හිතුමතේ ජිව්තේ 2.0

 බැලුම්ගලෙන් "හිතුමතේ ජිව්තේ" ගේ කතාව අමුලික බොරුවක් කියලා එලියට ඇදගෙන ඇදගෙන එන මේ වෙලාවේ බයිස්කෝප් දෙවත්වයෙන් අදහන ගොඩක් අයට තියෙන ප්රශ්ණේ "හිතුමතේ ජිවිතේ" ෆිල්ම් එකට මොකද වෙන්නෙ කියන එක.

මටනම් හිතෙන විදියට මහලොකු දෙයක් වෙන්නෙ නැ,ඕක ප්ලැන් කරපු දවසටම දාන්න නම් හිතන් ඉන්නේ කරන්න තියෙන්නෙ "සත්ය සිදුවීමක් ඇසුරෙන්" කාර්ඩ් එල ගලවලා අර හිතුමතේ ජිව්තේ පොත ඇසුරෙන් කියන එක උඩම ෆිල්ම් එක දුවවන එක.අනික තැටිය රත් වෙලා තියෙන වෙලාවෙ රොටිය දාලා හොඳ ක්රියේටිවි කැම්පේන් එකක් දැන් කරානම් රොටිය කර නොවී දෙපැත්තම හිතුවටත් වඩා හොඳට පුච්චලා ගතැකි.
ඒත් මම දැකපු විදියට සුමතිපාල මහත්තයාගේ කතාව බොරුවක් වෙච්ච එක තමයි ෆිල්ම් එකකට හොඳම ප්ලොට් එක...නිකමට හිතලා බලන්න තමන්ම මවාගත්ත රියලිටියක් ඇතුලේ ජීවත් වෙන ඒ රියලිටිය තමයි ඇත්තම එක කියලා විශ්වාස කරන මිනිහෙක් කියන්නේ පට්ට ප්ලොට් එකක් නෙවේද?? සමාජයේ ප්රශ්ණ නිසා ඒ ප්රශ්ණ වලට මුහුණ දෙන්න බැරිව දුක්බර රියලිටියෙන් පැනලා ගිහින් සුවබර ෆැන්ටසියක හිටපු කෙනෙක්ගේ සුවබර ෆැන්ටසියට සමාජයෙන්ම හොයාගෙන ඇවිල්ලා පිලිගැනිමක්දීලා ඒ ෆැන්ටසිය උත්කර්ෂයට නගලා ආයෙම ඒ ෆැන්ටසිය උස්සලා පොලොවේ ගහලා කුඩුකරන සමාජයක් කියන්නේ ෆිල්ම් එකකට මරු දුෂ්ටයෙක් නෙවේද?? හිතුමතේ ජිවිතේ කතාව කියන්නෙ සිරාවටම ෆිල්ම් එකකට මරු ප්ලොට් එකක් වෙන්නෙ ඒකයි!
තමන්ගේ ෆැන්ටසිය,ඇත්තම රියලිටිය කියලා හිතන ලෝක ප්රසිද්ධ ෆිල්ම් ගොඩක් තියෙනවා...එහෙව් එකෙ මේ ෆිල්ම් එක මේ විදියට පට්ටම ප්රඩක්ෂන් එකක් එක්ක,පට්ටම ප්රබල ස්ක්රිප්ට් එකක් එක්ක හොඳ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කරොත් ලංකාවෙනුත් හොඳම psychological thriller එකක් ලෝක සිනමාවට දායද වෙයි.
(2020.02.18)

Comments

Popular Posts