මාස්ක්

 තව ටික කාලයක් මෙ ඉන්න විදියටම මිනිස්සු හිටියොත් අනාගතේදි මේවගේ ඒවත් ඇහෙයි.

"සුදු බබා අනේ රත්තරං මට බලන්නනෙ .....අනේ ඔයා නැතිව මං කාගෙ බලන්නද එක පාරක් මාස්ක් එක ගලවලා පොටෝ එකක් එවන්න මැනිකේ...කාටවත් යවන්නෑ"
"ලැජ්ජ නැද්ද පර බල්ලො!මාස්ක් එකක් මාරුකරන කෙල්ලො දිහා බලං ඉන්න!මරලා හංගනවා තෝව!"
"සුදු නෝනා ඔය නිකට මං දැක්කාම ඇති වහන් යන්න රන්කඳ"
"අනේ මාමෙ චුට්ටක් නින්ද ගියා ඒටිකට මේ වලත්තයා මගේ මාස්ක් එක අස්සට අතදාල කම්මුල මිරිකුවා..."
"ටවුම මැද්දෙ තියලා මාස්ක් එක ගලවලා දණ ගස්සනවා දැනගනින්"
"කාන්තා මාස්ක් හොරකම් කල ග්රීස් යකාට ගම්වැසියන්ගෙන් ගුටි"
"අනේ අයියේ ටක්ගාලා ඔහොමම ටුක් එක අපේ ගෙවල් ගාවට හරවමුද මේ මාස්ක් එකෙ හිලක් අයියේ"
"අපේ කාලේ නම් දැන් හැදෙන සංකර හැත්ත වගේ නිකටේ කොන පේන්න,කම්මුලේ රවුම් පේන්න,කන පෙන්න මාස්ක් දැම්මෙ නෑ...දැන් හැදෙනඑවුන් ඒකට...මාස්ක් එක දැන් වැටිලා නහය පෙනෙයිද දැන් වැටිලා පෙනෙයිද හිතෙනවා"
"සුදු දූ...කාටවත් කොයිවෙලේවත් මේ මාස්ක් එක පිට කාටවත් ගලවන්නවත් අල්ලන්න වත් දෙන්න හොඳ නෑ....කවුරු හරි ඇල්ලුවිත් ටක්ගාලා කෑගහන්න...මට අනිවර්යෙය්න් සිද්දිය කියන්න"
"හැඳිච්ච කෙල්ලෙක් ඔහොමද තමන්ගෙ මාස්ක් තියන්නෙ...අපේ කාලේ නම් පිරිමින්ටපෙන්න මාස්ක් වැලේ වැනුවෙත් නෑ"
"වැලේ වනලා තිබ්බ මාස්ක් එකේ මේ මොනාද මේ ලාටු වගේ තියෙන්නෙ"
"අම්මෝ බලන්නකො හලෝ සරසවිය පහුකරන් ඉස්සරහ ගේට්ටුව ගාවට එනකොට ත්රීවිල් එකක් අස්සෙ හිටපු එකෙක් මං දිහා හැරිලා මාස්ක් එක පාත් කරානෙ..මට ලැජ්ජ හිතුනා"
" චුටි මැණිකේ...ආයෙ ඔයාව කවදා හම්බෙයිද දන්නෑනේ..මට ඔයාගෙ මාස්ක් එක දෙන්න බැරිද ගෙදර අරං යන්න...අදට ඔයා මාස්ක් නැතිව යන්න"

Comments

Popular Posts