පිටරට ෆිල්ම් වල

කොල්ලා කෙල්ල ලඟ දණගහලා
"ඔයා මාව බඳිනවාද?"
කියලා ඇහුවාම කෙල්ල කෑගහලා සතුටට අඬලා කොල්ලව බදන් කිස් එකක් දීලා ඔව් කියනවා,මට හැමදාම ඕන උනේ ඔයා විතරයි කියනවා...මුද්ද දාගන්නවා දිග කිස් එකක් දෙනවා.
ඕවා බලලා අපි ඕහොම කෙල්ලට ප්රපෝස් කරොත්, ඒකී
"මොකක් තමුසෙ මෙච්චරකල් මාත් එක්ක යාලු වෙලා හිටියේ බඳින්න හිතං නෙවේද ගෙරිබල්ලෝ,මට පොල් ඉඩමක් තියෙනවා කිව්ව නිසාද තොට බඳින්න ඕනෙ උනේ.අනේ ඒක කිව්වෙ නැත්නම් තමුසේ මාව අනාත කරලා යන්නද හිටියේ කියනවා...අම්මපා එහෙම කරානම් තෝවත් මරාගෙන මාත් මැරෙනවා ...තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි.කරුමෙට මමත් රැවටුනානෙ තමුසෙට..ඔක්කොම දමලා ගහලා මම යනවා යන්න ඔලුව හැරෙන අතක.හැමදාම කරන්නෙ මගේ ලේ පුච්චන එක.මම ඒ ඔක්කොම ඉවසුවා ඒත් මෙච්චරකල් මාව රවට්ටලා කියල දැනගත්තේ අද...තමුසෙට මම හොඳින් ඉන්න දෙන්නෙ නෑ පාහරයා...බලාගමුකො..."
වගේ එකක් කියලා අඬලා කුඩෙ කැඩෙනකන් ගහලා අඬ අඬ ගෙදර යයි නේද?
සමහර විට වට්සැප් බ්ලොකුත් කරලා...ඩිප්රෙශන් ගැන හැල්ලක් බුකියේ ශෙයාර් කරලා කවිලියන අයියලැ කමෙන්ට් ගොඩක් අරං අපිට රිද්දන්න ට්රයි කරයිනෙ
(මොනා උනත් කෙල්ලො කුඩවලින් ගහද්දි නන පාරවල් රිදෙන්න වදිනවා.)

Comments

Popular Posts