මේ සපත්තු යුගල බවට.
කොහොම උනත් ග්රිම් සහෝදරවරු ලියපු සින්ඩරෙල්ලාගෙ මුල්ම කතාව හෙන ඩාර්ක්.ඒකෙදි කුමාරයා සපත්තුව අරං ගෙයක් ගන්නෙ එද්දි සින්ඩිගේ ස්ටෙප් සිස්ටර්ලා දෙන්නා සපත්තුවට ගැලපෙන්න කියලා කකුලේ ඇඟිල්ලෙන් ඇඟිල්ල කපාගන්නවා.ඒත් අන්තිමට සපත්තුව ගැලපෙන්නෙ සින්ඩිට.පස්සෙ සින්ඩිට කරපු දේ දැනගෙන කුමාරයා අර තුන්දෙනාගෙ අත්පය වෙන්කරලා මරනවා මට මතක විදියට.පස්සෙ කතාව බෙඩ් ටයිම් ස්ටෝරියක් වෙච්ච නිසා මේ කැල්ල නැතිවෙලා ගිහින් (මේක හිතලුවක් නෙවෙ සිරාම ෆැක්ට් එකක් ඇහ්)
මේකෙන් පේන්නෙ පුංචි සින්ඩි තමන්ගේ අක්කලා දෙන්නාගෙන් පලිගන්න තියෙන ආසාව.මැරෙන මොහොතේ හරි ඒ අයගෙන් ඇයන්පලිගන්නවා.
නමුත් ඕනෙම කෙනෙක්ට තෙරෙනවා ප්රායෝගිකව සපත්තුව මුලු රාජධානියෙන්ම නැත්නම් නගරයෙන්ම උනත් සින්ඩිට විතරක් ගැලපෙන්න බැහැකියලා.ඔච්චරටම ගැලපෙන එක දුවද්දි ගැලවෙන්නත් බැහැකියලා.අනික එකරෑක නටපු ගමන් කුමාරයෙක්ට තරුණියක් ගැන ආදරයක් ඇතිවෙන්න ප්රායෝගිකව තරමක් අපහසු බව.මේනිසයි මේක ඇත්තටම පුංචි දැරියකගේ මරණාසන්න අත්දැකිමක් කියලා උපකල්පනය කරන්න වෙන්නෙ.ඇයගේ සිතුම් පැතුම්වල ඇති නොමෙරුබව නිස ඇය ආදරයක් ඇතිවිම ගැන දරන්නෙ එවැනි මතයක් විය හැක.
කොහොම නමුත් අවසානයේ පුංචි සින්ඩරෙල්ලා සීතලෙන්,පාලුවෙන්,තනියම කලුවරේ අසරණව බිම්මහලක මිය යන්න ඇති.
අපි අදටත් ඇගේ මරණාසන්න අත්දැකිම රසවිඳිනවා ඇතියි.

Comments

Popular Posts